- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editorial
හෙට (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං…
කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා හි රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූමිකම්පාවක් අද (8) ඇති වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. භූමිකම්පාවත් සමග ගොඩනැගිලි සෙලවී සයිරන් නාද වී ඇති අතර, ඒ හේතුවෙන් ජනතාව ආරක්ෂාව පතා වීථිවලට පැමිණ ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ. ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) නිවේදනය කර ඇත්තේ එය රික්ටර් මාපකයේ 6.5ක අගයක් ගෙන ඇති බවයි. එහි අපිකේන්ද්‍රය කිලෝමීටර 10ක් (සැතපුම් 6.21) ගැඹුරින් ඇතිව තිබෙන බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම්දෙයි.
පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ හෙට (08) දින සිට මෙම විශේෂ රථවාහන සැලස්ම ක්‍රියාත්මක වන බවය. ඒ අනුව අනුරාධපුර පූජා භූමිය සහ මිහින්තලය පූජා භූමිය තුල පහත සඳහන් ස්ථානවල රථගාල් ස්ථාපිත කර ඇති අතර ඒවායෙහි සිය රථවාහන නවතා තැබීම් සිදුකරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ. *අනුරාධපුරය පූජා භූමිය තුල රථ ගාල් 21ක් 01. රුවන්වැලි සෑය රථ ගාල02. රුවන්වැලි සෑය ප්‍රභූ රථ ගාල03. මිරිසවැටිය රථ ගාල04. වට වන්දනා රථ ගාල05. ඉසුරුමුණිය පාසල් රථ ගාල06. ථූපාරාම සුසාන භූමිය…
රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වු සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය අද පෙරවරු 6ට ආරම්භ කර ඇත. එහි සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වනු ඇති බවය.
යුද හමුදා සේවයේ සක්‍රීයව රාජකාරී කිරීමේන් අනතුරුව නීත්‍යානුකුලව ඉවත් වු වයස අවුරුදු 45ට අඩු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීම වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ, එම පිරිස වසර 05ක කාලයක් සඳහා බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද දිනයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මත්ද්‍රව්‍යය භාවිතයට නැඹුරුවීමේ අවධානම් කලාපයේ සිටින ළමුන් 7,880ක් පමණ දැනට හඳුනාගෙන ඇති බවය.
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායිහී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළා ය. ඒ අනුව සැකකරුවන් වෙන් වෙන්ව රුපියල් මිලියන එක බැඟින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරියේ ය. සැකකරුවන්ට ඇප නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍ර අධිකරණයය භාර දෙන ලෙස නියෝග කළා ය. කෙහෙල්බද්දර පත්මේ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ විදේශ ගමන් බලපත්‍රය ඔහු භෞතිකව පෙනී නොසිටි තත්ත්වයක් හමුවේ සැකකරුවන් විසින් එම විදේශ ගමන් බලපත්‍රය…
ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අහිටුවා තිබේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසදුම් ඉල්ලා එම සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමේ සූදානමකින් සිටියේය. කෙසේ නමුත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමානාධිකාරීවරයා සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් ලැබීම හේතුවෙන් සැලසුම්කර තිබූ තීරණය ක්‍රියාක්මක නොකිරීමට තීරණය කර ඇත.
යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අද (6) අධි චෝදනා භාර දී තිබේ. චන්ද්‍රාණි බණ්ඩාර අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියදී නිත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය නොකර එච්. එම්. චන්ද්‍රවංශ නමැති අයෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත්කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් ඇයට අධිචෝදනා භාරදීම සිදුවිය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍යවරියට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකිරීම සිදුකර ඇත්තේ අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද යටතේය. ඒ අනුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම…
කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL 306 දරන ශ්‍රීලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ මෙඩාන් ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට කටයුතු කර තිබුණි. එහිදී ඉන්දුනීසියානු තාක්ෂණික කණ්ඩායමක් මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ දෝෂය නිවැරදි කිරීම සඳහා කාලයක් ගතවෙන බවට දැනුම්දීමත් සමග ගුවන් මගීන් එතෙක් හෝටල් කාමර තුළ රැඳවීමට මෙරට ශ්‍රීලංකන් බලධාරීන් තීරණය කර තිබේ. කෙසේවෙතත් ගුවන් මගීන් හෝටල් කාමර තුළ රැඳවීමට ඉන්දුනීසියානු බලධාරීන් අවස්ථාව ලබානොදීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් මතුවී තිබූ අතර පසුව එරට ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් අදාළ ගැටලුව විසඳාගැනීමට කටයුතු කර තිබූ බවද වාර්තා විය. මේ අතර කාර්මික දෝෂයකට ලක්වූ ශ්‍රීලංකන් ගුවන්යානය පරීක්ෂා…
දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත කරුණාතිලක මහතා ඉවත් වී ඇත. අද (6) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා මේ බව පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය. ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා වෙනුවට නීතිඥ රවුෆ් හකීම් මහතා පත්කළ බව කථානායකවරයා දන්වා සිටියේය. ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබුණි. මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය කටයුතු කරන අතර, අනෙක් සාමාජිකයා වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය…