- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editorial
අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හිටුවමින් දී තිබෙන නියෝගය ඉවත් කරන ලෙස ඒ මහතාගේ නීතිඥවරු කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව කොළඹ මහාධිකරණය විසින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සහ ඔහුගේ පවුලේ අයට අයත් බැංකු ගිණුම් සහ රක්ෂණ ගිවිසුම් කිහිපයක් අත්හිටුවමින් ඉකුත්දා කොළඹ මහාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි. එහෙත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්‍රාම වැටුප මෙන්ම ඔහුගේ නිවස ගිනිගැනීමෙන් ඇතිව හානිය වෙනුවෙන් ලැබුණු රුපියල් ලක්ෂ 959කට අධික වන්දි මුදල…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවනු ලැබු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) දිනයේ යළි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අද පස්වරු 2.00ට මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් තීන්දුව ප්‍රකාශ කිරිමට නියමිත බව වාර්තා වේ. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඊයේ (19) දිනයේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි. ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. අදාළ නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන්…
ලෝකයේ කැතම සත්ත්වයා ලෙස හැඳින්‍වෙන බ්ලොබ්ෆිෂ් “blobfish”නවසීලන්ත පාරිසරික කණ්ඩායමක් විසින් නවසීලන්තයේ වසරේ මාළුවා ලෙස නම් කර තිබේ. එම පාරිසරික කණ්ඩාය විසින් නවසීලන්තයේ මිරිදිය සහ සාගර ජීවීන් පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම අරමුණු කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන වැටසහනකට දී මෙම නම් කිරීම සිදුකර ඇත. බ්ලොබ්ෆිෂ් සාගර පතුලේ ජීවත් වන අතර ඇටසැකිල්ලක් සහ කොරපොතු වෙනුවට, මෘදු ශරීරයක් සහ දුර්වල සමක් සහිත සත්ත්වයෙකු බව සඳහන් වේ. මෙම මාළුවා මුහුදු පතුලේ ජීවත් වන අතර දිග අඟල් 12 (සෙ.මී. 30) ක් පමණ වේ. ඔවුන් ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් දක්නට ලැබෙන අතර, අඩි 2,000-4,000 (මීටර් 600-1,200) ගැඹුරක ජීවත් වේ. බ්ලොබ්ෆිෂ් මොලුස්කාවන්ට අමතරව, කකුළුවන් සහ පොකිරිස්සන් වැනි…
නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,500කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ නියෝගයකට අනුව නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයෙන් පලාගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය පෙබරවාරි 22 සිට ආරම්භ කෙරුණි. ඒ අනුව ඊයේ (19) දිනය දක්වා කාලය තුළ සේවයෙන් පලා ගොස් සිටි ත්‍රිවිධ හමුදා සෙබළුන් 1,604 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රිවිධ හමුදාව විසින් සිදුකළ මෙහෙයුම්වල දී 1,444 දෙනෙකු සහ පොලීසිය සිදුකළ මෙහෙයුම්වල දී 160 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. අත්අඩංගුවට ගත් පිරිස අතර යුද්ධ හමුදා සෙබළුන් 1,394 දෙනෙකු සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන්…
සියලුම රටවලින් ආනයනය කරන ලද වාහන සඳහා බියුරෝ වෙරිටාස් පරීක්ෂණ සහතිකවලට අවසර දීම ඇතුළුව බහුවිධ ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිතව ඊයේ (19) දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ආසියානු සංවර්ධන බැංකුව හා ඒකාබද්ධව සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායක මූල්‍ය කේතය (WE Finance Code) එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් මාර්තු 18 දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා ය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “ආර්ථිකයට දායක වන පුරුෂ පාර්ශවයේ ක්‍රියාකාරී ප්‍රතිශතය ගෝලීය වශයෙන් 72%ක්, දේශීය වශයෙන් ගත්තත් 71% ක් වෙනවා. නමුත් ඊට සාපේක්ෂව කාන්තා සහභාගිත්වය ප්‍රතිශතය ලෙස පිළිවලින් 47% සහ 32% ක්, ශ්‍රම බලකා සහභාගිත්වයට ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ විෂමතාව දැඩි ලෙස බලපෑම් ඇතිකර…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර…
ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදින් (20) අවසන් වේ. අද මධ්‍යහ්න 12.00න් පසුව නාමයෝජනා භාරගැනීම් සිදුනොකෙරෙන බව මැතිවරණ කොමිසම පැවසුවේය. පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු පසුගිය 17 වැනිදා සිට ආරම්භ කෙරුණි. නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පළාත් පාලන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ද ඊයේ (19) දිනයෙන් අවසන් කෙරුණි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ ජනතාව අපේක්ෂා කළ වෙනස ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ලබාදීමට සර්වජන බලය පක්ෂය සූදානම් බවය. පළාත් පාලන මැතිවරණය සඳහා සිය පක්ෂයෙන් දක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක…
‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය නොකඩවා ලබාදෙමින් පාසල් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට අදාලව දිවයිනපුරා තෝරාගත් පාසල් වෙත මේ වනවිට ආරක්ෂක සේනා මූලස්ථාන අධීක්ෂණය යටතේ 14500කට අධික යුද්ධ හමුදා භට පිරිසක් යොමුකර ඇත. යුද්ධ හමුදා භට පිරිස්හි තාක්ෂණික සහාය හා ශ්‍රම දායකත්වයෙන් පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ වූ 2025 පෙබරවාරි මස 20 දින සිට 2025 මාර්තු 17 වන දින දක්වා පාසල් 496ක ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කොට අවසන් කරන ලදි. තවද මේ යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍යව තිබූ පාසල් ගොඩනැගිලි 300කට ආසන්න ප්‍රමාණයක වහල අලුත්වැඩියා කිරීම, තීන්ත ආලේප කර පිලිසකර කිරීම හා පාසල් තුළ විනාශ වී තිබු…
රාජ්‍ය ව්‍යවසායයන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විට සකසා ඇති බවත් දැන් අවශ්‍යව ඇත්තේ ඒ වෙනුවෙන් රජයේ පාර්ශවයෙන් ක්‍රියාත්මක වීම බවත් කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා පවසයි. ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා, “රාජ්‍ය ව්‍යවසායයන් ලැයිස්තුගත කිරීම සඳහා වෙනම පුවරුවක් අපි හඳුන්වා දීලා තිබෙනවා. රාජ්‍ය බැංකු, තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ඕනෑම රාජ්‍ය ව්‍යවසායයක් ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය රාමුව මේ වන විට සකසලා තියෙනවා. සමහරක් සමාගම් මූල්‍ය වාර්තා සැකසීමේ දී හා…