ලෝකයේ කැතම සත්ත්වයා ලෙස හැඳින්‍වෙන බ්ලොබ්ෆිෂ් “blobfish”නවසීලන්ත පාරිසරික කණ්ඩායමක් විසින් නවසීලන්තයේ වසරේ මාළුවා ලෙස නම් කර තිබේ.
එම පාරිසරික කණ්ඩාය විසින් නවසීලන්තයේ මිරිදිය සහ සාගර ජීවීන් පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම අරමුණු කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන වැටසහනකට දී මෙම නම් කිරීම සිදුකර ඇත.
බ්ලොබ්ෆිෂ් සාගර පතුලේ ජීවත් වන අතර ඇටසැකිල්ලක් සහ කොරපොතු වෙනුවට, මෘදු ශරීරයක් සහ දුර්වල සමක් සහිත සත්ත්වයෙකු බව සඳහන් වේ.
මෙම මාළුවා මුහුදු පතුලේ ජීවත් වන අතර දිග අඟල් 12 (සෙ.මී. 30) ක් පමණ වේ.
ඔවුන් ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් දක්නට ලැබෙන අතර, අඩි 2,000-4,000 (මීටර් 600-1,200) ගැඹුරක ජීවත් වේ.
බ්ලොබ්ෆිෂ් මොලුස්කාවන්ට අමතරව, කකුළුවන් සහ පොකිරිස්සන් වැනි කස්ටේෂියන් මෙන්ම මුහුදු ඉකිරියන් ද අනුභව කරයි.
මත්ස්‍යයා සිය ගොඳුර එන තුරු ඉතාව ඉවසිලිවන්තව මුඛය විවෘත්ත කරගෙන සිටින බවද සඳහන් වේ.
මෙම විශේෂයට අවුරුදු 130ක් දක්වා ජීවත් විය හැකි බව විශ්වාස කරන අතර සෙමින් වර්ධනය වන බවත් සෙමින් චලනය වන බවත් පර්යේක්ෂකයින් පවසයි.
ගැහැණු සතුන් තනි කූඩුවක බිත්තර 100,000ක් දක්වා දදන අතර, ඔවුන් පැටවුන් බිහි වන තෙක් ඒවා ආරක්ෂා කරයි.
දශකයකට පෙර නවසීලන්ත පර්යේෂණ නෞකාවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කලාතුරකින් දක්නට ලැබෙන සත්වයාගේ ඡායාරූපයක් ගැනීමෙන් පසු මාළුවා ප්‍රසිද්ධියට පත් වූ සඳහන් වේ.