Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, June 16
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ජාතික ආර්ථිකයට කාන්තා සහභාගීත්වය වැඩිකර ගැනීම දැඩි අවශ්‍යතාවක් – අගමැති
News 3 Views

ජාතික ආර්ථිකයට කාන්තා සහභාගීත්වය වැඩිකර ගැනීම දැඩි අවශ්‍යතාවක් – අගමැති

Buzzer EditorialBy Buzzer EditorialMarch 20, 2025No Comments3 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 

මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ආසියානු සංවර්ධන බැංකුව හා ඒකාබද්ධව සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායක මූල්‍ය කේතය (WE Finance Code) එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් මාර්තු 18 දින කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා ය.

මෙහිදී  වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 

“ආර්ථිකයට දායක වන පුරුෂ පාර්ශවයේ  ක්‍රියාකාරී ප්‍රතිශතය ගෝලීය වශයෙන් 72%ක්,  දේශීය වශයෙන් ගත්තත්  71% ක් වෙනවා. නමුත් ඊට සාපේක්ෂව කාන්තා සහභාගිත්වය ප්‍රතිශතය ලෙස පිළිවලින් 47%  සහ 32% ක්, ශ්‍රම බලකා සහභාගිත්වයට ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ විෂමතාව දැඩි ලෙස බලපෑම් ඇතිකර තිබෙන බව මෙමගින් පැහැදිලි වෙනවා. 

කාන්තාවන්ට  ව්‍යවසායිකාවන් ලෙස නැගී සිටින්න බාධාවක් වන මූල්‍ය ප්‍රවේශය, වෙළඳපල, ශ්‍රම පුහුණු සහ තාක්ෂණික වශයෙන් පවතින ව්‍යුහාත්මක අවහිරතා ඉවත් කිරීම ඉතාම වැදගත්. “

පොදු ප්‍රවාහනය තුලත්,  සේවා ස්ථාන තුලත් පවතින අනාරක්ෂිත බව නිසා පමණක් නොව සමාජ-සංස්කෘතික සම්මතයන් මගින් බිහිකරගත් ගෘහස්ථ වගකීම් සමූහයක් කාන්තාව මත පැටවීම හේතුවෙන්  ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට අමතර අභියෝගවලට මුහුණ දීමට සිදු වී තිබේ.

ගෝලීය වශයෙන් විධිමත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර  (MSME) වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.2 ක් වගේම අවිධිමත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩොලර් ට්‍රිලියන 2.9 ක ගෝලීය මුල්‍ය පරතරක් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සඳහන් කර තිබේ. 

ක්ෂුද්‍ර ,කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර  සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ මූල්‍ය පරතරය ඇමරිකානු ඩොලර් බිලියන 17 ක් පමණ වෙනවා.  එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන්  21% ක්, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර,කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසමාන්‍ය ලෙස බලපෑමට ලක් වීම මේ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.  

කාන්තා ව්‍යවසායකයින් සඳහා වන මූල්‍ය පරතරය ඉවත් කිරීම මඟින් ගෝලීය ආර්ථික වටිනාකමට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5-6ක අමතර ආර්ථික වර්ධනයක්  ලබා ගැනීමට හැකි වෙනවා. 

නායකත්වය, ක්‍රියාකාරීත්වය සහ දත්ත පදනම් කරගත් ප්‍රවේශයන් තුළින් ව්‍යවසායිකාවන් සඳහා ආර්ථික සංවර්ධනයට දායක වීම  ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ගෝලීයව ක්‍රියාත්මක වන  කාන්තා ව්‍යවසායකයින්ගේ මූල්‍ය ඉලක්කය පිළිබඳව ද අග්‍රාමත්‍යවරිය මෙහි දී සඳහන් කළා ය.  

ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහයෝගය  ඇතිව මෙය  ක්‍රියාවට නංවන පළමු රටවල් 24 අතරට ශ්‍රී ලංකාව ද ඇතුලත් වන අතර  2024 අගෝස්තු මාසයේදී කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යවසායන් සඳහා ජාතික අර්ථකථන දැක්වීම සාර්ථක ලෙස සකස් කිරීමට හැකි වූ බවද අග්‍රාමාත්‍යවරිය මෙහි දී පැවසුවාය. 

එමඟින් දත්ත රැස් කිරීම සහ වාර්තා කිරීම වැඩිදියුණු කර වඩාත් ඵලදායි ප්‍රතිපත්ති සම්පාදනයකට මඟ පාදන බවත්,   COVID-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ, මූල්‍ය ආධාර සහ ප්‍රතිපත්ති උපදෙස් ඇතුලුව, ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදුන් සහයෝගය අගය කරන බවත් පැවසූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,  කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීම වෙනුවෙන් සහ  ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර  සංවර්ධනය වෙනුවෙන් සහය දැක්වීමට  ජාතික සන්ධානයක් පිහිටුවීමට රජයේ සහය  ලබා දෙන බවද මෙහි දී  අවධාරණය කළා ය. 

මෙම අවස්ථාව සඳහා  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ බැංකු නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

featured Financial News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅදත් ප්‍රදේශ කිහිපයකට සවස 2න් පසු තද වැසි
Next Article වාහන ආනයනයේදී ඇති නීතිරීති වෙනස් වෙයි
Buzzer Editorial

Related Posts

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 16, 20261 Views

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

By Buzzer EditorialJune 16, 202601 Views

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස…

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.