Author: Buzzer Editorial

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ පුද්ගලයන් අයථා ලෙස ඉපැයූ බව කියන මුදල් යොදවා අදාළ දේපොළ මිලදීගෙන ඇති බවට ලද පැමිණිලිවලට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත. ඒ අනුව නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිසකුට්ටි ආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හා…

Read More

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ‘අද දෙරණ’ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඊයේ (19) දිනයේ පමණක් සිව්දෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සැලසූ අතර ඊශ්‍රායලයේ නිවාඩු දින වන අද (20) සහ හෙට (21) තානාපති කාර්යාලය විවෘතව පවතින බවය. “ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්න අය අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ. යුද්ධය ආරම්භ වූ ජූනි 14 වන දා සිට යම් අයෙකුගේ වීසා කාලය කල් ඉකුත් වෙලා තියෙනවා නම් ඔවුන්ට නැවතත් ජාත්‍යන්තර ගුවන්ගමන් ආරම්භ කළ විට ගුවන් සමාගම්වලට දැනුම්දෙන බව දැනුම්දීලා තියෙනවා අපිට. ඒ නිසා වීසා…

Read More

රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ ‘ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්’ ද්‍රාවණවල තිබී ඇත්තේ මිනිස් ශරීරයට අහිතකර බරපතළ ගණයේ බැක්ටිරියා සහ ලුණු බව ජර්මනියේ රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අද (19) අධිකරණය හමුවේ අනාවරණ කළාය. ඒ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් රැසක් සැකකරුවන් බවට පත්වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ නඩුව අද අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය. අදාළ විමර්ශන අවසන් කළ බව නීතිපතිවරයා අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි. මේ පිළිබඳ වැඩිවිස්තර වීඩියෝවෙන් නරඹන්න

Read More

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවට මේ වනතෙක් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම මේ වසරේ ගතවූ මාස 6 තුළ නවකවධ සිද්ධි 30කට අධික සංඛ්‍යාවක් නවකවධ පැමිණිලි විමර්ශන අංශයට වාර්තාවී තිබේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි චරිත් දිල්ශාන් නම් සිසුවා පසුගිය අප්‍රේල් මස 29 වනදා ලිපියක් ලියා සියදිවි නසාගෙන තිබුණි. අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශය මගින් ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අදාළ සිදුවීම පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින්…

Read More

පෘථිවියේ වලාකුළු ආවරණය ශීඝ්‍රයෙන් අඩුවීම ගෝලීය උණුසුම වැඩි කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි. පෘථිවියේ වලාකුළු ආවරණය සීඝ්‍රයෙන් හැකිලෙමින් පවතින අතර, එය ගෝලීය උණුසුම තීව්‍ර කරමින් සහ ලොව පුරා වාර්තාගත උෂ්ණත්වයන්ට දායක වන බව ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් ද සම්බන්ධ වූ ජාත්‍යන්තර අධ්‍යයනයකින් හෙළි වී තිබේ. අවුරුදු 24ක චන්ද්‍රිකා දත්ත මත පදනම් වූ මෙම අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ, ලෝකයේ කුණාටු වලාකුළු කලාපවලින් සියයට 1.5 සිට 3 දක්වා ප්‍රමාණයක් සෑම දශකයකදීම හැකිලී ඇති බවයි. මෙය දේශගුණික විපර්යාසයන් විසින් මෙහෙයවනු ලබන ප්‍රවණතාවක් බව, විතැන් වන සුළං සහ පුළුල් වන නිවර්තන කලාප කුණාටු පද්ධති ධ්‍රැව දෙසට තල්ලු කිරීම හේතුවෙන් සිදුවන බව මෙල්බර්න්හි මොනාෂ් විශ්වවිද්‍යාලයේ 21 වැනි…

Read More

ඉදිරි සතිය ඉරානයට ඉතාමත් තීරණාත්මක වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, ඊශ්‍රායලය ඉරානය වෙත එල්ල කරමින් සිටි ප්‍රහාරවලට දායකවීමට අමෙරිකාව ද සූදානම් බවට වාර්තා වන පසුබිමකය. පසුගිය සිකුරාදා ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ලකරමින් ආරම්භ කළ යුද ගැටුම මේ වනවිට වඩාත් පුළුල් යුද්ධයක් කරා දික්ගැස්සෙමින් පවතී. ඉරානය, කොන්දේසි විරහිතව යටත් විය යුතු බවට පසුගියදා අවධාරණය කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පැවසුවේ, තමන් ඊශ්‍රායලය, ඉරානය වෙත එල්ල කරන ප්‍රහාරවලට සම්බන්ධවීමේ ඉඩකඩක් පවතින බවය. අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ ඉරාන ජනතාව කිසිදු දිනෙක යටත් නොවන බවටත්, ඊශ්‍රායල ප්‍රහාරවලට අමෙරිකාව සම්බන්ධ වුවහොත් ‘ආපසු හැරවිය නොහැකි හානියක්’ විය හැකි බවටත් ඉරාන ආධ්‍යාත්මික නායක…

Read More

උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබේ. ප්‍රවාහනය අමාත්‍යාංශයේ මැදිහත් වීම මත දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැය 3ක පමණ කාලයක් පුරා පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම්, කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පැවසීය. මෙහිදී ඇතැම් කරුණු සඳහා අද දිනය තුළම විසඳුම් හිමිවූ බව ද පැවසු ඒ මහතා, අනෙකුත් කරුණු සඳහා සති දෙකක කාලයක් ලබාදුන් බව ද කියා සිටියේය. ඒ අනුව මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ සිතා ඇතැම් කරුණු සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන්ට තම සංගමය විසින් ද සති දෙකක කාලයක් ලබාදීමට…

Read More

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. මේ අතර මහාධිකරණ විනිසුරු, දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ යන මහත්වරු නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Read More

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. මේ අතර ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි. ඒ්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැරීමට නියෝග කිරීමෙන් පසුවය.

Read More

ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව තිබේ. එලෙස තුවාල ලබා ඇත්තේ, ඉරෝශිකා චතුරංගනී නම් කාන්තාවක් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ පිළිබඳ සඳහන් කර ඇත. ඇයට ප්‍රතිකාර ලබාදෙන අතර ඒ පිළිබඳ සොයා බැලීමට තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ඉක්මනින් පිටත් කර හැරීමට කටයුතු කළ බව ද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read More