- ජනපති ලබන මස ජර්මනියේ සංචාරයක
- දුමින්ද දිසානායක අත්අඩංගුවට
- Committee appointed to probe Dayasiri’s behaviour in Parliament
- කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
- මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ 8ක් අත්අඩංගුවට
- අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඩිජිටල්කරණය ගැන වැඩමුළුවක්
- අපේ අනුදි අවසන් 20 අතරට
- ශ්‍රී ලංකාවේ මීළඟ පියවර ගැන IMF මතක් කරයි
Author: Buzzer Editorial
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම එරඹුගොඩැල්ල සහ කප්පලඩි වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2024 අගෝස්තු මස 31 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය හතලිස් පහක (345) තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් 2024 අගෝස්තු මස 31 වන දින පුත්තලම එරඹුගොඩැල්ල වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමකදී, වෙරළ දෙසට පාවෙමින් තිබූ උර හතරක (04) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්සිය හැට නවයක (169) තොගයක් (තෙත බර සහිත) සහ කප්පලඩි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුමකදී වෙරළ දෙසට පාවෙමින් තිබූ උර පහක (05) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්සිය හැත්තෑ හයක (176) තොගයක් (තෙත බර සහිත) ඇතුළුව බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්සිය හතලිස් පහක (345) ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (01) පැවැත්වීමට වීමට නියමිතව තිබේ. තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 08ක් අතැතිව තවත් ලකුණු 430ක් ලබා ගත යුතු වෙයි. එංගලන්තය සිය දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 483කි. එංගලන්තය සිය පළමු ඉනිම සදහා ලකුණු 427ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 196කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් විය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා මාස දෙකක පොදු සමා කාලයක් ලබාදී තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ හෙට (01) සිට ඔක්තෝබර් මස 31 වනදා දක්වා එම පොදු සමා කාලය ප්‍රකාශයට පත්කර ඇති බවය. එරට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ, රේගු හා වරාය ආරක්ෂණය සදහා වන අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට සහ වලංගු විසා නොමැතිව සිටින පුද්ගලයින්ට මෙම පොදු සමා කාලය තුළ කිසිඳු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැරවීමට හෝ අදාළ විසා ඇතුලු ලියකියවිලි නීත්‍යානුකුලව සකසා…
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. අදාළ නිවේදනය පහතින් දැක්වෙයි.
ඊලොන් මස්ක් ට අයත් එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. එක්ස් සමාජ මාධ්‍ය ජාල ගිණුම් හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට චෝදනා කරමින් බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය X සමාගමට නියෝග කළේ බ්‍රසීලයට නව නීතිමය නියෝජිතවරයෙකු පත්කරන ලෙසටය. කෙසේ වුවද එම නියෝගය නියමිත කාලසීමාව තුළ සපුරාලීමට එක්ස් සමාගම අපොහොසත් වීමෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන තිබේ.
ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ. එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ පසුගිය ජූලි 31 වැනිදා සිට ඊයේ (30) දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1592 දක්වා ඉහළ ගොස් ඇති බවය. ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 1526කි. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 08ක් සහ වෙනත් පැමිණිලි 58ක් ද වාර්තා වූ බව මැතිවරණ කොමිසම එම නිවේදනයේ සඳහන් කර තිබේ.
*දූෂිතයන්ට දඬුවම් කිරීම*රණවිරුවන් සුරැකීම*පාස්කු වින්දිතයන්ට යුක්තිය*ආර්ථික පරාධීනත්වය පිටුදැකීම*රාජ්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීම *කුල පීඩා අහෝසි කිරීම*සමාජ කුමන්ත‍්‍රණ පැරදවීම සර්වජන බලය ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත කිරීමේ උත්සවය, ව්‍යවසායක සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝටලයකදී අද (31) පෙරවරුවේ පැවැත්විණි. මෙහිදී සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් ඩිජිටල් සන්නස මත දෑත තැබීමෙන් පසු උපාය මාර්ගික සැලැස්ම ජනගත කෙරුණි. ජනතා අදහස් මතින් පණ පෙවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම වන මෙහි තේමාව වන්නේ, “එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” සර්වජන අදිටන් සම්මුතිය ලෙසය. පිටු 66කින් සමන්විත මෙම උපාය මාර්ගික සැලසුම තුළින් ජාතික පුමුඛතා ලෙස අත්‍යාවශ්‍ය නිවැරදි කිරීම් ක්ෂේත්‍ර අටක්…
ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාට ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට ඉල්ලා සිටිමේ යෝජනාවක් අද (31) සම්මත වී තිබේ. මෙම ඒකමති යෝජනාව සම්මත වූයේ අද රැස්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ මණ්ඩල රැස්වීමේදීය. එම රැස්වීමේදී තීරණය වී ඇත්තේ නීතිඥ සංගමයේ සභාපති ධුරයේ වැඩ බැලීම සඳහා එහි උප සභාපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත් කිරීමටයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය පත් කරන ලද විශේෂ කමිටුවක් විසින් ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතරවු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් නිකුත් කළේ ය. එම වාර්තාවෙන් අනාවරණය වූයේ ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා අදාළ ගනුදෙනුවලදී විනිවිධභාවයකින් කටයුතු කර නොමැති බවයි. එම ගනුදෙනුවලදී කොන්ත්‍රාත්…
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (30 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196 කට දැවී ගියේය. ලකුණු 231 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්තය දිනය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 25 ක් ලබා සිටියේය. ඒ අනුව එංගලන්තය තවත් කඩුලු 9 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 256 ක් ඉදිරියෙන් සිටි අතර දෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට ආරම්භක පිතිකරු බෙන් ඩකට් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 15 ක්ද, නායක ඔලී පෝප් නොදැවී ලකුණු 2 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. එංගලන්ත දෙවැනි ඉනිමේ…