Author: Buzzer Editorial

හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි. හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායක හැර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා තිබූ සියලුම පොලිස් නිලධාරීන් ව නැවත කැඳවීමට පියවර ගෙන ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය අඟහරුවාදා (24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීය. ඒ අනුව 2024 මහ මැතිවරණය නොවැම්බර් 14 වනදා පැවැත්වෙයි.

Read More

ජනාධිපති මන්දිරය අසල පිහිටි ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ මීට පෙර මෙම මාර්ග භාවිත කිරීමට අවසර ලබාදී තිබුණේ බලයලත් වාහනවලට පමණක් බවයි.

Read More

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසන්නීය. ඇය මේ බව ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමග ඊයේ (26) පැවති සාකච්ඡාවේදීයි. පිට වූ ප්‍රශ්න පිලිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය. දේශපාලකයින් පාසල් උත්සවවලට ගෙන්වීම වහාම නතර කරන්න ලෙසටයි, හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි. “පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරිම වත්මන් රජයේ පුමුඛ අරමුණක්. අපේ රජය යටතේ අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට අපි තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය සහ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ…

Read More

ලබන වසරේ පෙබරවාරි දක්වා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයේ සිරවී සිටීමට සිදුවී ඇති නාසා ආයතනයේ ගගනගාමීන් වන සුනිතා විලියම්ස් සහ බච් විල්මෝර් අමෙරිකාවේ එළැඹෙන ජනාධිපතිවරණයේදී එහි සිට සිය ඡන්දය භාවිත කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෘථිවියේ සිට කිලෝමීටර් 250ක් උඩුගුවනේ සිටිය ද ඔවුන්ට සිය ඡන්දය භාවිත කිරීමට නාසා ආයතනයෙන් අවසර ලැබෙනු ඇතැයි වාර්තා වේ. අභ්‍යවකාශයේ සිට ඡන්දය භාවිත කිරීමේ වරප්‍රසාදය නාසා ආයතනය 1997 සිට ක්‍රියාත්මක කරන දිගුකාලීන ක්‍රමවේදයක් බව ද වාර්තා වේ. මීට පෙර 1997 දී අමෙරිකාවේ ගගනගාමී ඩේවිඩ් වුල්ෆ් අභ්‍යවකාශයේ සිට ඡන්දය භාවිත කළ පළමු ගගනගාමියා ලෙස ඉතිහාසයට එක්වූ අතර, පසුව 2020 දී ගගනගාමි කේට් රුබින්ස් අභ්‍යවකාශයේ සිට…

Read More

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වූ බව කී අමාත්‍යවරයා විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා ලබා ගැනීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බව පැවසීය.ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අධිකරණ තීන්දුව අනුව ගෙවී ගිය පැය 24ක කාලයේ පැරණි ක්‍රමවේදය අනුවම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.ඒ අනුව විදේශිකයන්ට ඉතා පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීමට හැකි බවද අමාත්‍යවරයා කීය.

Read More

සංචාරක නවසීලන්ත පිල සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව මුල් ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා සිටියදී ඊයේ පළමු දිනය නිමාවට පත් විය. නායකත්වයට පත්වීමෙන් අනතුරුව පිට පිට 6 වැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ධනංජය ද සිල්වා ගාලු තණතිල්ල පිතිකරුවන්ට වාසිදායක බව සිතා පළමුව පන්දුවට පහරදීමට ගත් තීරණය සාධාරණීකරණය කරමින් ශ්‍රී ලංකා ඉනිමට දිනේෂ් චන්දමාල් ශතකයක් හා ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස් අර්ධ ශතක එක් කළහ. කමිඳු මෙන්ඩිස් මේ දක්වා සහභාගි වූ පළමු ටෙස්ට් තරග 8කදී ලකුණු 50ට වැඩියෙන් ලබා ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතට නව ලෝක වාර්තාවක් එක් කිරීම ඊයේ දිනයේ සුවිශේෂී සිදුවීම විය. පාකිස්තාන ක්‍රීඩක සවුද් ෂකීල් 2022දී…

Read More

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබේ. සිය X ගිණුමේ ඔහු එම පණිවුඩය සටහන් කර තිබේ. එහි දැක්වෙන්නේ, “ශ්‍රී ලංකා වාසීන් විසින් ඔබව ඔවුන්ගේ ජනාධිපතිවරයා ලෙස නිදහස්, සාධාරණ සහ සාමකාමී මැතිවරණයකින් තෝරාගෙන තිබේ.” “ඔවුන් ඉන් අභිමානයට පත්වන බව නොඅනුමානය.” “ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සඳහා ඔබ සමග කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සිය X පණිවුඩයේ සඳහන් කර තිබේ.

Read More

ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් ශ්‍රී ලාංකිකයින් නව යුගයකට එළැඹ ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ මහජන චීනය පිහිටුවීමේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් වූ ඊයේ (25) පස්වරුවේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති උත්සවයක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ චීනයේ සහාය තවදුරටත් ශ්‍රී ලංකාවට හිමිවන බවය. මෙම උත්සවය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට, මෙරට චීන තානාපති, චී ෂෙන්හොන්ග්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ව්‍යවසායක දිලිත් ජයවීර යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්…

Read More

සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද (26) පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී කමිඳු මෙන්ඩිස් නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ ටෙස්ට් තරග අටකදී අඛණ්ඩව ලකුණු 50ට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා බවට පත්වෙමිනි. තවද, මෙම වාර්තාව ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත් වීමටද අද දිනයේ ඔහු සමත්විය. සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 306ක් රැස් කර ගැනීමට සමත් වුණි. ඒ කඩුළු 03ක් දැවී තිබියදී ය. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ…

Read More

ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් රට තුළ පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කර තිබේ. ඒ, අදාළ නිලධාරීන් සමග අද (26) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ය. ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන් දැනුවත් කර ඇත. වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ. විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් 800 සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා විදුලිබල අමාත්‍යාංශය මගින් සකස් කරන…

Read More