- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Author: Buzzer Editorial
2007 වසරේ දෙසැම්බර් මස 01 වනදා සහ එම මස 26 වනදා අතර කාලසීමාව තුළ අම්පාරේදී ජී. පුංචි නෝනා නමැති කාන්තාවකගේ පුත්‍රයාට ලංකා විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදීම සඳහා රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විත්තිකාර අභියාචක ශාන්ත ප්‍රේමරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. මෙම සිද්ධිය වූ අවස්ථාවේ විත්තිකාර අභියාචක දේශපාලන පක්ෂයක දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර ඔහු වෘත්තීයෙන් නීතිඥවරයෙකු ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කර ඇති බවත් නඩු තීන්දුවේ සඳහන් විය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2017 වසරේ නොවැම්බර් 02 වනදා සිය තීන්දුව ප්‍රකාශයට…
බදුල්ල මාරක අනතුරේ බස් රථය ධාවනය කළ රියදුරුගේ බලපත්‍රය බීමත්ව රිය පැදවීම හේතුවෙන් මාස 05කට අත්හිටුවා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඒ, ගාල්ල අක්මීමන පොලිස් වසමේ ලබුදුව ප්‍රදේශයේදී ඉකුත් අගෝස්තු 04 වනදා බීමත්ව බස් රථයක් පදවා යතුරුපැදියක් අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. එහිදී අත්අඩංගුවට පත් රියදුරා අගෝස්තු 06 වනදා ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 55,000ක දඩයක් නියම කර රියදුරු බලපත්‍රය මාස 05කට අත්හිටුවා ඇති බව අද (05) අධිකරණයේදී අනාවරණය විය. මෙම අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් අද (05) කරුණු ඉදිරිපත් කර තිබුණි. උඩුගම දාම්මල ප්‍රදේශයේ පදිංචි රියදුරු විසින් සිය…
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකගේ වැඩ තහනම් කර තිබේ. ප්‍රධාන ජේලර්වරයා සහ නියාමකවරයා විසින් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්ත සිරඳඩුවමක් විඳින සිරකරුවකු සමග අනිසි සම්බන්ධතා පවත්වා බන්ධනාගාරය වෙත රහසිගත ලෙස ජංගම දුරකථන රැගෙනවිත් බන්ධනාගාර රැඳවියන්ට ලබාදී ඇති බව සිදුකරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තමාට ලබා දී ඇති ආරක්ෂක පිරිස අඩුකිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, රවී සෙනෙවිරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිවරිය මේ බව සඳහන් කර තිබේ. අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් හේමසිරි මහතා ඔක්තෝබර් මස 31 වන දින නිකුත් කළ ලිපියෙන් 50 දෙනෙකුගෙන් යුත් තම ආරක්ෂක පිරිස 30 දක්වා අඩු කිරීමට නියම කර ඇති බවය. අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ට 243 දෙනෙකු සහ 200 දෙනෙකුගෙන් සහ 109 දෙනෙකුගෙන් යුත්…
කැනඩාවේ හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ. අදාළ ප්‍රහාරය හිතාමතා සිදුකර ඇති ප්‍රහාරයක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත. මෙවැනි ප්‍රචණ්ඩක්‍රියා මඟින් ඉන්දීය අධිෂ්ඨානය කිසිවිටෙකත් දුර්වල කිරීමට හැකියාවක් නොමැති බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. ඉන්දියාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති අතර රටවල් දෙකෙහිම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නෙරපා හැරීමට එම රටවල් පියවර ගෙන තිබුණි. එවැනි අවස්ථාවක පසුගිය ඉරිදා දිනය් කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ පිහිටි හින්දු කෝවිලකට එල්ල වූ ප්‍රහාරය සමග තවදුරටත් දෙරට අතර විරසකය උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවට අදාළ විත්ති වාචකය කැඳවීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය. ඔවුන්ට එල්ලවී තිබුණේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරි පැහැර හැරීම, මිනීමැරුම ඇතුළු චෝදනා ය. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම අභියාචනා පිළිබඳව දීර්ඝ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (04) රාත්‍රියේ මැලේසියාවේ සිට පැමිණි තායිලන්ත කාන්තාවක් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුව පැවසුවේ මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 5ක් වන බවය. මෙම කාන්තාව විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය සිය ගමන් මලුවල සඟවා තිබූ අතර එය අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් බව ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පැවසීය. මේ අතර ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලින් අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ගල්කිස්ස, මොරටුව, බොරැල්ල, දෙමටගොඩ සහ පෑලියගොඩ යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති…
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට කැඳවා තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා පැවසුවේ, ඊට අමතරව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ද, කැඳවා ඇති බවයි. අනිද්දා පැවැත්වෙන හමුවේදී මහ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව, සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. 2024 මහ මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.
මේ මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිලෙහි මිල වැඩි වෙමින් පැවතිය ද ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවය. පසුගිය මාසයේ දී ද ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවුණි. මේ අනුව 2024 නොවැම්බර් මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වෙයි. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහත දක්වා ඇත. කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690කි. කිලෝගෑස් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් වෙයි. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694කි.
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව ද එළැඹෙන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ ඇයට කළ දැනුම්දීමකට අනූව ගංගොඩවිල අධිකරණය හමුවේ අද (04) පෙනීසිටීමෙන් අනතුරුවය. එම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මිරිහාන පොලීසියට හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම් දීම් සිදුකර තිබූ බව සඳහන් ය. ඒ අනුව ඇය අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.