- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editorial
පහේ ශිෂ්‍යත්යවය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අද (04) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය. “ශිෂ්‍යත්වය දැන්ම අහෝසි කරන්න සැලසුමක් නෑ. අලුත් ප්‍රතිසංස්කරණවල බලපෑම එක්ක තමා අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් ශිෂ්‍යත්වයේ තියෙන පීඩනය අඩු කරන්න අපි යම් පියවර ගන්නවා. ඒක 2028 හෝ 2029 වෙද්දි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”
ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2025 තරගාවලිය මීට සුළු මොහොතකට පෙර තියුණු අවසාන මහා තරගයකින් පසු නිමාවට පත්විය. මෙවර අවසාන මහා තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් කණ්ඩායම් එකිනෙකා මුණ ගැසුණේ මෙතෙක් ඉතිහාසයේ තමන් වෙත හිමි නොවූ IPL කුසලානයක පහස භුක්ති විඳීමේ ඒ්කායන අපේක්ෂාවෙනි. එහිදී තියුණු තරයකින් පසු ඉතිහාසයේ පළමු වරට IPL කිරුළ පැළඳීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිල අද සමත් විය. අවසාන මහා තරගයේ කාසිය වාසිය හිමිකර ගත් පංජාබ් කිංග්ස් නායක ශ්‍රීයර්ස් අයියර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. කෙසේවෙතත් පංජාබ් නායකයාගේ තීරණයට සටන්කාමී ඉනිමකින් පිළිතුරු ලබා දීමට රෝයල් චැලෙනජර්ස් බැංගලූරු පිල මෙහිදී සමත් වූයේ…
ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබේ. ප්‍රංශයේ පැරිස් නුවර සිට ගුවන් යානය අද (04) උදෑසන දිවයිනට ළඟා වුණි. ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමග එකතුවන මෙම ගුවන් යානය පළමු වරට මෙරට ගුවන්යානා ලෝලීන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබා දෙමින් අද උදෑසන කොළඹ සහ කටුනායක ඉහළ අහසේ අඩු උසකින් පියාසර කරන ලදී. එහිදී අඩි 1,500ක පමණ උසකින්, මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ, වරාය නගරයේ හි දකුණු කෙළවරේ සිට…
මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු, අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින පැවැත්වෙන බවට නිවේදනය කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව ජුනි 16 වන දින උදෑසන 9.30 කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වීමට නියමිතය. නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුවනු ඇත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු කිසිදු පක්ෂයකට පූර්ණ බහුතරයක් නොලැබුණු අතර, ජාතික ජන…
2025 මැයි මාසයේ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 132,919ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙතෙක් ඉතිහාසයේ වසරක් තුළ වැඩිම විදෙස් සංචාරක පැමිණීමක් වාර්තා වූ 2018 වසරේ මැයි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 129,466ක් ලෙස වාර්තා වූ අතර මෙම වසරේ මැයි මාසයේ එම සීමාව ඉක්මවීමට හැකි වී තිබීම දැකගත හැකියි. මෙය 2018 වසරෙන් පසු මැයි මාසයක් තුළ දී වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වූ වසර වීම ද විශේෂත්වයකි. මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,029,803ක් බවයි. වසරේ මේ දක්වා වැඩිම…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (03) පෙරවරුවේ පවත්වා තිබේ. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර ගමනක් ආරම්භ කර ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණය හා වංචාව පිටු දැකීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රිචර්ඩ් මාල්ස් මහතාව දැනුම්වත් කර ඇත. පසුගිය සමයේ සමුද්‍රීය ආරක්ෂණය, නීති විරෝධී වෙළෙඳාම, මිනිස් ජාවාරම්, ත්‍රස්තවාදය…
ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි. සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ. එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා…
පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සාන් සුද්දා’ නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී රෝහලෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ. වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය මැයි මස 30 වනදා වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී විශේෂ වැටලීමක් සිදුකළ අතර එහිදී වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහවෙලමුල්ලේ සාන් සුද්දා නොහොත් සම්පත් කුමාර යන අය පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි. එහිදී සැකකරු විසින් පොලීසියට තියුණු ආයුධයකින් පහරදී තිබූ අතර පසුව පොලිස් නිලධාරීන් සැකකරුගේ දණහිසෙන් පහළ ප්‍රදේශයට වෙඩි තැබීමක් සිදුකර තිබුණි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.
යුද්ධය පැවති සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීමේ දී පවතින බාධා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඒ සඳහා පවතින ආගමන විගමන නීතී සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගනිමින් සිටින බවය. යුද්ධය පැවති සමයේ දී උතුරේ ජීවත් වූ ජනතාව යම් පිරිසක් ආරක්ෂාව පතා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පලාගිය අතර ඔවුන් මේ වන විට ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වේ. එම පිරිසට යළි ලංකාවට පැමිණීම සඳහා පවතින ආගමන විගමන නීතී බාධාවක් වී ඇති බැවින් එම නීතී සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය. ඒ…