Author: Buzzer Editorial

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභිසදී පැවැත්වේ. එහි සජීව විකාශය පහතින්,

Read More

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ. නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (19) දින සහ ඉදිරි දින කිහිපයේ දී බලාරොත්තු වේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එනිසා අදාළ ප්‍රදේශවල ජනතාව වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණ අංශ පවසයි.

Read More

“16 වන ජාතික රණවිරු සැමරුමට” සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස් වීම් ලබා දී තිබේ. අද (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම උසස්වීම් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,256 දෙනෙකුට උසස් වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 12 දෙනෙකුට සහ සෙසු නිලයන් 848 දෙනෙකුට උසස් වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය. 16 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන් 10,093 දෙනෙකු…

Read More

ISIS සංවිධානය විසින් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පිපිරවීමට සැලසුම් කර තිබූ බෝම්බ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ඉන්දීය පොලීසිය සමත්ව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය සමඟ ISIS සංවිධානයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුව ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය. තෙලන්ගානා සහ ආන්ද්‍රා ප්‍රදේශ් හි පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී සිරාජ් සහ සමීර් යන සැකකරුවන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන පරිදි, සැලැස්මේ කොටසක් ලෙස සිරාජ් නැමැති සැකකරු විසින් විජයනගර්වලින් පුපුරණ ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ. හයිද්‍රාබාද්හි ප්‍රහාර සිදුකිරීම සඳහා ඔවුන්ට, සෞදි අරාබියේ සිටින ISIS කණ්ඩායමක් විසින් සැකකරුවන්ට උපදෙස් ලැබී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. පසුගිය…

Read More

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබුණි. ඒ අනුව අමාත්‍යවරයා අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සියියේය. එහිදී අධිකරණය අදාළ නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

Read More

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ. ඒ පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය හේතුවෙනි. ඒ අනුව, එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය. සෙබළුන් වෙත ගොස් ඔවුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් විය. තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත් විශාල පිරිසකට තම ජීවිත මෙන්ම අත්පා හා ශරීර කොටස් අහිමි වී සදහටම ආබාධිත තත්ත්වයට පත් වීමට සිදු වූ බව පැවසූ ජනාධිපතිවරයා යළිත් කිසිදු දිනෙක මෙවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොදෙන බව අවධාරණය කළේය. අබාධිත තත්ත්වයට පත් සෙබළුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් තමා අඛණ්ඩව කැප වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති…

Read More

2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාව විසින් විපක්ෂයට බහුතර බලය ලබාදී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව අද (19) පැවති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණය ගෙන ඇත. එම සාකච්ජාව සඳහා සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සම්බන්ධ වී ඇති අතර අදාළ තීරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරාළ යන අය විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්…

Read More

අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබේ. පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් හිටපු ජනාධිපතිවරයාට වැළඳී ඇති බවට අනාවරණය වී ඇත. එම පිළිකා රෝගී තත්ත්වය මේ වන විට ජෝ බයිඩන්ගේ අස්ථි දක්වා පැතිර ගොස් තිබේ. ජෝ බයිඩන් පසුගිය ජනවාරි මාසයේ අමෙරිකානු ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර ඔහු මේ වන විට 82 හැවිරිදි වියේ පසු වේ.

Read More

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය හෙට (20) උදෑසන 5.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර අදාළ ප්‍රදේශවල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55 – 65 දක්වා වැඩි විය හැකිය. මේ පිළිබඳ ධීවරයින් සහ නාවිකයින් අවදානය යොමු කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවෙදනය කරයි. මේ අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

Read More