- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
- ඉරානය මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
- දුම්රිය වර්ජනය කල්යයි
- නව අභියාචනාධිකරණ සභාපතිවරයෙක් සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක්
- කෙහෙළියගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් ප්‍රශ්න කිරීමට කැඳවයි
- ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
- සංචාරක ක්ෂේත්රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර
Author: Buzzer Editor
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු ඉහළ දමා තිබේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති නියෝගය පරිදි නව ගාස්තු ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 17,928 සිට රුපියල් 21,467 ක් දක්වා ද, ලියාපදිංචිය නැවත අලුත් කිරීමට රුපියල් 3,774 ක්ව පැවැති ගාස්තුව රුපියල් 4,483 ක් දක්වා ද, ඉහළ දමා තිබේ. විදේශ රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව රුපියල් 58,974 සිට රුපියල් 117,949 ක් දක්වා ඉහළ දැමීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයපියවර ගෙන තිබේ. (ලංකාදීප)
ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 20 ක්ව පැවති ලොතරැයියක මිල ජූලි 6 වනදා සිට රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද (29) ආරම්භ වනවා. ඒ අනුව සුපිරි 6 දෙනාගේ වටයේ පළමු තරගය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතයි. සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය හෙට (30) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
සෙනසුරාදා දරුණු බැක්ටීරියා ආසාදනයක් ඇති වීමෙන් පසු මැඩෝනා දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ගත කළාය. ඇයගේ කළමනාකරු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇය ලබන මාසයේ ආරම්භ වීමට නියමිතව තිබූ ලෝක සංචාරයක් කල් දමන බවයි. ගායිකාව තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව ගයි ඔසේරි Instagram හි පැවසු අතර නමුත් සම්පූර්ණ සුවය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරණ බවද ප්‍රකාශ කළේය. “සංචාරය සඳහා නව ආරම්භක දිනයක් සහ නැවත කාලසටහන් කළ සංදර්ශන ඇතුළුව, ඒවා අප සතුවූ වහාම අපි ඔබ සමඟ වැඩි විස්තර බෙදා ගන්නෙමු,” ඔහු පැවසීය. ඔසේරි ඇතුළු මැඩෝනාගේ නියෝජිතයින්ට ඇගේ තත්වයේ බරපතලකම හෝ ඇය අවදියෙන් හා ප්‍රතිචාර දක්වනවාද යන්න පිළිබඳව අදහස් දැන ගැනීමට වහාම…
ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇමෙරිකා සහ කැනඩා වෙරළාරක්ෂකයන්ගේ මැදිහත් වීමෙන් කිමිඳුම් යානා යවා, සබ්මැරීනයේ සුන්බුන් සහ එම අස්ථි කොටස් ගොඩනැනීම සිදුවුණු බවත් ඒවා සියල්ල කැනඩාවේ නිව්ෆවුන්ඞ්ලන්ඞ් පළාතේ, ශාන්ත ජෝන්ස් වෙරළාශිත නගරයට රැගෙන ආ බවත් පැවැසෙයි. අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නැව ගිලී ගියේ, ශාන්ත ජෝන්ස් නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින්, කිලෝ මීටර් 3,800 ගැඹුරු මුහුදු පතුලේටය. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද දින (29) සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින්…
ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් ඉමහත් හරසරින් සමරනු ලබන්නාවූ, හජ් උත්සවය අදට (29) යෙදී තිබෙනවා. ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ බවයි සඳහන් වන්නේ. ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය වන දුල්හජ් මාසයේ දහවන දිනයේදී හජ්ජි උත්සවය මෙලෙස ඉස්ලාම් බැතිමතුන් සමරනු ලබනවා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, මෙම යෝජනා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත යොමු කර එළඹෙන සෙනසුරාදා දින පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තුවේදී රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
දැනට පවතින විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව ලබන සිකුරාදා දිනයේ තීරණයක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව කොමිෂන් සභාව ලබන 30 වන සිකුරාදා දිනයේ රැස්වී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවයි එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු සඳහන් කළේ. විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ඊයේ (27) දිනයෙන් අවසන් කෙරුණා.
ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ පස්වැනි සාකච්ඡා වටය ඊයේ දිනයේ (26) පෙරවරුවේ කොළඹදී ආරම්භ වී තිබෙනවා. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති එහි සමාරම්භක සැසිවාරය ඇමතු ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ සඳහන් කළේ, එකඟ වූ කාල රාමුවට අනුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තෘප්තිමත් විය හැකි බවයි. මීළඟ සාකච්ඡා වටය 2023 අගෝස්තු 21 සිට 23 දක්වා තායිලන්තයේ පැවැත්වීමට නියමිත බවත් 2024 මාර්තු මාසයේදී ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.