Author: Buzzer Editor

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර…

Read More

2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 02 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සංගීතය, නැටුම්, නාට්‍ය හා රංග කලාව යන විෂයයන් වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 12 වනදා දක්වා පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පෙර වර්ෂවල පැවැති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ඇගයීම් ක්‍රමවේදයෙහි වෙනසක් නොවන අතර මෙවරද එම ක්‍රමවේදයම අනුගමනය කරමින් විභාග පැවැවෙන බවයි සඳහන් වන්නේ. පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේදී තැපැල් මඟින් ලැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Read More

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. තම නිල Twitter ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර තිබෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

නීතිවිරෝධී ලෙස මිනිස් ජාවාරම් කිරීම වැළැක්වීම සවිමත් කිරීම පිළිබඳව සිදුකළ විශේෂ මාධ්‍ය හමුවක් ඕස්ට්‍රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් බලකායේ ප්‍රධාන අණ දෙන නිලධාරී රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් (CSC, RAN) මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම සතියේ කොළඹ දී සිදුකළ සංචාරයකදී පැවැත්විණි. ඔහුගේ මෙම සංචාරය සිදුවූයේ පසුගිය මැයි මස මුලදී වාලච්චේන ප්‍රදේශයේ සිට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට බෝට්ටුවකින් සංක්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු ඕස්ට්‍රේලියානු රජය විසින් සිදුකළ ස්වෛරී දේශසීමා මෙහෙයුමකින් පසු මෙරටට හරවා එවීමෙන් අනතුරුවය. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රියර් අද්මිරාල් ජෝන්ස් මහතා මෙසේ පැවසීය. “නීතිවිරෝධී මිනිස් ජාවාරම් මැඬලීම උදෙසා ඇති කරගනු ලැබූ හවුල්කාරීත්වය ඉතා වටිනවා. මෑතකදී දෙපාර්ශවය එක්ව සිදුකරන ලද…

Read More

6 සිට 10 ශ්‍රේණි දක්වා විෂය මාලාවට කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති අතර රටේ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයකට ලක් වෙමින් පවතී. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසිඑක්වන සියවසේ අභියෝගවලට සිසුන් සූදානම් කිරීම සඳහා මෙම ප්‍රතිසංස්කරණය ප්‍රකාශයට පත් කළේය. අධ්‍යාපනය ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සහ උසස් තත්ත්වයේ ඉගෙනීම සහතික කිරීම අමාත්‍යාංශයේ මූලික අරමුණයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යුහය පිළිබඳව ද අමාත්‍යවරයා සාකච්ඡා කළ අතර ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව අවධාරණය කළේය. COVID-19 වසංගතය සහ ආර්ථික පසුබෑම නිසා ඇති වූ පසුබෑම් නොතකා, ’13 Plus’ අධ්‍යාපන වැඩසටහන දිගටම කරගෙන යාමට සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ සහයෝගයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල්…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) පකිස්ථාන ජාතික කණ්ඩායම සමග පැවැත්වෙන දෙදින පෙරහුරු තරගය සඳහා ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කළේය. නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, සඳුන් වීරක්කොඩි සහ ප්‍රවීන් ජයවික්‍රම වැනි පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකයා ලෙස කමිඳු මෙන්ඩිස් නම් කර තිබේ. පෙරහුරු තරගය අද (ජුලි 11) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (MRICS) ආරම්භ විය. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

රසායනික අවි සම්බන්ධ ප්‍රඥප්තියට ගරු කරමින්, ඇමෙරිකාව දශක ගණන තිස්සේ එක් රැස් කළ සියලු රසායනික අවි විනාශ කර දැමූ බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි. රසායනික අවිවලින් ලොවට එල්ල වන බිහිසුණු තර්ජන පිටු දැකීමේ අරමුණින් ඇමෙරිකාව මෙම තීරණය ගත් බව ද ජනාධිපති බයිඩන් පැහැදිලි කර ඇත. ඇමෙරිකාව දශක තුනක් තිස්සේ රසායනික අවි එක් රැස් කර තිබුණි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද දිනයේදී (11) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් උදය කාලයේදී වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ (2023) පළමු මාස හතරේදී රුපියල් බිලියන 43.4 ක් හෙවත් රුපියල් කෝටි 4,340 ක ලාභයක් ලැබූ බව මුදල් අමාත්‍යංශය මෙම වසර මධ්‍යයේ නිකුත් කළ රාජ්‍ය මූල්‍ය තත්ව වාර්තාවේ සඳහන් වේ. එම මාස හතරේදී බොරතෙල් ආනයනයට ඩොලර් මිලියන 277.1 ක් සහ ඛනිජ තෙල් ආනයනයට ඩොලර් මිලියන 1,009.3 ක් වැයකර ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාව එම කාලය තුළ ආනයනය කළ පෙට්‍රෝලියම් නිෂ්පාදනවල සමස්ත අගය ඩොලර් මිලියන 877.35 ක් බවත් එම වාර්තා කියයි. මෙම වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මාස දක්වා කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 1,599.7 ක පිරිවැයක් දරා ඇති බවත් එය…

Read More

තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් (Air Asia) ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, ප්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පෙරේදා (09) රාත්‍රියේ 10.10ට පමණ ගුවන් යානයක් පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. එම ගුවන් යානයෙන් මගීන් 134 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 07 දෙනෙකු මෙරටට පැමිණ සිටි අතර නැවත ගුවන් මගීන් 174 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන තායිලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළ…

Read More