- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editor
චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇනවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය. සියලුම සමාගම් වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත්, රටට ප්‍රතිලාභ අත්කර දෙමින් ඉන්ධන සැපයීමේ තරඟකාරීත්වයක් ඇති කිරීම එහි ප්‍රධාන අරමුණ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරියේ දී සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඊට සාපේක්ෂව QR කේතය පිළිබඳ තීරණය ගැනීමට අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා මේ බව සඳහන්…
දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කළ වැඩවර්ජනය අද (24) තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව අද පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 12 ක් පමණ අවලංගු විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අතිකාල දීමනා කප්පාදු කිරීම, නියමිත උසස්වීම් ලබා නොදීම හා අවිධිමත් ලෙස සේවා වාර ධාවනාගාර අතර මාරු කිර්‍රමට විරෝධය පල කරමින් අසනීප නිවාඩු වාර්තා කර මෙම විරෝධතාව ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. වෙළෙඳපොළේ පවතින ලිට්‍රෝ ගෑස් මිල සහ ලාෆ්ස් ගෑස් මිල අතර වෙනස රුපියල් 708 ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට එම සමාගම පොරොන්දු වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා. මේ වන විට ලිට්‍රෝ ගෑස් මිල සඳහා පමණක් ක්‍රියාත්මක මිල සූත්‍රය ලාෆ්ස් ගෑස් සදහාද ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ…
ඇමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් කිරීමට එරට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ. මෙම තනතුර සඳහා යෝජනා කර ඇත්තේ අද්මිරාල් ලීසා ෆැන්චේටී ය. ඇය ඇමෙරිකාවේ 6 වන නාවික බලඇණියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, දකුණු කොරියාවේ ඇමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ. ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම නම් කිරීම එරට සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවිය යුතුය. සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවුවහොත්, අද්මිරාල් ලීසා ෆැන්චෙටී ඇමෙරිකාවේ ආරක්ෂක අංශ ප්‍රධානියකු වූ පළමු කාන්තාව වනු ඇත. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද දිනයේදී (23) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි…
ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනපතිවරණයට වැය වන මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් කර මුදල් වෙන් කර ගත යුතුව ඇති බවයි. ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමගද සාකච්ඡා කරන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.…
ඉදිරි 2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියා ක්‍රිකට් සහ රග්බි නිලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත හරීන් ප්‍රනාන්දු මහතා ඕස්ට්‍රේලියා ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩා අංශ වලට ශ්‍රී ලංකාවේ සංචාරක වෙළෙඳ නාමය ඇතුළත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාවේ මනරම් වෙරළ තීරයන්, පෞරාණික ඓතිහාසික ස්ථාන, වන ජීවීන්, ත්‍රාසජනක ක්‍රීඩා සහ සංස්කෘතික අත්දැකීම් ප්‍රදර්ශනය කරමින් ඕස්ට්‍රේලියා ක්‍රීඩාලෝලීන්ගේ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම පිළිබඳව සාකච්ඡා සාර්ථක බව ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ශ්‍රී ලංකා සංචාරක තානාපති සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB)…
යුරෝපා සංගමය මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP + තීරුබදු සහනය තවත් වසර 4 කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම තීරණය කර තිබෙනවා. GSP + තීරුබදු සහනය මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන්වීමට නියමිතව තිබුණා. ඒ අනුව 2027 දෙසැම්බර් 31 වනදා දක්වා මෙම සහනය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් කරන්නේ.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජූලි 21 වැනි දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව දෙවන වාරයේ පළමු අදියර ජූලි 24දා ආරම්භ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ. අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්.