- මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ජනපති විසින් අගයයි
- කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට
- සරසවි සිසුවා නවකවධයට ලක්කිරීමේ සිද්ධියට එරෙහි FR පෙත්සම සලකා බැලීමට දින දෙයි
- සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි -කොළඹ පුරපතිනිය
- බූස්සේ රැඳවියන් 5ක් විරෝධයක් අරඹයි
- බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ඉරාන අධ්‍යාත්මික නායකයා පහසු ඉලක්කයක් බව ට්‍රම්ප් කියයි
Author: Buzzer Editor
ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB)ට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක්කර තිබෙනවා. පෙරේදා (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇතිවූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ඉවත් කර තිබූ බස් රථ මෙලෙස අලුත්වැඩියා කර තිබෙනවා. වසර 03කට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස් රථ 400ක් නැවත අලුත්වැඩියා කිරීමට මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ අතර, ඒ යටතේ වැඩ නිම කෙරුණු මෙම බස් රථ 175 සඳහා…
ජනමාධ්‍යයන් වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය අහෝසි නොකරන්නේ නම් වැඩ වර්ජනයක් අරඹන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා. ඒ අනුව අදාළ චක්‍රලේඛය වහා හකුලා ගන්නා ලෙස බල කරමින්, මර්දනයට එරෙහිව සහ රෝගීන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් ඊයේ (24) සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙත්සමක් භාරදී තිබුණා. ජනමාධ්‍යයන් වෙත ප්‍රකාශ නිකුත් කිරීම සීමා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය පසුගියදා නිකුත් කර තිබුණා.
ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා බොට්ස්වානා සිට දකුණු අප්‍රිකාව බලා අද (25 වැනිදා) පිටත්ව යාමට නියමිතය. 2023 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු වටය යටතේ ‘සී‘ කාණ්ඩය නියෝජනය කරන අතර ශ්‍රී ලංකාව ලබන 28 වෙනිදා ජැමෙයිකාව සමග පළමු තරගයට සහභාගිවීමට නියමිතය. ජූලි 29 වෙනිදා සත්කාරක දකුණු අප්‍රිකාව සමග ද, 30 වෙනිදා වේල්සය සමග ද ඔවුන් තරග වැදීමට නියමිත වේ. බොට්ස්වානා ජාතික කණ්ඩායම ඇතුළුව පුහුණු තරග හතරකට ශ්‍රී ලංකාව සහභාගි වූ අතර එම තරග හතරෙන් 2ක් ජයග්‍රහණය කර සහ තරග 2ක් පරාජය වී එම පුහුණු සංචාරය අවසන් කර තිබුණි. (සෘජු උපුටාගැනීම: දිවයින) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා…
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පෞද්ගලික කෝකියා මියගොස් ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. ටෆාරි කැම්බෙල් නැමැති 45 හැවිරිදි ඔහු මියගොස් ඇත්තේ පැඩල් බෝට්ටු අනතුරකින් යැයි පොලිසිය පවසා තිබේ. ටෆාරි කැම්බෙල් අනතුරට පත් වී ඇත්තේ එඞ්ගාර්ටවුන් විලේ බෝට්ටු පැදීමට ගිය අවස්ථාවකදීය. පැඩල් බෝට්ටුව සමඟ දියේ ගිලුණු කැම්බෙල්ගේ සිරුර හමුවී ඇත්තේ පැය කීපයකට පසුවය. සිරුර සොයා ගැනීමට සෝනාර් තාක්ෂණය යොදා ගත් බව ද පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද දිනයේදී (25) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු…
පරිසරය කේන්ද්‍ර කරගනිමින් පිලිපීනයේ මැනිලා නුවර පැවැති ‘‘ලෝක විවාහක මිහිතල රැජින” (Mrs Earth international – 2023) කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක මහත්මිය සමත් වූවාය. ඇය මෙම කිරුළට අමතරව එහි පැවැති අනෙකුත් අනුතරග සියල්ලේ කිරුළු තමන් සතු කරගැනීමට සමත්වීම විශේෂත්වයකි. එවැන්නක් සිදු කළ මෙරට පළමු රූ රැජින ලෙස ඇය වාර්තා පොතට එක්වන්නීය. මෙහිදී ඇය “Mrs Earth best in catwalk, “Overall best in Gown”, “Overall Best in Resort wear”, “Best in Talent” යන අනු තරග සියල්ලේම කිරුළු හිමිකර ගැනීමට සමත් වූවාය. පිලිපීනයේ මැනිලා නුවර Parañaque නගරයේ පැවැති මෙම “Mrs.Earth international – 2023” තරගාවලිය සඳහා පිලිපිනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය,…
ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන ජුලි 31 වනදා සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බවයි එම තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 44 ක්, එක්දින තරග 127 ක් හා T20 තරග 26 ක් ක්‍රිඩා කර ඇති තිරිමාන්න එහිදී පිළිවෙලින් ලකුණු 2,088 ක්, 3,194 හා 291 ක් රැස් කර තිබෙනවා. එහිදී ඔහු ටෙස්ට් ශතක 3 ක්, අර්ධ ශතක 10 ක් මෙන්ම එක්දින ශතක 4 ක් හා අර්ධ ශතක 21 ක් වාර්තා කිරීමටද සමත් වුණා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
කාම්බෝජයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන්, එරට අග්‍රාමාත්‍ය හුන් සෙන් සහ ඔහුගේ ජනතා පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතී. මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ අති විශිෂ්ට බහුතර බලයකින් අග්‍රාමාත්‍ය හුන් සෙන් සහ ඔහුගේ කාම්බෝජියානු ජනතා පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළ බවය. ප්‍රතිශතයක් ලෙස එය සියයට 84 කි. කාම්බෝජය ආසියානු රාජ්‍යයකි. එරට ජනගහනය මිලියන 16 කි. මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 9.7 ක පිරිසක් සුදුසුකම් ලබා සිටි බව පැවැසෙයි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින්…