Author: Buzzer Editor

මෙරට ඩිජිටල්කරණ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලමක් වන, අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පතක් (Unique Digital Identity) හඳුන්වාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ටෙන්ඩර් මේ වන විට ලැබී ඇති බවද, නිසි කාලරාමුවකට අනුව එය සමාලෝචනය කෙරෙමින් පවතින බවද ව්‍යාපෘතිය ක්‍රියාත්ම කිරීමට පත්කර ඇති ඉන්දු-ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව සඳහන් කරනවා. ඒ අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුළු මුදලින් 15%ක්, එනම් ඉන්දීය රුපියල් මිලියන 450ක වටිනාකමකින් යුත් චෙක් පතක් ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වෙත බාරදී ඇති බව වාර්තා වෙනවා.

Read More

වෙනිසියුලා රූ රැජින ලෙස කිරුළු පැලඳි 26 හැවිරිදි ආරියානා වියේරා ඇමෙරිකාවේ සිදුවුණු රිය අනතුරකින් බරපතල තුවාල ලබා දිවියෙන් සමුගත්තාය‍. මාරක තුවාල ලැබූ ඇය සති කීපයක් රෝහල්ගතව සිටි බව පැවැසෙයි. වියේරා අනතුරට ලක්වූයේ ජූලි 13 වැනිදාය. ඒ ඇය පදවමින් සිටි මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙනි. අනතුර සිදුවූයේ ඇයට නින්ද යෑමෙනි. රෝහල්ගත කිරීමෙන් පසු වෛද්‍යවරුන් ඇයට අවශ්‍ය ප්‍රතිකාර සියල්ල ලබා දුන් නමුත් ඇය මියගොස් ඇත්තේ හෘදයාබාධයකිනි. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද දිනයේ (04) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි සඳහන් වන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ක පමණ තරමක තද සුළං බවට පත්විය හැකියි.

Read More

මේ වසරේ සැප්තැම්බර් මාසයට යෙදී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ඇගයීමට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ අනුව එම සාර්ථක පළමු ඇගයීම තුළින් ශ්‍රී ලංකාව ස්ථායිකරණ මට්ටමේ සිට 2024 වසරේ පටන් වර්ධන මාවතකට යොමු කිරීමට පදනම සකසන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. වර්ධනය උත්තේජනය කරලමින් ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නා බවත් එහිදී ශ්‍රී ලංකාව නැවතත් ආයෝජන සහ ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

රටවල් බොහොමයක් සේම, ඉරානය ද මේ වනවිට අසාමාන්‍ය, දැඩි උණුසුම් කාලගුණයකින් බැටකයි. දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු හටගෙන ඇතැයි ද පැවැසෙයි. වයෝවෘද්ධ පුද්ගලයන් සහ කුඩා දරුවන් එලිමහනේ රැඳී සිටීමන් වැළැකිය යුතු යැයි ඉරාන සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත. ඒ අනුව, ඉරාන රජය ඊයේ (2) සහ අද (3) දෙදින විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ඉරාන කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී ඇති අන්දමට එරට දෛනික උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 51 තෙක් ඉහළ ගොස් තිබේ. දැඩි උණුසුම නිසා රෝගී වන පුද්ගලයන්ට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට රෝහල් සියල්ල සීරුවෙන් තබා ඇතැයි ඉරාන රජයේ ප්‍රකාශක අලී බහධූරි ජරෝමි පවසා ඇත.…

Read More

අද දිනයේ (03) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි සඳහන් වන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ක පමණ තරමක තද සුළං බවට පත්විය හැකියි.

Read More

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය කරන බව ජාතික ජල සම්පාදන ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසනවා. ඒ අනුව ගෘහස්ථව පරිභෝජනය කරන ජල ඒකක කාණ්ඩ කීපයක් යටතේ 30% සිට 50% අතර ගාස්තු වැඩිවීමක් සිදුවනු ඇති බවද, අඩු අදායම් ලබන පවුල්වලට බලපෑමක් මෙයින් සිදු නොවනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.

Read More

ලබන සැප්තැම්බර් 02 වනදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව මෙරට දෙවැනි පොල් ත්‍රිකෝණය යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ “වසරක ප්‍රගතිය” සමාලෝචනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම වසරේදී තේ කිලෝ ග්‍රෑම් මිලියන 290ක් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි. රබර් ආශ්‍රිත අපනයනයෙන් ඩොලර් මිලියන 900ක ආදායමක් ද, පොල් ආශ්‍රිත අපනයනවලින් ඩොලර් මිලියන 700ක ආදායමක් ද මේ වසරේ අපේක්ෂා කරන බවත්, කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව තුළ කෝපි වගාව…

Read More

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හෙවත් ‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්‍ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් පමණ වැයවන බවත් එම නිලධාරියා කීය. එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර සඳහා ද ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුව ඇති බව කී එම නිලධාරියා අධික වියදම හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දුෂ්කර වී ඇති බව ද සඳහන් කළේය. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)

Read More

ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මෑත කාලීනව ප්‍රසිද්ධ වූ “සිදු” නාට්‍යය සහ තවත් නට්‍ය රැසකට සිය රංගනයෙන් දායකත්වය ලබා දුන්නේය. මිය යන විට ඔහු 69 වන වියේ පසු වුණා. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More