Author: Buzzer Editor

වීසා නොමැතිව අද (01) සිට ශ්‍රී ලාංකික සංචාරකයින් හට තායිලන්තයට ඇතුළුවීමට අවස්ථාව හිමි වී තිබෙනවා. ඒ අනුව දින 60 ක කාලයක් සඳහා වීසා නොමැතිව තායිලන්තයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ. තායිලන්තයේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සංචාරකයින්ට අදාල වීසා ප්‍රවර්ධන වැඩසටහනක් තායිලන්ත කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමත කරනු ලැබුවා. Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.

Read More

දියවැඩියාව රෝගයට එරෙහිව නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. මෙම නව ප්‍රතිකර්මය ලොව පුරා මිලියන ගණනක් දියවැඩියා රෝගීන්ට මහත් අත්වැසිල්ලක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මෙහිදී සිදු වන්නේ, ඉන්සියුලීන් එන්නත් කිරීම වෙනුවට, අගන්‍යාසයේ ඉන්සියුලීන් නිපදවන සෛලවලට සමාන සෛල කෘත්‍රිමව පර්යේෂණාගාර තළ නිපදවා, ඒවා දියවැඩියා රෝගීන්ට ලබා දීමය. මෙම ක්‍රමය භාවිත කරමින් සායනික පර්යේෂණ කීපයක් සිදු කළ බවත්, මෙම නව ක්‍රමවේදය සාර්ථක වූ බවත්, එම රෝගීන්ගේ දියවැඩියා තත්ත්වය තුරන් වූ බවත් චීන විද්‍යාඥයන් පවසා ඇත. (NDTV) මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Read More

මෙරට ප්‍රකට ප්‍රවීණ සංගීතඥයකු වූ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා ඊයේ (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 94 හැවිරිදි වියේ පසු වුණා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පදිංචිව සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකාවේ මෙතෙක් නිර්මාණය වුනු ශ්‍රේෂ්ඨ වේදිකා නාට්‍ය කීපයක් වන ‘හුනුවටයේ කතාව’, ‘කෝන්තරේ’, ‘මන්ත්‍රී හාමුදුරුවෝ’, ‘හොටබරි යුද්දේ’, ‘තහංචි’ හා ‘කුවේණි’ යන වේදිකා නාට්‍ය සඳහා ඔහු සංගීතය සපයා තිබෙනවා. අප සැවොම දන්නා “යුද්දෙට මම ගියා ගෑනි ගෙදර තියා” ගීතයද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ නිර්මාණයන් අතර ප්‍රසිද්ධ නිර්මාණයක් වනවා. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

ජූලි 4 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉඩ සලසා දෙමින්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරුණි. වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. පක්ෂ නායක රිෂී සුනාක් අග්‍රාමාත්‍ය ධුරය හොබවයි. අග්‍රාමාත්‍ය සුනාක් මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ, ඔහු සහ කොන්සවර්ටිව් පක්ෂය ජනතා අප්‍රසාදයට පත් වී ඇති අවස්ථාවකය. එහෙයින් විපක්ෂය වන කම්කරු පක්ෂයට මහ මැතිවරණය ජය ගැනීමට හැකිවනු ඇතැයි ද පැවැසෙයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන ගණන 650 කි. බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. විපක්ෂය වන කම්කරු පක්ෂයට නායකත්වය දෙන්නේ හිටපු නීතීඥවරයකු ද වන කිර් ස්ටැමර්ය. කම්කරු පක්ෂය මැතිරණය ජයග්‍රහණය කළහොත්, කීර් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත. (AFP) තවත් විදෙස් තොරතුරු…

Read More

ඇමෙරිකාවේ, මධ්‍යම සහ දකුණුදිග ජනපද කීපයක් හරහා හමා ගිය ප්‍රචණ්ඩ ටෝනේඩෝ සුළි කුණාටු හේතුවෙන්, 21 දෙනකු මියගිය බවත්, 30 දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. සුළි කුණාටු හේතුවෙන් බලපෑම් එල්ල වූයේ ටෙක්සාස්, ඔක්ලහෝමා, ආර්කන්සාස් සහ කෙන්ටකි යන ජනපදවලටය. සුළි කුණාටුවලින් වැඩිම හානියක් සිදුවූයේ කෙන්ටකි ප්‍රාන්තයටය. කෙන්ටකි ආණ්ඩුකාර ඇන්ඩි බෙෂීර් ජනපදයට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇතැයි ද පැවැසෙයි. ටෝනේඩෝ සුළි කුණාටු හේතුවෙන් ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන් ම අඩපණ වූ බවත්, ගුවන් ගමන් වාර කීපයක් නැවැත්වීමට සිදුවුණු බවත් පැවැසෙයි. නිවාස රැසකට හානි සිදු වී ඇති වී ඇති බවත්, විදුලි බල සැලැයුම්වලට බාධා එල්ල වී ඇති බවත් ඇමෙරිකන් මාධ්‍ය…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.5% ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමටයි තීරණය කර ඇත්​තේ. මෙයින් අදහස් වන්නේ, මහජනතාව බැංකුවල මුදල් තැන්පත් කිරීමේදී ලැබෙන පොලී අනුපාතිකය සහ ණය ලබාගැනීමේදී ගෙවීමට සිදුවන පොලී අනුපාතිකය යන දෙකම දැනට පවතින මට්ටමවලම පවතින බවයි. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Read More

ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අභාවයෙන් පසු, නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව, ඉරාන අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන අහ්මද් වහීදි මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේය. ඉරාන ව්‍යවස්ථාවට අනුව, ධුරයේ සිටින ජනාධිපතිවරයා මියගියහොත් හෝ ඔහුට ධුරයෙන් ඉවත් වීමට සිදුවුවහොත් දින 50 ක් ඇතුළත හදිසි ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය. ඒ අනුව මැයි 30 වැනිදාත් ජූනි 3 වැනිදාත් අතර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වීම කළ යුතු බව මැතිවරණ බලධාරීන් පෙන්වා දී තිබුණි. එසේ වුවත්, මැතිවරණ බලධාරීන් සහ ඉරාන භාරකාර මණ්ඩලය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපතිවරණය ජූනි 28 වැනිදා පැවැත්වීමට තීරණය කෙරුණු බව ඉරාන මාධ්‍ය පවසයි. හදිසි මැතිවරණයක් පැවැත්වෙන බව අන්තර්වාර ජනාධිපති අහ්මද් වහීදි මාධ්‍ය…

Read More

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 67 වන වියේ පසු වුණා. පෙරදිග අපරදිග සංගීත ශිල්පය ප්‍රගුණ කළ ආනන්ද පෙරේරා මහතා මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයෙකු ලෙස සැලකෙනවා. එමෙන්ම 1988 වසරේ ඇරඹුණු “සිහ ශක්ති” සංගීත කණ්ඩායමේ නායකයාද වනවා. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය සොයාගෙන ඇත්තේ, ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වෙමින් යැයි ද පැවැසෙයි. යුරෝපා විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ග්ලීස් 12 බී’ යනුවෙනි. තරාකා විද්‍යාඥයන් මීට පෙර ද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන ඇති නමුත්, ‘ග්ලීස් 12 බී’ පෘථිවියට බෙහෙවින් සමාන, ජීවත් වීමට වඩාත් සුදුසු ග්‍රහයකු බව පැවැසෙයි. ‘ග්ලීස් 12 බී’ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ විය හැකි බව ද තාරතා විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තුව වී තිබේ. මෙම නව ග්‍රහලෝකය ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක්…

Read More

කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස නම් කිරිම පිණිස ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල යෝජනාවකට අනුව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙරට තෙවැනි ජාතික රෝහල බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල පත්වන අතර, ලංකාවේ සංවර්ධිත ජාතික රෝහල් ලෙස මෙරට පවතින්නේ කොළඹ ජාතික රෝහල සහ මහනුවර ජාතික රෝහල පමණක් බවයි සඳහන් වෙන්නේ. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More