Author: Buzzer Editor

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මේ වනවිට දරුණු ගැටුම් ඇවිලෙමින් පවතී. එම ගැටුම්වලින් ඊශ්‍රායලයේත් ගාසා තීරයේත් 200 කට වැඩි පිරිසක් මියගිය බව පැවැසෙයි. ගැටුම් ඇවිලී ගියේ පලස්තීන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් කන්ඩායමක් ගාසා තීරය හරහා ඊශ්‍රායල භූමියට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසුවය. ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවැසුවේ රොකට් ප්‍රහාර 500 ක් පමණ ඊශ්‍රායලයට එල්ල වුණු බවය. ඊශ්‍රායල ආරක්ෂක අංශ පුදුමයට පත් කරමින්, පලස්තීන හමාස් සටන්කාමීන් ඉතා හොඳින් සැලැසුම් කර එම ප්‍රහාරය එල්ල කළේ යැයි ද පැවැසෙයි. එම ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 40 කි. ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පැවැසුවේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කළ බවත්, ඊශ්‍රායලය මේ වනවිට…

Read More

ප්‍රවීන රංගන ශිලිපී ජැක්සන් ඇන්තනී මහතා මාස 14කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි වාර්තා වේ. අනුරාධපුර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කිරිම අතර තුර ඔහු ගමන් ගත් මෝටර් රථයේ වල් අලියකු ගැටීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු දීර්ඝ කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය. මිය යන විට 65 හැවිරිදි වියේ පසුවිය. නම ගිය චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දී ඇත. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

අද (09) දිනයේදී නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර,ඌව,මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තරමකතද වැසිද ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්පුත්තලම දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේ ඩොලර් මිලියන 482.4 ක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. මෙම වසරේ පළමු මාස 9 තුළ විදේශගත ශ්‍රමිකයන් ඩොලර් මිලියන 4,345.1 ක මුදලක් මෙරටට එවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 9 සමඟ සංසන්දනය කිරීමේදී සියයට 68.8 වර්ධනයක් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය. (සෘජු උපුටාගැනීම: ලංකාදීප) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

න්‍යෂ්ටික බලැති කෲස් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට හැකි වුණු බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම මිසයිලය හැඳින්වෙන්නේ, ‘බුරේවෙස්ට්නික්’ යනුවෙනි. රුසියාව මෙම මිසයිලය නිපදවීම ආරම්භ කර ඇත්තේ 2018 වසරේදීය. මෙම මිසයිලයට ලෝකයේ ඕනෑම ඉලක්කයකට පහසුවෙන් යා හැකි බව පැවැසෙයි. මීට පෙර මෙම මිසයිලය සම්බන්ධයෙන් සිදු කළ අත්හදා බැලීම් අසාර්ථක වූ නමුත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැන් පවසා ඇත්තේ අලුතින් සිදු කළ අත්හදා බැලීම් සාර්ථක වූ බවය. (BBC) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

පුද්ගල දත්ත ආරක්ෂා කිරිමේ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා තිබේ. ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ තාක්ෂණික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය. ඒ අනුව පුද්ගල දත්ත ආරක්ෂා කිරීමේ සභාපති ලෙස අර්ජුන හේරත් මහතා ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ජනනාත් ප්‍රනාන්දු, සුලක්ෂණ ජයවර්ධන, සෞම්‍ය අමරසේකර, ෂෙහාන් විජේතිලක, බිසර සෙනවිරත්න හා නිෂිත් අබේසූරිය පත් කර තිබේ. පුද්ගල දත්ත ආරක්ෂා කිරීමේ පනත 2022 වර්ෂයේ මුල භාගයේ සම්මත වුවද වසරකට වැඩි කාලයක් ගත වුවත් එය ක්‍රියාත්මක නොවීම නිසා මෙලෙස සභාපතිවරයකු හා…

Read More

අද (07) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොලොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය වලල්ලාවිට සහ මතුගම ප්‍රදේශවලට මෙලෙස නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. එසේම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට යන ප්‍රදේශවලටද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ගිණිකොනදිග යුක්රේනයේ කාර්කිව් පළාතේ, රෝසා නමැති කුඩා ගම්මානයට රුසියන් හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රහාරයෙන් අට හැවිරිදි දරුවකු ද ඇතුළු යුක්රේන වැසියන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේන රජයට අනුව, රුසියන් හමුදා එම මිසයිල ප්‍රහාරය ඇත්තේ අවමංගල්‍යක් පැවැත්වෙද්දීය. කාර්කිව් පළාතේ, රෝසා ගම්මානයේ යුක්රේන හමුදා නොමැති බවත්, රුසියාව අමු අමුවේ සිවිල් වැසියන් ඝාතනය කළ බවත් යුක්රේන රජය චෝදනා නගයි. (BBC) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අභියෝග හමුවේ රට හැර යනවා ද? නැද්ද? යන කාරණය තීරණය කළ යුත්තේ උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත විසින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදාගෙන තරඟකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවද ජනාධිපතිවරයා කීය. ඉදිරි වසර පහ ඇතුලත ලෝකයේ බොහෝ වෙනස්කම් සිදු විය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන බව සඳහන් කළ ජනාධිපතිවරයා සංවර්ධිත රටවල් පවා ඉදිරියේ දී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බව ද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික…

Read More