Author: Buzzer Editor

අද (14) සිට අධ්‍යයන වර්ෂ 2023 / 2024 ට අදාළව විශ්ව විද්‍යාල සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීම ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව අද පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස Online අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් සඳහන් කරනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

‘ජී7’ රාජ්‍ය නායක සමුළුව ඉතාලියේ ඇක්විලා පළාතේ ආරම්භ විය. මෙවර සමුළුව පැවැත්වෙන්නේ ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියා මෙලෝනිගේ ප්‍රධානත්වයෙනි. ‘ජී7’ කණ්ඩායමට අයත් රටවල් වන්නේ, ඇමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, කැනඩාව සහ එක්සත් රාජධානියයි. සමුළුව පැවැත්වෙන්නේ, ඇක්විලා පළාතේ, බෝර්ගෝ එග්නාසියා ෆැසානෝ නිවාඩු නිකේතනයේදීය. ඉතාලියේ ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවක් පැවැත්වෙන 7 වැනි වතාව මෙයයි. ලෝක දේශපාලන, ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සහ අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සමුළුවේ අරමුණය. ඊට අමතරව, මෙවර සමුළුවේ දී, ලොවට බලපෑමක් කර ඇති කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ගැන ද ලෝක නායකයන්ගේ වැඩි අවධානයක් යොමු වනු ඇතැයි පැවැසෙයි. ‘ජී7’ රටවල් 7 ට අමතරව, තවත් ලොව ප්‍රධාන රටවල් කීපයක රාජ්‍ය…

Read More

යුරෝපා රටවල ඩෙංගු ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බටහිර රටවල මේ අයුරින් ඩෙංගු ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස බවත් යුරෝපීය සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. 2022 වසරේ දී, අයිස්ලන්තය, නෝර්වේ ආදී යුරෝපා රටවලින් ඩෙංගු ආසාදිතයන් 71 දෙනකු වාර්තා වූ බවත්, 2023 වසරේ දී එම රටවලින් ආසාදනය වූ ඩෙංගු රෝගීන් ගණන 130 ක් බවත් පැවැසෙයි. නිවර්තන කලාපීය උණුසුම් රටවලට පමණක් සීමා වූ ඩෙංගු වයිරසය බටහිර යුරෝපා රටවලට ව්‍යාප්ත වීම සිදුවී ඇත්තේ එම රටවල උෂ්ණත්වයේ වෙනස්කම් හේතුවෙනි. ගෝලීය උණුසුම මෙසේ ඉහළ යෑමක් සිදුවී ඇත්තේ මිනිස් ක්‍රියාකාරම්වල අනිසි බලපෑම් හේතුවෙන් යැයි ද පැවැසෙයි. (NDTV) මෙවැනි ආකාරයේ…

Read More

තවත් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වනු ඇතැයි ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති. සූර්ය කුණාටුවක් යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන්නේ සූර්යයාගෙන් එකවර නිකුත් වන විකිරණ සහ ආරෝපිත අංශුවලින් සමන්විත ගිනි දැල්ය. මේවා සෞරග්‍රහ මණ්ඩලය පුරා විහිදෙයි. මෙම නව සූර්ය කුණාටුව හේතුවෙන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති සන්නිවේදන චන්ද්‍රිකාවලට බලපෑම් එල්ල වනු ඇති බවත් එය සන්නිවේදන කටයුතු අඩපණ වීමට හේතුවක් වනු ඇති බවත් නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මීට දින කීපයකට පෙර ද මේ අයුරින් සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල විය. රටවල් බොහොමයක අහස ඔරෝරෝ බොරියාලිස් හෙවත් උත්තර ආලෝකයෙන් හැඩ ගැන්වුණේ එම සූර්ය කුණාටුව හේතුවෙනි. එම අවස්ථාවේදී බිලියනපති ඉලොන් මස්ක්ගේ සන්නිවේදන චන්ද්‍රිකා කීපයකට බලපෑම්…

Read More

ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති අද (11) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි එම සංගමයේ සභාපති හේමචන්ද්‍ර ගුණසිංහ සඳහන් කළේ. බඳවා ගැනීමේ පටිපාටියක් අනුමත කර ගැනීමට නොහැකි වීම සහ පුරප්පාඩු පවතින සේවක සංඛ්‍යාව අනුමත කර ගැනීමට පාලන අධිකාරිය අපොහොසත් වීම යන කරුණු මුල් කරගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවද ඔහු සඳහන් කළා. මේ අතර අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසනවා. එසේම විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය අද…

Read More

මැයි 9 දින පැවැත්වූ යැයි කියන රාත්‍රී සාදයක් සම්බන්ධ නඩුව විභාග කරන මධ්‍යම අපරාධ අංශය (CCB) විසින් තෙළිඟු චිත්‍රපට නිළි හේමා සඳුදා දින ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් 57 හැවිරිදි හේමා ද නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව පැවැසෙයි. සාදයට නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ආවේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන පැවැත්වෙයි. සාදයට පැමිණි 103 දෙනෙකු පොලිසිය විසින් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කර ඇති අතර, ඔවුන්ගෙන් හේමා ඇතුළු 87 දෙනකුම නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කළ බව තහවුරු වුණැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. සහභාගී වූවන් අතර පිරිමින් 73 ක් සහ කාන්තාවන් 30…

Read More

මහ මැතිවරණයකට ඉඩ සලසමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, ප්‍රංශ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණයේ පළමු වටය මෙම ජූනි 30 වැනිදාත්, දෙවැනි වටය ජූලි 7 වැනිදාත් පැවැත්වෙනු ඇත. ප්‍රංශ ජනාධිපති මැක්රොන් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ජාතිය අමතමින් ඒ බව දැනුම් දීමෙන් පසුවය. යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර, ජයග්‍රහණය කළ වැඩි දෙනා අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්ය. මැතිවරණයෙන්, ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ජර්මන් චාන්සලර් ඕලාෆ්, ඔස්ටි්‍රයානු චාන්සලර් කාර්ල් නෙහැමර් පරාජයට පත් වූහ. එම මැතිවරණ පරාජය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවීමටත්, කඩිනමින් මැතිවරණයකට යෑමටත් තමන් තීරණය කළේ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා…

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම සිදුවූයේ ඉන්දීය ජනාධිපති මන්දිරය හෙවත් රාෂ්ට්‍රපතිභවන් ඉදිරිපිට පැවැති විශේෂ උත්සවයේදීය. දිවුරුම් දීම සිදුවූයේ ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ඉදිරියේය. දිවුරුම් දීමේ උත්සවය ආරම්භ වූයේ නවදිල්ලි වේලාවෙන් සවස 7.15 ටය. මෝදි දිවුරුම් දීමෙන් පසු ඔහුගේ නව සන්ධාන රජයේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනාගේ දිවුරුම් දීම සිදුවිය. එම හැත්තෑ දෙදෙනාගෙන් 30 දෙනකු කැබිනට් ඇමැතිවරුන්ය. ඉතා ගාම්භීර අයුරින් පැවැත් වුණු මෙම දිවුරුම් දීමේ උත්සවයට අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඉන්දීය නළු නිළියන් ඇතුළු 8,000 ක ආරාධිත අමුත්තෝ පිරිසක් සහභාගී වූහ. දිවුරුම්දීමේ උළෙලට සහභාගී වූ ඉන්දීය නළු නිළියන් අතරේ රජිනි කාන්ත්,…

Read More

අභ්‍යවකාශයේදී ලබාගත් වඩාත් ප්‍රසිද්ධ ඡායාරූපයක් ලෙස සැලකෙන ’Earthrise’ ජායාරූපය ලබාගත් ඇපලෝ 8 ගගනගාමී විලියම් ඇන්ඩර්ස් මියගොස් තිබෙනවා. මියයනවිට හෙතෙම 90 වන වියේ පසු වුණා. ඔහු පියාසර කරමින් සිටි බීච්ක්‍රාෆ්ට් A A 45 – T-34 කුඩා ගුවන් යානය වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින් වූ ජලයට කඩා වැටීමෙන් මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. සඳ වෙත ළඟා වූ පළමු කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ ගුවන් ගමන වන ඇපලෝ 8 මෙහෙයුමේ චන්ද්‍ර මොඩියුල නියමුවෙකු වූ ඇන්ඩර්ස් විසින් “Earthrise” ඡායාරූපය ලබාගෙන තිබුණා. Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Read More

27වැනි වරටත් පැවැත්වෙන ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදය (SPIEF) පසුගිය ජුනි 5 වනදා ශාන්ත පීටර්ස්බර්ග් හිදී ආරම්භ වුනි. ආර්ථික සංසදය ජුනි 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර සංසදයේ ප්‍රධාන තේමාව වන්නේ “බහු ධ්‍රැවීය ලෝකයක මුල් ගල ලෙස නව වර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම” යන්නයි. මේ වන විට රුසියාව ඇතුළු රටවල් සහ ප්‍රදේශ 139 කින් සහභාගී වූවන් 18,600 කට අධික සංඛ්‍යාවක් මේ සඳහා පැමිණීම තහවුරු කර ඇත. SPIEF හි නිල වෙබ් අඩවියට අනුව Oman සුල්තාන් රාජ්‍යය SPIEF 2024 සඳහා ප්‍රථම වරට සහභාගී වේ. 2023 වසරේ ජුනි 14 සිට 17 දක්වා පැවති සංසදයට රටවල් 75ක, ප්‍රදේශ වල පිහිටි සමාගම් 3000කට අධික සංඛ්‍යාවක රුසියානු සහ…

Read More