- ඉරානයේ – ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි ඇමතුම් අංක දැනුම්දෙයි
- ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට
- හමුදාවට මඩ ගහන මෙහෙයුමේ ඇත්ත මෙන්න
- අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
- විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන සමාලෝචනයක් සිදු කරන බව IMF පවසයි
- ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී
- ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර
- ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට
Author: Buzzer Editor
අද (12) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව,මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කෆළ්. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී විටින් විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි…
තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (11) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අද අප සිටින්නේ රටේ කඩා වැටුණු ආර්ථිකය නැවත ගොඩගනිමින් සිටින අවස්ථාවක බවත් අපට අවශ්‍ය භාණ්ඩ ආනයනය කළ යුතු අතර ඒ සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය වන බවත් ඒ සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය අපට නොමැතිවීම හේතුවෙන් ණය ලබා ගැනීමට සිදුවන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. අපි ණය චක්‍රයේ සිටිනවද ඉන් ඉවත්වී ඉදිරියට යනවද කියන එක පිළිබඳ අප…
මෙවර මහ කන්නයේ අක්කර 8461ක් පැරෂුට් ක්‍රමයට වගා කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 490ක් වටිනා පැරෂුට් තැටි ගොවි ජනතාවට නොමිලයේ ලබා දීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. පැරෂුට් ක්‍රමය යනු වී වගාවේ අස්වැන්න වැඩි කර ගැනීම සඳහා යොදා ගත හැකි නව තාක්ෂණික ක්‍රමයකි. සාමාන්‍ය ක්‍රමයට වී වපුරනවාට වඩා මෙම ක්‍රමය මගින් බිත්තර වී භාවිතය සියයට 50කින් අවම කරගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අවම පොහොර ප්‍රමාණයක් භාවිතා කිරීමට හැකිවීම, වල් මර්දනය සඳහා අමතර මුදලක් වැය නොවීම, හා වල් මර්දනය සඳහා පළිබෝධනාශක යෙදීමට සිදු නොවීම මෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම නිසා මෙම ක්‍රමය ගොවි ජනතාවට වාසිදායක බව කෘෂිකර්ම…
2023 (2024) උසස්පෙළ විභාගයේ නව කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ කාලසටහන පහතින්. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි සහයෝගීතාවයෙන් දරුවන් අතර සිදු වන අනතුරු හඳුනා ගෙන, එම අනතුරු වළක්වා ගන්නේ කෙසේද, අනතුරක් සිදු වූ විට කටයුතු කළ යුත්තේ කෙසේ ද, දරුවන්ගේ පරිසරයේ සැඟව ඇති අනතුරු මොනවාද යනා දී වශයෙන් නව ක්‍රියාකාරකම් මාලාවක් ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් අත්වැල් බැඳ ගෙන තිබේ. සෑම පැය 04කට වරක්ම අනතුරු නිසා දරුවෙක් මිය යයි. සතියක දී දරුවන් 50ක් ද, මාසයක දී දරුවන් 215ක් ද වශයෙන් ශ්‍රී ලංකාවේ දරුවන් අතර වන වළක්වා ගත හැකි අනතුරු නිසා ළමා මරණ සිදු වේ. නොසැලකිළිමත්බව හා නොදැනුවත්කම නිසා දරුවන්ට සිදු වන වළක්වා ගත හැකි අනතුරු…
ශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ වැදගත් සෘජු විදේශ ආයෝජන පාර්ශවකරුවකු වන අතර සංචාරක පැමිණීම් ගමනාන්තයන් හි පස්වන මූලාශ්‍රය බව රජය පවසයි. දෙරට අතර ද්වි පාර්ශවික වෙළෙඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ඉදිරි දැක්ම සහිතව 2017 වසරේ ඔස්ට්‍රේලියාව අතර වෙළෙඳ සහ ආයෝජන රාමු ගිවිසුමට අත්සන් තබා ඇත. එම වෙළඳ ගිවිසුමේ සඳහන් පරිදි වෙළඳ හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවනු පිණිස 2023-10-10 දින සිට ඉදිරි පස් වසර සඳහා එකී ගිවිසුම් දීර්ඝ කිරීම පිණිස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වරයා ඉදිරිපත් කළ යෝජනාව යෝජනාව කැබිනට් මණ්ඩලය…
මෙම වසරේ ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් ජාතික ආර්ථික ඉතිහාසඥවරියක වන මහාචාර්ය ක්ලෝඩියා ගෝල්ඩින් හට හිමිවිය. ඒ ඇය කාන්තාවන්ගේ රැකියා සහ වැටුප් වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමිණි. ක්ලෝඩියා ගෝල්ඩින් ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය දිනූ තෙවැනි කාන්තාවද වනවා. 77 හැවිරිදි ගෝල්ඩින්, ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන්නීය. (බීබීසි) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
අද (10) දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලද උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ නිවැරදි කාලගුණ තොරතුරු දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
පවතින ධාරානිපාත වර්ෂාව සමඟ ඊයේ (09) රාත්‍රී කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතර උඩ බ්ලැක්වුඩ් ප්‍රදේශයේ ස්ථාන දෙකක දී ගල්පර්වත සමග පස්කඳු කඩාවැටී එක් මංතීරුවක් අවහිර වී ඇති බව හපුතලේ පොලීසිය කියයි. ප්‍රපාතාකාර බෑවුම් සහිත මෙම මාර්ගයේ අනිත් පස මංතීරුව ගිලාබැසීම් ඇතිවිය හැකි බැවින් තනි මංතීරු කොටස ඔස්සේ බර වාහන ධාවනය අනතුරුදායක බව ද පෙන්වා දෙයි. තවදුරටත් පස්කඳු කඩාවැටීමේ හා ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් විමසිලිමත්ව රථ වාහන ධාවනය කරවන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී. (සෘජු උපුටාගැනීම: ලංකාදීප) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ඉදිරියේ දී දරුවන් පාසල් පන්ති කාමරය තුළ රැඳීසිටීම අනිවාර්ය වන අතර සියලුම ශ්‍රේණිවලට එය අදාළ වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවනවා. ඒ අනුව සිසුන්ට විභාග සමත්වීමට දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් මෙම තීරණය ගත් බවයි උත්සවයක් අමතමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. ඉදිරියේ දී උසස් පෙළ විභාගය පැවැත්වුණ ද 2024 ජනවාරිවල පාසල්වල ප්‍රාථමික පන්ති පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අතර ලබන වසර තුළ අතපසු වූ සියලු විෂය ආවරණ කටයුතු සම්පූර්ණ…