Author: Buzzer Editor

ශ්‍රී ලංකා රජය විදේශ ණය වශයෙන් ගන්නා ලද රුපියල් කෝටි විසි දෙකකට වැඩි මුදලක් අනුරාධපුර සිට මිහින්තලේ දක්වා වෙනම දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා වියදම් කිරීම ප්‍රශ්නකාරී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. අනුරාධපුර සිට මිහින්තලය හන්දිය දක්වා කිලෝමීටර් 1.5 ක දුර ප්‍රමාණය ප්‍රධාන මාර්ගයේම මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය කිරීමට හැකිව තිබියදී වසරකට දින තුනක් හෝ හතරක දුම්රිය ධාවනයක් වෙනුවෙන් මෙපමණ මුදලක් වැය කිරීම ගැටලුවක් බවද එම වාර්තාවේ දැක්වේ. අනුරාධපුර සිට මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය පොසොන් කාලයට පමණක් වසරකට දින තුනක් හෝ හතරක් සිදුකරන අතර 2019 වර්ෂයෙන් පසු එම දුම්රිය ධාවනය කර නොතිබුණු බව විගණන කාර්යාලය පවසයි. මේ…

Read More

සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා වන සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු විසින් දිනාගෙන තිබෙනවා. එංගලන්තයට එරෙහිව පැවති තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. චමරි එහිදී ලකුණු 114 ක් රැස් කරමින් කඩුලු 5 ක් ද දවා ගැනීමට සමත් වුණා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට සඳහා පමණක් පිරිනමනු ලබන ජීසොක් (JISEOK) සම්මානය මෙවර ප්‍රසන්න විතානගේ දිනාගෙන තිබෙනවා. ඔහු විසින් මලයාලම් බසින් අධ්‍යක්ෂණය කරන ලද “පැරඩයිස් (Paradise)” චිත්‍රපටය වෙනුවෙන් මෙම සම්මානය හිමිවී තිබෙනවා. මෙම සම්මානය සඳහා තරග වැදීමට ඉන්දුනීසියාව, කොරියාව, කිර්ගිස්තානය, තායිලන්තය.ජපානය, පිලිපීනය, බංග්ලාදේශය, කාම්බෝජය යන රටවල විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට දහයක් තේරී පත්වී තිබුණා. පැරඩයිස් (Paradise) චිත්‍රපටය මෙම සම්මාන ​උලෙළ නියෝජනය කරන ලද්දේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරටේම නියෝජනයක් ලෙස වන අතර මෙම චිත්‍රපටය​ට මලයාලම් සිනමාවේ ජනප්‍රිය තරු වන දර්ශනා රාජේන්ද්‍රන්, රොෂාන් මැතිව් සමඟ මෙරට ප්‍රවීණ රංගන ශිල්පීන් ව​න මහේන්ද්‍ර පෙරේරා සහ ශ්‍යාම්…

Read More

ගාසා තීරයේ උතුරු කොටසේ ජීවත් වන සියලු පලස්තීන වැසියන් ඉදිරි පැය 24 ක කාලය තුළ ගාසා තීරයේ දකුණු කොටසට යා යුතු බව ඊශ්‍රායලය රජය නියෝග කර තිබේ. ගාසා තීරයේ උතුරු කොටසේ මිලියන 1.1ක පලස්තීනුවන් පිරිසක් ජීවත් වෙති. කෙටි කාලයක් තුළ ඔවුන්ට ගාසා තීරයේ දකුණු කොටසට යෑමට බල කිරීම මගින් මහා මානව ඛේදවාචකයක් නිර්මාණය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කර තිබේ. ගාසා තීරයේ උතුරු කොටසේ පලස්තීනුවන් ඉවත්ල කිරීමට ඊශ්‍රායල රජය තීරණය කර ඇත්තේ ඔවුන් එම කොටසට එල්ල කරන ප්‍රහාර වැඩි කිරීමට තීරණය කර ඇති බැවිනි. මේ අතර, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් බැටකන අහිංසක පලස්තීන වැසියන්ට සහාය පළ කරමින් ඊශ්‍රායලයට…

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස චීනය, මෙරටට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මූලික එකඟතාවයකට පැමිණි බව මුදල් අමාත්‍යංශය පැවසුවේය. නිල ණය හිමියා ලෙස චීන අපනයන – ආනයන බැංකුව ශ්‍රී ලංකාව සමඟ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ප්‍රධාන ප්‍රතිපත්ති සහ කොන්දේසි සම්බන්ධයෙන් මූලික එකඟතාවයට පසුගියදා එළඹි බව මුදල් අමාත්‍යංශය පෙන්වා දුන්නේය. එම බැංකුවට ගෙවීමට ඇති ණය වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක් පමණ මෙම එකඟතාවයෙන් ආවරණය වන බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේය.මෙම එකඟතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවට ණය තිරසරභාවය ළඟා කරගැනීමට හැකියාව පවතින බවද මුදල් අමාත්‍යංශය පෙන්වා දුන්නේය. මෙරට චීන ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීන අපනයන…

Read More

අද (13) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…

Read More

2018 දී හෙද පුහුණුව සදහා බඳවාගත් පුහුණුලාභීන් සියළු දෙනාට පත්වීම් ලබා දීමට මහාභාණ්ඩාගාරයේ එකඟතාව පල කළ බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් 2018 වසරේදී හෙද පුහුණුව සඳහා 2518ක සිසුන් පිරිසක් බඳවාගෙන පුහුණුව ලබා දුන් නමුත් රටේ පවතින මුල්‍ය අස්ථාවරත්වය ඇතුළු කරුනු නිසා මෙයින් 1000 කට පමනක් පත්වීම් ලබා දීමට මහාභාන්ඩාගාරය මුල් අවස්ථාවේ තීරණය කර තිබුණි. එහෙත් හෙද සිසු සිසුවියන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ ඉල්ලීම මත රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය මැදිහත් වී මුදල් අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත්කිරීම මත 2018 දී හෙද පුහුණුව සදහා බඳවාගත් පුහුණුලාභීන්…

Read More

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කරයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිතය මෙවර විභාගය මධ්‍යස්ථාන 2,888කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඊශ්‍රායලයට කඩා වැදී පහර දෙද්දී, තම සටන්කාමීන්, ඊශ්‍රායල කුඩා දරුවන් කුරිරු ලෙස ඝාතනය නොකළ බවත්, ඊශ්‍රායල කාන්තාවන්ට වධ හිංසා කරමින් පහර නොදුන් බවත් ගාසා තීරයේ බලයේ සිටින හමාස් සංවිධානය පවසයි. හමාස් සංවිධානය ගාසා තීරයේ බලයේ සිටින්නේ 2007 වසරේ සිටය. හමාස් සංවිධානය දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට ගොඩබිමින්, මුහුදින් සහ ගුවනින් පහර දුන්නේ හමාස් සන්නද්ධ අංශ සාමාජිකයෝය. එසේ ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල වැසියන් අමු අමුවේ ඝාතනය කළ බවටත්, ඊශ්‍රායල දරුවන් ගෙල සිඳ ඝාතනය කළ බවටත්, ඊශ්‍රායල කාන්තාවන්ට වධ හිංසා කළ බවටත් ඊශ්‍රායල රජය චෝදනා කරයි. ඊශ්‍රායල මාධ්‍ය හරහාස් සමාජ මාධ්‍ය හරහාත් හමාස් සටන්කාමීන්ගේ අමානුෂික…

Read More

ඉන්දියා සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු අතර දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන නව ද්විපාර්ශවික ගිවිසුම් තුනකට එළැඹීම ද සිදු කෙරිණි. එසේම ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරට ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කිරීම ද මෙහිදී සිදු විය. නිවාස දස දහසකින් යුත් මෙහි හතරවන අදියරේ එක් නිවාස ඒකකයක්…

Read More