Author: Buzzer Editor

අද (18) දිනයේදීත් අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වැසිද ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

දකුණු ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව දකුණු ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින් තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම්දෙන ලෙසයි තානාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ. ඒ අනුව 70386754, 71960810 යන දුරකථන අංක දෙකට Whatsapp පණිවිඩයක් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු, පුවත්පත් කලාවේදියකු, ‘බුද්ධි බතික්‘ ආයතනයේ නිර් මාතෘ සහ ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපතිවරයාද වූ ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විටදී 80 වැනි වියේ පසුවිය. දේහය හෙට (18) පෙරවරුවේ සිට අනිද්දා (19) පෙරවරු දක්වා අංක 158/3, ලේක් ඩ්‍රයිව්, කොළඹ 8 දරණ ඔහුගේ නිවසේ තැන්පත් කරන අතර අනිද්දා (19) ඔහුගේ දේහය කොස්වාඩියේ නිවසේ මහජන ගෞරවය සදහා තැන්පත් කෙරේ. අවසන් කටයුතු ලබන 21 වැනිදා පස්වරු 4.00 ට කොස්වාඩිය සුසාන භූමියේ දී සිදුකෙරේ. (සෘජු උපුටාගැනීම: ලංකාදීප) Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට පනවා තිබූ තහනම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබෙනවා. ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා හේතුවෙන් ඔහුගේ සියලු ක්‍රිකට් ක්‍රියාකාරකම් අත්හිටුවීමට මීට පෙර තීරණය කර තිබුණා. ඔහු​ගේ නිදොස් කිරීම සහ ඔහුගේ ක්‍රිකට් දිවිය සහ ක්‍රිකට් අභිලාෂය කෙරෙහි එහි බලපෑම පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින් මෙය විමර්ශනය කළ කමිටුව විසින් ඔහුගේ තහනම ඉවත් කිරීමට ඒකමතිකව නිර්දේශ කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව 2023 ඔක්තෝම්බර් 13 වැනි දින පැවති රැස්වීමේදී මෙම නිර්දේශය අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හෙට (18) ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බයිඩන් ඊශ්‍රායලයට පැමිණෙන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව යුද වදින ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය නොඅඩුව හිමිවන බව පෙන්වමිනි. මේවනවිටත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ඇමෙරිකන් හමුදා ප්‍රධානීහු කිහිප දෙනෙක් ද ඊශ්‍රායලයට පැමිණ සිටිති. මුස්ලිම් අරාබි රටවල් මැද පිහිටි ලොව එකම යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලයයි. ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ද යුදෙව්වෙකි. ඊශ්‍රායලය සහ ගාසා හාම්ස් සටන්කාමීන් අතර සටන් ඇරැඹුණේ, පසුගිය 7 වැනිදා, හමාස් සටන්කාමීන් සියයකට වැඩි පිරිසක් දේශසීමා හරහා ගුවනින්, ගොඩබිමින් සහ මුහුදින් ඊශ්‍රායලයට කඩා වැදී පහරදීමත් සමඟය. ඊශ්‍රායලයට පහර දුන් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්…

Read More

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින අතර එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (17) දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව,සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ට වැඩි තද වැසිද ඇති විය හැකි අතර බස්නාහිර, දකුණු සහ නැගෙණහිර පළාත්වලත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. විභාග ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේ දිනවල කෙරෙන බවද ඔහු සඳහන් කළේය. අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 පසුගිය මැයි මාසයේදී මධ්‍යස්ථාන 3568 කදී පැවැත්විණ. පරිගණක ගත කිරීමේ කටයුතු අවසන්වූ වහා විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.97 ක් වන අතර MURBAN වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.19 ක් වනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ගාසා තීරය සහ ඊජිප්තුව අතරේ ඇති ‘රෆා’ දේශසීමාව පැය කීපයකට පමණක් විවෘත කරමින්, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලා යමින් සිටින පලස්තීනුවන්ට ඊජිප්තුවට ඇතුළුවීමට අවසර දීමට ඊශ්‍රායල රජය කැමැත්ත පළ කර තිබේ. ඊජිප්තු රජය මෙම තීරණය ගත්තේ, එරට ජනාධිපති අල් සීසී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ පැවැති දුරකතන සාකච්ඡාවකින් පසුවය. ගාසා තීරයේ පලස්තීන වැසියන්ට දේශසීමා හරහා ඊජිප්තුවට යෑමට ඉඩ ලබා දීමටත්, තාවකාලික සටන් විරාමයකට යෑමටත් ඊශ්‍රායලය කැමැත්ත පළ කර ඇතැයි ඇතැම් මාධ්‍ය පවසා තිබේ. (අල් ජසීරා) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

අද (16) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ…

Read More