- අනුරාධපුර බන්ධනාගාර අධිකාරි යළි රිමාන්ඩ්
- විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන සමාලෝචනයක් සිදු කරන බව IMF පවසයි
- ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් මැද තෙල් මිලත් නගී
- ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර
- ලුණු මෙට්‍රික් ටොන් 18,163ක්, මෙරටට
- තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා තවදුරටත් රිමාන්ඩ්
- ගුවන්යානා අනතුරින් දිවි අහිමිවූවන්ගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් කෝටිය බැගින් වන්දි
- ඊශ්‍රායල ප්‍රහාරයෙන් IRGC ලොක්කෙක් මරුට
Author: Buzzer Editor
මැදපෙරදිග කලාපයේ අර්බුද රැසකට මුල ඇමෙරිකාව බවත්, ඊශ්‍රායල හමාස් අර්බුදය දිනෙන් දින ඔඩුදුවන්නේ ඇමෙරිකාවේ මැදිහත්වීම නිසා බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා නගයි. ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ආරම්භ කරන්නැයි රුසියාව, ඊශ්‍රායලයටත් හමාස් සංවිධානයටත් බල කරද්දී, ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දෙමින් පෙන්වා දෙන්නේ මේ මොහොතේ අවශ්‍ය සටන් විරාමයක් නොව, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීම බවය. (අල් ජසීරා) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ඇමෙරිකාවේ ලාස් වේශාස්හි පැවැති ‘‘දෙවැනි සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’’ (2nd Ceylon international film festival-2023) ශ්‍රී ලංකාව නියෝජනය කළ චිත්‍රපට ද්විත්වයකට ජගත් සම්මාන 4ක් හිමිව ඇත. ලාස්වේගාස් හි සැන්ටා බාබරා නගරයේ ඓතිහාසික ලොබෙරෝ රඟහලේ දී ඉකුත් 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැති මෙම උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු සංජය නිර්මාල්ගේ ‘‘සිඩ්ස්’’ (Seeds) චිත්‍රපටයට සම්මාන දෙකක්ද Afdhel Aziz අධ්‍යක්ෂණය කළ “The genius of the place” චිත්‍රපටයට සම්මාන දෙකක් ද හිමිවිය. ඒ අනුව උළෙලේ හොඳම සංස්කරණයට හිමි සම්මානය Paul Vu සහ Hagden Blazටද, හොඳම නිර්මාණ සැලසුම් සම්මානය සුනෙත් මාලිංග ලොකුගේට ද grand Prix සම්මානය Afdhel zizට ද හිමිවීම…
වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය අද (01) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙම වසරේ සිදු කරනු ලබන සංගණනයේදී දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිතා කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ගාසා තීරයට දිගට හරහට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට බවත්, ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ. හමාස් සටන්කාමීන් අඩපණ කරමින්, ඔවුන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් 230 දෙනා බේරා ගැනීම ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන අරමුණ බවත්, ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය අපේක්ෂා කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පැහැදිලි කළේය. කිසිදු කොන්දේසියක් නොමැතිව, හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයේ රඳවන් සිටින ඊශ්‍රායල වැසියන් වහා නිදහස් කළ යුතු බව ද නෙදන්යාහු පැහැදිලි කර තිබේ. හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් 33 දෙනකු කුඩා දරුවන් බව ද පැවැසෙයි. ‘සටන් විරාමයකට යන්නැයි රටවල්…
ගම්පහ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන් හදුනාගැනීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව සැලකිලිමත් විය යුතු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. ජාතික ලාදුරු මර්ධන ඒකකයෙහි සහ ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතාගේ උපදෙස් පරිදි රෝගීන් හදුනාගැනීම පිනිස සිදු කරනලද පරීක්ෂාවන් අනුව මෙම වසර තුලදී මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 130 දෙනෙකු පමණ හඳුනා ගැනීමට හැකිව ඇති බව දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය නිලංගී සුභසේකර මහත්මිය ප්‍රකාශ කළාය. ලාදුරු රෝග තත්ත්වය කලින් හඳුනාගනිමින් නිසියාකාරව වෛද්‍ය ප්‍රතිකාර ලැබීම මත නිට්ටාවට සුවපත්විය හැකි බව සදහන් කළ වසංගත රෝග වේදඥවරිය , හිරිවැටීම් සහිත වීම සහ සමෙහි ළප කැළල් වැනි රෝග ලක්ෂණ…
අද (31) දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.…
යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අද දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව සිය ට්විටර් (X) ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ, අමාත්‍ය මණ්ඩලය විසින් යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවටට ඉදිරිපත් කරන බවයි. යෝජිත ප්‍රතිසංස්කරණයන් හරහා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කර කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ සහ තරගකාරීත්වය වැඩිදියුණු කිරීම මගින් පෞද්ගලික අංශයට විදුලිබල සේවා සැපයීම සඳහා අවස්ථාව සැපයීම සිදු කෙරෙන බවයි සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය අද (30) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා විය. ඒ අනුව TK -730 දරන ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිට අද උදෑසන 05.40ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත. මෙම ගුවන් යානයෙන් මගීන් 261 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. ගුවන් ගමන සඳහා පැය 08ක කාලයක් වැය වන අතර සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල උදෑසන 05.40ට තුර්කියේ සිටත් නැවත උදෑසන 07.40ට කටුනායක ගුවන් තොටුපොළෙන් තුර්කිය බලාත් පිටත්වීමට නියමිතය. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 7ක ප්‍රමාණයක් අස්ථානගත වී ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි එහි සභාපතිවරයා සඳහන් කළේ. අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් මිලියන 650 ත් 700 ත් අතර බව ඇස්තමේන්තු ගත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායල ආරක්ෂක අංශ මවිත කරමින්, බුද්ධි අංශවලට හොරා, එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ, ආරක්ෂක අංශ පමණක් නොව, තමා ද වගකිව යුතු බවත්, යුද්ධය අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. පසුගිය 7 වැනිදා එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල බුද්ධි අංශ, ආරක්ෂක අංශ පමණක් නොව, අග්‍රාමාත්‍යවරයා ලෙස තමා ද වගකීම බාර ගැනීමට සූදානම් බවත්, දඬුවම් විඳීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය නෙදන්යාහු වැඩි දුරටත් අවධාරණය කර තිබේ. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.