Author: Buzzer Editor

පළාත් මට්ටමින් සිදුකරන සංකේත වැඩ වර්ජන මාලාව යටතේ අද දිනයේ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් වැඩවර්ජනය දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද දිනයේ උතුරු පළාතේ සියලුම රජයේ රෝහල්වල පැය 24 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ. කෙසේ නමුත් වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද ඌව පළාතේ හදිසි ප්‍රතිකාර සේවා පවත්වාගෙන යන බවත් මාතෘ රෝහල්, පිළිකා රෝහල්වල සහ ළමා රෝහල්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය, ඇගේ 18 වැනි ඡන්ම දිනය දා ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන්නාය. ඒ අනුව, ලියොනෝර් කුමරියට, ඇගේ පියා 6 වැනි පිලිපේ රජුගෙන් පසු රජකමට පත් වීමට හැකිවනු ඇත. සම්ප්‍රදායට අනුව, කුමරිය දිවුරුම් දුන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ රටේ ව්‍යවස්ථාපිත වටිනාකම් රකින බවට ප්‍රතිඥා දෙමිනි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

ආනයනික සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක් දක්වා ඉහළ දමා තිබෙනවා. මෙතෙක් කිලෝග්‍රෑමයට ශත 25 ක්ව පැවති මෙම බද්ද, අද (02) සිට රුපියල් 50ක් දක්වා ඉහල දැමෙන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙතින් ඉල්ලයි. පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මෙසේ ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලය දිගට හරහට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත් වීම නැවැත්වීමේ අරමුණ ඇතිවය. ඊශ්‍රායල බලධාරීන් සහ ඊශ්‍රායල හමුදාව යුද අපරාධ කරනවා යැයි ද පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් චෝදනා නගා තිබේ. මේ වනවිට පලස්තීන වැසියන්ට ලබා දෙන ආහාර, ජලය සහ විදුලිය නැවැත්වීමට ද ඊශ්‍රායලය පියවර ගෙන ඇත. එය ද යුද අපරාධයක් බවට චෝදනා එල්ල වෙයි. (අල් ජසීරා) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය…

Read More

කොළඹ කලාපයේ බස් රථ ප්‍රමුඛථා මංතීරු වැඩ සටහන හෙට සිට 14 දා දක්වා සති දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. මේ අනුව මෙට සිට 14 දා දක්වා මෙම නියමු ව්‍යාපෘතිය වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල සිට ගාලු පාර ,පිටකොටුව දක්වා බස් රථ ඇතුළුවීම පෙරවරු 6.00 සිට 9.00 දක්වාද, මරදාන පාර බොරැල්ල හන්දියේ සිට පිටකොටුව ඕල්කට් මාවත ඇතුළුවීම පෙරවූ 6.00 සිට 9.00 දක්වාද, පිටවීම පස්වරු 4.00 සිට 9.00 දක්වාද වන ලෙස ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ, පුද්ගලික බස් රථ, පාසල් බස් හා වෑන් රථ, කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරන…

Read More

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) තීන්දු කළේය. ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කරනු ලැබීය. මරණ පරීක්ෂණයේ දී පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරු ව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

අද (02) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට…

Read More

‘ජබාලියා’ සරණාගත කඳවුර වෙත එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ලතින් ඇමෙරිකා රටවල් ඊශ්‍රායලයට විරෝධය දක්වමින්, ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ තානාපතිවරුන් යළි ගෙන්වා ගැනීමට තීරණය කර තිබේ. තානාපතිවරුන් ගෙන්වා ගැනීමට තීරණය කළ ලතින් ඇමෙරිකානු රටවල් වන්නේ බොලිවියාව, කොලොම්බියාව සහ පේරු රාජ්‍යයයි. මේ අතර, තවත් ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන චිලී රාජ්‍යය ද ‘ජබාලියා’ සරණාගත කඳවුරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ. චීලී ජනාධිපති ගේබි්‍රයෙල් බොරික් පවසා ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාරයෙන් ‘ජබාලියා’ සරණාගත කඳවුරේ පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත්වීම කිසිසේත් සමාව දිය හැකි කරුණක් නොවන බවය. අරාබි ලෝකයෙන් පිට, වැඩිම පලස්තීන ප්‍රජාවක් ජීවත් වන්නේ චිලී රාජ්‍යයේය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World…

Read More

සබරගමුව විශ්විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සුනිල් ශාන්ත පත්කර තිබෙනවා. මේවන විටත් ඔහු එම විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන බවයි සඳහන් වන්නේ. ඒ අනුව නොවැම්බර් මස 02 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි වසර තුනක කාල සීමාවක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් නිල සංචාරයක් සඳහා අද (01) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ. සංචාරය අතරතුර නිර්මලා සීතාරාමන් නොවැම්බර් 2 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ 200 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කරන ලද ‘NAAM 200’ හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට නියමිතයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More