Author: Buzzer Editor

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ පළමු පියවර ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් බවට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. ඒ අනුව තෙල් පිරිපහදුවට අවශ්‍ය ආයෝජනය සොයාගැනීම, ඉන්ධනවල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ ධාරිතාව ඉහළ නංවා පිරිවැය අඩු කිරීමට හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා කීය. ඛනිජ තෙල් සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාව සහ වැටුප් ව්‍යූහය සමාලෝචනය කර විවිධ කාර්යන් සහ සේවාවන් සඳහා ඩිජිටල් වේදිකා හඳුන්වාදීමට ද නියමිත බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන කාලය සහ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තෙල් පිරිපහදුව යන ආයතනවල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ අමාත්‍ය කංචන…

Read More

චීන විද්‍යාඥයන්, ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය, සඳේ අඳුරු කලාපයට යවා ගෙන්වා ගත් පස් සාම්පල මේ වනවිට වැඩි දුර පර්යේෂණ සඳහා පර්යේෂණාගාරයකට රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ. ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානයේ කැප්සියුලය, පස් සාම්පල රැගෙන පෘථිවියට පැමිණියේ ඊයේ (25) ය. කැප්සියුලය පැරෂූට් ආධාරයෙන් පතිත කෙරුණේ මොංගෝලියාවේ චීනයට අයත් ප්‍රදේශයකටය. චීනය මීට පෙර ද රොබෝ යානයක් සඳේ අඳුරු කලාපයට යවා ඇත. එසේ වුවත්, සඳේ අඳුරු කලාපයට රොබෝ යානයක් යවා අඳුරු කලාපයේ පස් ගෙන්වා ගත් පළමු අවස්ථාව මෙයයි. ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය ගෙනා පස් ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙකකි. (AFP) Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර…

Read More

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම යුද හමුදාවට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමට අදාලව දැනට ක්‍රියාත්මක වෙමින් පවතින හා ක්‍රියාත්මක කිරීමට යෝජිත නව උප ව්‍යාපෘති වල ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ඉටු කරවා ගැනීම පිණිස 2024-01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව එම ක්‍රීඩාංගනයේ කණිෂ්ඨ ක්‍රීඩාගාරයෙහි සහ නව මලල ක්‍රීඩා පිටියේ දෙවන නැරඹුම් පිඨිකාවෙහි වහලයන් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එකී ඉදිකිරීම් කාර්යයන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ඉටු කරවා ගැනීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය…

Read More

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබන හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ. ඒ අනුව එම ගුවන්තොටුපොළ සඳහා ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සහ ඊට අදාල අනෙකුත් කාර්යයන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුවේ නිර්දේශ පරිදි හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ අංග සම්පූර්ණ ගුවන්තොටුපොළක් වශයෙන් සංවර්ධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආරක්ෂක…

Read More

මීටර් 27 ක් පළල දැවැන්ත ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කරනු ඇති බවත්, ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වී, එය පෘථිවියේ හැපුණොත්, මහා විනාශයක් වීමට ඉඩ ඇති බවත් ඇමෙරිකාව් නාසා ආයතනය පවසා ඇත. එසේ වුවත්, ග්‍රහකයේ ගමන් මඟ කිසිදු හේතුවක් නිසා වෙනස් නොවනු ඇති බවත්, පෘථිවිය එයින් කිසිදු අනතුරක් සිදු නොවනු ඇති බවත් නාසා ආයතනයේ විද්‍යාඥයෝ සහතික වූහ. තාරකා විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ ‘2024කේ.එන්.1’ යනුවෙනි. ග්‍රහකය පෘථිවිය අසලින් යනු ඇතැයි පැවැසෙන්නේ, පැයට කිලෝ මීටර් 16,500 ක වේගයකිනි. (NDTV) Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Read More

දේශීය පොල්තෙල් නිෂ්පාදනය සඳහා බදු අය නොකරන්නේ නම් පාරිභෝගිකයන්ට රුපියල් 350ත් 380ත් අතර මිලකට පොල්තෙල් ලීටරයක් ලබාදීමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ආනයනික තෙල් මිල වෙළඳපොළ තුළ සීඝ්‍රයෙන් ඉහළ යන බැවින් රජය දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන්ට සහන ලබාදිය යුතු බවයි එහි ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා සඳහන් කළේ. පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවා ගනිමින් ඔවුන්ට සිතෙන පරිදි මිල දර්ශන ඉදිරිපත් කරන බවත්, කිසිඳු මිල පාලනයක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Read More

අඟහරු මතුපිට, අලුතින් සොයා ගත් ආවාටයක් ඉන්දීය භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් ට ගරු කිරීමක් ලෙස ‘ලාල්’ යන නමින් නම් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියවර ගෙන ඇත. භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් (1929-2012) කීර්තිමත් විද්‍යාඥයෙකි. අහ්මදාබාද් නුවර ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පිහිටුවීමේ දී එහි පුරෝගාමියකු වූයේ ද දේවේන්ද්‍ර ලාල් ය. ‘ලාල්’ යන නමින් නම් කෙරුණේ අඟහරුගේ දකුණු අර්ධගෝලයේ කිලෝමීටර් 69ක විශ්කම්භයකින් යුත් ආවාටයකි. ඊට අමතරව තවත් ආවාට දෙකක් උතුරු ඉන්දීය නගර දෙකක් වන ‘මුස්රාන්’ සහ ‘හිල්සා’ යනුවෙන් ද නම් කිරීමට ඉන්දීය ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියවර ගෙන ඇත. ඉන්දියාව අඟහරු ගවේෂණයට අඟහරු කක්ෂයට රොබෝ ගවේෂණ යානයක් යවා තිබේ. මෙම යානය හැඳින්වෙන්නේ ‘මංගල්‍යාන්’ යනුවෙනි. මේ…

Read More

2025 අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පදිංචිව සිටින සහ හිස්ව තිබෙන නේවාසික දේපොළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් මෙය හඳුන්වාදීමට යෝජනා කර ඇති බවයි එම අරමුදල සඳහන් කරන්නේ. රජයේ ආදායම ඉහළ දැමීම සඳහා මෙවැනි බද්දක් හඳුන්වා දීම ඉතා වැදගත් බවත් මෙම බදු ක්‍රමය 2026 වසර වනවිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ආරෝපණය කළ කුලී ආදායම් බද්දක් යනු නිවසක හිමිකරුවෙකු සිය නිවස කුලියට ලබාදුන්නේ නම් ඔහුට හෝ ඇයට ලබාගත හැකි ආදායම ඇස්තමේන්තු කර ඒ සඳහා…

Read More

රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියාවට විරෝධය පළ කරමින්, අත්හිටවූ රුසියානු වත්කම් යොදාගෙන ඒවා, යුක්රේනයට ආධාර ලෙස ලබා දීමට ‘ජී7’ රටවල නායකයන් ඒකමතිකව තීරණය කිරීම, රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. රුසියන් රජය වෙනුවෙන්, එරට විදේශ කටයුතු අමත්‍යාංශයේ, ප්‍රකාශිකා මාරියා සකරෝවා, මාධ්‍ය හමුවක් කැඳවමින් අනතුරු ඇඟවූයේ, ‘ජී7’ නායකයන් ගත් මෙම තීරණය, යුරෝපා සංගමයට ‘වේදනාකාරී’ ප්‍රතිඵල උදා කරනු ඇති බවය. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

පිටසක්වළ ජීවීන් සැබෑවක් බවත්, මනුෂ්‍ය පෙනුමට සමාන පෙනුමැති පිටසක්වළ ජීවීන් අප මනුෂ්‍යයන් අතරේ ජීවත්වන බවත් ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් අපූරු අදහසක් ඉදිරිපත් කර තිබේ. හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් මෙසේ පවසා ඇත්තේ පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ඇතුළත් විශේෂ පර්යේෂණ වාර්තාවක් එළිදක්වමිණි. (Dailymirror) Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Read More