Author: Buzzer Editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඒ අනුව අද පස්වරු 2.00 ට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ. එහිදී විශේෂ වාර්තා 02ක් සහ මීට පෙර කෝප් කමිටු දෙකක සිදුකළ නිර්දේශ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

අපනයනය පදනම් කර ගත් ස්ට්‍රොබෙරි වගාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සිය අනුමැතිය ලබා දී ඇත. දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට මෙලෙස අනුමැතිය දී තිබේ. මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළියේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම් වලින් හෙක්ටෙයාර් එකක් පළමු අදියර යටතේ දීමට එකඟත්වය පළ කෙරිණි. ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉන්පසු අවශ්‍ය වුවහොත් හෙක්ටෙයාර් 10ක් දක්වා ස්ට්‍රොබෙරි වගාව සඳහා ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. ස්ට්‍රෝබෙරි අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන්නේ 57වන ස්ථානයයි. නව තාක්ෂණය යොදා ගැනීම මගින් ස්ට්‍රොබෙරි වගා කළහොත් වසරකට හෙක්ටෙයාර් එකකින් ඇමරිකන්…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා පත්කරනු ලැබූ අතුරු පාලන කමිටුවේ කටයුතු අත්හිටුවමින් ඉකුත්දා නිකුත් කරන ලද අතුරු තහනම් නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබෙනවා. ඒ අනුව සිය පෞද්ගලික නීතීඥවරු මාර්ගයෙන් අදාළ විරෝධතා ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ගොනුකරනු ලැබූ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු සහ ඊට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා අතුරු තහනම් නියෝග නිකුත් කර තිබුණා. එම අතුරු තහනම් නියෝග ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම මෝසම ඉදිරිපත් කර…

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙතට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද්වේෂ සහගතව තහනම් කළේ ඇයිදැයි එහිදී විමසන බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයක දේශපාලන බලපෑම් හෝ අතපෙවීම් කර නැතැයි පැවසූ අමාත්‍යවරයා මුළු පාර්ලිමේන්තුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලකයන් ගෙදර යා යුතු බව එකහෙළා අනුමත කළ බවද ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුද්ද කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත්…

Read More

ඩෙංගු අධි අවදානම් කලාප ගණන 44 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඩෙංගු වැළඳීමෙන් මේ වනවිට පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් ඇති බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳඟා ලබන සඳුදා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Read More

ජංගම දුරකථ​න සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගකයින් තමන් භාවිතා කරන සිම්පත් තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත්වී ඇති සිම්පත් පිළිබඳව තමන් දැනුවත්ව සිටිය යුතු බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ. ඒ අනුව යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ වැඩසටහනේ පළමු අදියර සඳුදා (නොවැම්බර් 13) සිට සෙනසුරාදා (නොවැම්බර් 18) දක්වා පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වනවා. තමන්ගේ හැඳුනුම්පත යටතේ තමන් නොදන්නා වෙනත් සිම්පත් ලියාපදිංචි වී ඇත්නම් එවා…

Read More

ටයිටැනික් නැව අයිස් කුට්ටියක හැපී මුහුදේ ගිලී යෑමට පෙර, එදින රෑ, නැවේ පළමු පංති​යේ ගමන් කරමින් සිටි මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ඇතුළත් මෙනු පතක් එංගලන්තයේ දී වෙන්දේසි කිරීමට නියමිතය. වෙන්දේසිකරු වන්නේ ඇන්ඩෲ ඕල්ඩ්රිච් ය. ඔහුට මෙම මෙනුපත ලැබී ඇත්තේ කැනේඩියානු ජාතික ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් මාර්ගයෙනි. මෙනු පත පිළිබඳව ස්ටීවන්සන්ගේ පවුලේ අය පවා දැන නොසිටි බව පැවැසෙයි. විදෙස් මාධ්‍ය අනුව, 2017 වසරේ ලෙන් ස්ටීවන්සන්ගේ මරණයෙන් පසු ඔහුගේ බඩු බාහිරාදිය සිය දියණියටත් ලේලියටත් උරුම කර තිබේ. මෙනුපත තිබී ඇත්තේ එම බඩු බාහිරාදිය අතරේය. ටයිටැනික් නැවේ ඛේදවාචකය සිදුවූයේ 1912 අප්‍රේල් 15 වැනිදාය. ගිල්ලන්න බැරි යැයි පැවැසුණු නැව අත්ලාන්තික් සාගරයේදී අනතුරට ලක් වී…

Read More

ඉන්දියාව සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා (RCEP) සංගමයේ රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම මෙන්ම යුරෝපා සංගමය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය අවධිය දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පාලන සමයේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමය දක්වා දිවෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් සිදුවන වෙනස්වීම් හමුවේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව ඉතා වැදගත් වන බව ද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ වාර්ෂික සහතික…

Read More

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තිදෙනෙක් මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. දේශපාලන මැදිහත්වීමකින් තොරව කටයුතු කිරීම පිළිබඳ කාරණා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ. අදාල කොන්දේසි පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More