Author: Buzzer Editor

යල කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 389ක් අද (19) සිට ගොවීන් අතර බෙදා දීමට රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගොවීන් 250 දෙනෙකුට වන්දි පිරිනැමීම මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. පසුගිය යල කන්නයේ අක්කර 65,000ක් නියඟයෙන් හානියට පත්වූ අතර, පසුව ඇති වූ වර්ෂාව හේතුවෙන් අස්වැන්න නෙළීමට ආසන්න ව තිබූ කුඹුරු අක්කර 11,000ක් විනාශයට පත්ව තිබුණා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

මේ වනවිට නොගෙවා පැහැර හැර ඇති බදු ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයක් පමණ වන බව ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. දැනට එකතු කර ගෙන ඇත්තේ රුපියල් බිලියන 175 ක තරම් බදු ප්‍රමාණයක් බව ද, රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට ප්‍රමාණවත් තරමේ මුදලක බදු අයකර ගත නොහැකිව සිර වී ඇති බව ද එහිදී හෙළිවුනා. ටියුෂන් පන්ති, නීතිඥ ගාස්තු යනාදියෙන් බදු අයකර ගැනීම සදහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීම ආදී යෝජනා ගැන ලබා දී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළ බවයි කාරක සභාව පවසන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ වගකීම බාරගෙන, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු වහාම ධුරයෙන් ඉවත් විය යුතු බව එරට විපක්ෂ නායක යායිර් ලපිඩ් පවසයි. ඊශ්‍රායලයට හමාස් ත්‍රස්තවාදීන් දේශසීමා හරහා පහර දුන්නේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය. එය ඊශ්‍රායලයේ මොසාඞ් බුද්ධි අංශය ඇතුළු සෙසු බුද්ධි අංශවලටත් ආරක්ෂක අංශවලටත් එල්ල වුණු අතුල් පහරක් ලෙස සැලකෙයි. ‘මොසාඞ්’ යනු ලොව අති දක්ෂ බුද්ධි අංශයකි. මොසාඞ් ඇතුළු ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ දුර්වල වූයේ අග්‍රාමාත්‍ය නෙනද්යාහුගේ පරිපාලනයේ දුර්වලතා නිසා යැයි එම හමාස් ප්‍රහාරයේ වගකීම ඔහුට ද දැරීමට සිදුවනු ඇති බවත් විපක්ෂ නායක ලුපිඞ් පෙන්වා දී තිබේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ද තමන්…

Read More

කැළණිතිස්ස බලාගාරය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ (17) සිට සති 06 ක් වසා දැමෙන බව වාර්තා වනවා. බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුතු සඳහා මෙසේ වසා දැමෙන බවයි වැඩිදුරටත් පැවසෙන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.එම ආරංචි මාර්ග පවසන්නේ වෛද්‍ය පාලිත මහීපාල මහතා එළැඹෙන සඳුඳා (20) දිනයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි. මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

Read More

2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන මෙරට සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත් අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයා කීය. එසේම විශ්ව විද්‍යාල සිසුන්ට ද ඉංග්‍රීසි දැනුම ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ අධ්‍යාපනඥ ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණසමරු උත්සවයට එක් වෙමිනි. ඊයේ (16) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි. ආර්.අයි.ටී. අලස් මහතාගේ 10 වන ගුණ සමරුව නිමිත්තෙන් “මගේ මංපෙත” ස්වයං චරිතාපදානය…

Read More

නැවත දැනුම්දෙන තුරු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු රැස්වීම් අත්හිටුවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

Toyota Lanka (Pvt) Ltd විසින් එහි අනුබද්ධිත ආයතනය වන Toyotsu Lanka (Pvt) Ltd සහ Bharat Petroleum සමඟ එක්ව ශ්‍රී ලංකාවේ MAK Lubricants නව යුගයක සමාරම්භය පසුගියදා සනිටුහන් කරන ලදි. “Journey of MAK-Unveiling Performance Beyond Limits” යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සඳහා එම ආයතනවල ගෞරවනීය හවුල්කරුවන් සහ Bharat Petroleum Corporation Limited හි නියෝජිතයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. මෙම අවස්ථාවට පැමිණ සිටි ආරාධිතයින් උණුසුම් ලෙස පිළිගනිමින් Toyota Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල මහතා Toyota Lanka අනුබද්ධ Toyotsu Lanka සහ Bharat Petroleum Corporation අතර ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව සිය සතුට පළ කරමින් මෙසේ සඳහන් කළේය. “අපගේ…

Read More

ඊශ්‍රායලයට බලශක්තිය ලබා දෙමින් ඒ වෙනුවට ඊශ්‍රායලයෙන් පානීය ලබා ගැනීමේ ගිවිසුමට තමන් අත්සන් නොකරන බව ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය තීරණය කර තිබේ. ජෝර්දානය ඊශ්‍රායලය සමඟ අමනාප වී ඇත්තේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් අහිංසක පලස්තීන මුස්ලිම් වැසියන් ජීවිතක්ෂයට පත් වීමට විරෝධය පළ කරමිණි. ‘ඊශ්‍රායලය සමඟ කලාපීය වශයෙන් අප ව්‍යපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඊශ්‍රායල හමාස් යුද්ධය නිසා ඒ සියල්ල අප අත්හිටුවීමට තීරණය කළා.” යැයි ජෝර්දාන විදේශ ඇමැති අයිමන් සෆාඩි අල් ජසීරා පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා තිබේ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත්කළ කැබිනට් අනුකමිටුව විසින් අදාළ ඉල්ලීම සිදුකළ බවයි අද (17) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් යුතුව එම කැබිනට් අනුකමිටුව පත් කළ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සාකච්ඡා කිරීමටද එම අනු කමිටුවට බලය පවරා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More