Author: Buzzer Editor

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හට එරෙහි නඩු විභාගය යළි ආරම්භ වීමට නියමිතය. වසර කීපයක් තිස්සේ පවතින මෙම නඩු විභාගය පසුගිය කාලයේ තාවකාලිකව නවත්වා දැමීමට නීතිපතිවරයා නියෝග කර තිබුණේ තිබුණේ ඊශ්‍රායල හමාස් ගැටුම මුල්කොට ගනිමින් හදිසි තත්ත්වයක් පැවැති නිසාය. කෙසේ නමුත් දැන් ජෙරුසලම අධිකරණයක්, අග්‍රාමාත්‍යවරයාට එල්ල වන එම දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාගය පැවැත්වීමට සුදානම් බය ඊශ්‍රායල මාධ්‍ය පෙන්වා දෙයි. අග්‍රාමාත්‍ය බලතල අයුතු ලෙස භාවිතයට ගනිමින්, වංචා සහ අල්ලස් චෝදනා එල්ල වී ඇත. ඊට අමතරව, අග්‍රාමාත්‍යවරයා ලෙස විශ්වාසය කඩ කළ බවට ද චෝදනා එල්ල වී තිබේ. මෙම චෝදනා ගොනු කිරීම සිදුවූයේ 2019 වසරේදීය. අග්‍රාමාත්‍ය නෙදන්යාහුට පමණක් නොව, ඔහුගේ…

Read More

ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2022 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 898 දක්වා 14.6% කින් පහත වැටී තිබෙනවා. එය 2023 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 13.13% ක අඩුවීමක් බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ. ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි ක්ෂේත්‍රවල අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළඳ භාණ්ඩ අපනයන පහත වැටීමට හේතු වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. (සෘජු උපුටාගැනීම: එසැණ) Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Read More

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති Michaung චණ්ඩ සුළි කුණාටුව උතුරු දෙසට ගමන් කර, අද දෙසැම්බර් 05 දින පැය 1130 වනවිට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු…

Read More

2023 වර්ෂය සඳහා රජය විසින් අයවැය ලේඛනය මගින් වෙන් කරන ලද මුදල් අදාල ව්‍යාපෘතින් සඳහා වැය කිරීමේ දී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුල්‍ය කළමණාකරණ සාර්ථකත්වය සියයට 100ක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 2023 වර්ෂයේ කුඩා වැව් පද්ධති ප්‍රතිසංස්කරණය, ගොවීන්ට පැරෂුට් තැටි ලබා දීම, Geo Goviya යෙදවුම මගින් කුඹුරු ඉඩම් මැනීම, තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීම ආදි ව්‍යාපෘති රැසක් සඳහා රුපියල් මිලියන 3000ක් රජය මෙම වසරේ අයවැය ලේඛනය මගින් වෙන් කර තිබිණි. එසේ වෙන් කරන ලද මුදලින් රුපියලක් හෝ නැවත භාණ්ඩාගාරයට හරවා යැවීමට ඉඩ නොතබමින් ඉතාමත් සාර්ථක ලෙස අදාල මුදල නියමිත ව්‍යාපෘති සඳහා නියමිත කාලයේ වැය කිරීමට…

Read More

වසා දැමූ නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) අද (04) යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 6.00 සිට නව කැලණි පාලම විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ. යළිත් දෙවන අදියර යටතේ දෙසැම්බර් 8 වනදා රාත්‍රී 9.00 සිට දෙසැම්බර් 11 වන සඳුදා පෙරවරු 6.00 දක්වා නව කැලණි පාලම වසා දැමීමට නියමිතයි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී, ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහාය ලබා දෙමින්, ගාසා තීරයට පහර දීමට ඉඩ දී, ගාසා තීරයේ මුස්ලිම් වැසියන් ඝාතනය කිරීමට ඉඩ දෙනවා යැයි ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් හට ඇමෙරිකාවේ මුස්ලිම් වැසියන්ගෙන් දෝෂාරෝපණ එල්ල වෙයි. මුස්ලිම් වැසියන් තරයේ පවසා ඇත්තේ ලබන 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින බයිඩන්ට තමන් ඡන්දය ලබා නොදෙන බවය. (CNN) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 75 වන වියේ පසු වුණා. සුමින්ද සිරිසේන මහතා වේදිකාවෙන් ටෙලි නාට්‍යයටත්, ටෙලි නාට්‍යයෙන් සිනමාවටත් පිවිසි අග්‍රගණ්‍ය කලාකරුවෙක් වනවා. වේදිකාවෙන් සිය රංගනය ආරම්භ කළ සුමින්ද සිරිසේනයන් මනමේ, සිංහබාහු, මහාසාර ආදී වේදිකා නාට්‍ය ගණනාවකට සිය දායකත්වය සපයා ඇති අතර දුහුල් මලක්, සප්ත කන්‍යා, සමනල තටු ඔහුගේ රංගනයෙන් වර්ණවත් වූ සිනමා පට අතරින් කිහිපයක්. සිය රංගන ප්‍රතිභාව නිසාම හොදම නළුවා සහ හොදම සහය නළුවාට හිමි සම්මානය අවස්ථා රැසකදී තමන් සතු කර ගැනීමට ඔහු සමත්වුණා. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති Michaung සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවෙන් ඉවතට, වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන් කර 2023 දෙසැම්බර් 05 දින වනවිට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, උතුරු, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි…

Read More

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ පැවැති තාවකාලික සටන් විරාමය අවසන් විය. ඒ, සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කරමින්, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟය. තාවකාලික සටන් විරාමය අවසන් වූයේ සතියකට පසුවය. සටන් විරාමය ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය. ඒ, සිවු දින සටන් විරාමයක් ලෙසය. පසුව දෙපාර්ශ්වය අතරේ පැවැති සාකච්ඡා සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස සටන් විරාමය සතියක් දීර්ඝ කර ගැනුණි. හමාස් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරය සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කිරීමක් බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් යළි ප්‍රහාර ආරම්භ කළ බවත් ඊශ්‍රායල හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් සටන් විරාමයකට කැමැති…

Read More

ජනප්‍රිය ගීත නිර්මාණ රැසක් සංගීතවත් කල ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ මහතා අභවප්‍රාප්ත වී තිබෙනවා. තාර පාර දිග පාට පාට කඩ, කටු අකුලේ මල් ඇහැරේ, පහන තියා බුදු සාදුට ආදී ජනප්‍රිය ගීත රැසක්ම ඔහු අතින් සංගීතවත් වූ අතර, අඹ යහළුවෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසකටම ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායකත්වය ලබාදුන්නා. ගුරුවරයෙකු, ගුරු උපදේශකවරයෙකු හා සංගීත විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙසද මහඟු මෙහෙයක් කළ ආනන්ද ගමගේ මහතා මිය යන විට 73 වැනි වියේ පසුවුනා. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More