- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
දිවයිනේ බොහෝ පළාත්වල අද (08) පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවවලියේදී කොළඹ ආර් ප්‍රේමදාස සහ මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන් කළ කැපවීම අගයමින් ප්‍රදානය කළ ඇමරිකානු ඩොලර් 50,000 ක මුදල සේවකයින්ට බෙදාදීම සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සේවකයන් 138 ක් සහ පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ සේවකයන් 115 ක් ඇතුළු සමස්ත සේවකයන් 253 කට මුදල් ත්‍යාගය හිමිවන බවයි සඳහන් වන්නේ. ඇමරිකානු ඩොලර් 50,000 ක මුදල ශ්‍රී ලංකා මුදලින් වටිනාකම රුපියල් ලක්ෂ 160 ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. (සෘජු උපුටාගැනීම: එසැණ) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ඩුබායි හි පැවැත්වෙන ලෝක දේශගුණ ක්‍රියාකාරී සමුළුව අතරතුරේ, ඉතාලි අග්‍රාමාත්‍යවරිය වන ජෝර්ජියා මොලෝනී ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසුණු අතර, තමන් සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින්නැයි ඉතාලි අග්‍රාමාත්‍යවරිය කළ ඉල්ලීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක පයින් කැමත්ත පළ කළේය. ඉන්දියාව ඉතාලියේ හොඳ මිතුරකු බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි තමන් දැඩි ලෙස ගරු කරන ලෝක නායකයකු බවත් අග්‍රාමාත්‍යවරිය එම සෙල්ෆි ඡායාරූපය ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධියට පත් කරමින් පවසා තිබේ. (NDTV) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබන 12 වැනිදායින් පසු ලැබෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. ඒ අනුව එම ණය මුදල සමග මෙරට බංකොලොත්භාවයෙන් මිදෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය. ස්වෛරීත්වය පාවාදී විදේශ රටවලට වුවමනා විදිහට කටයුතු කිරීමට සූදානම් නැතැයි පැවසූ විදේශ කටයුතු අමාත්‍යවරයා තවත් පරම්පරාවක් බෙදුම්වාදයට තල්ලු කිරීම අනුමත නොකරන බවද සඳහන් කළේය. අලි සබ්රි මහතා මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
අද (07) දිනයේදී දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුව පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගත් තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම යළි මෙම මස 13 දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය. මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේ දී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා කල් අවශ්‍ය බව දන්වා සිටියේය. ඒ අනුව නඩුව දෙසැම්බර් මස 13 දා දක්වා කල් තැබුණි.එදින තෙක් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග කිසිවක් නොගන්නා බවත් නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අධිකරණයට…
ප්‍රංශයේ පැරිස් අගනුවරට කුඩා සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටුණි. නියමුවා ද ඇතුළු තිදෙනකු යානයේ සිටි අතර, බරපතල තුවාල ලබා සිටි ඔවුන්ගේ ජීවිත ගලවා ගත් බව පොලිසිය පවසයි. යානය පියිසර කරමින් තිබියදී එහි ඇන්ජිමේ දෝෂයක් හටගෙන ඇත. නියමුවා උත්සහ කර ඇත්තේ එය නගරයේ වීදියකට ගොඩබෑමටය. කෙසේ නමුත් යානය මහල් නිවාස ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුර සිදුවුණු බව පොලිසිය පවසයි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ස්වදේශ කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ඊ-ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය හෙවත් ‘ජාතික උප්පැන්න සහතිකය’ නිකුත් කිරීම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (5) ආරම්භ කළේය. ඒ අනුව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ. ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සඳහන් කළේ. ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලබා දෙන අංකය ජාතික හැඳුනුම්පත් අංක බවට පරිවර්තනය වන බවත් දරුවකුට උපතේදීම අනන්‍යතා අංකයක් ලබා දීමට හැකියාව ලැබෙන අතර…
බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති Michaung සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී මෙම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විශේෂයෙන් උදේ කාලයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර…
නෙදර්ලන්තය විසින් යළි මෙරටට ප්‍රදානය කළ කෞතුක භාණ්ඩ අද (05) සිට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරන බව කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසනවා. 18 වන සියවසේදී ලන්දේසින් විසින් මහනුවර රජ මාළිගයේ තිබී රැගෙන ගොස් තිබූ මෙම කෞතුක භාණ්ඩ පසුගියදා එරට රජය විසින් නැවත ලබා දී තිබුණා. ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් කස්තාන දෙකක්, පිහි දෙකක්, රිදී කස්තාන සහ තුවක්කු දෙකක් මෙම පෞරාණික භාණ්ඩ එකතුවට ඇතුළත්ව තිබෙනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.