- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
ජනවාරි මාස වැට් බදු වැඩි වීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. ජනවාරි මාසයේ සිට බස් රථ ආනයනයේදී සාමාන්‍ය බස්රථයකි එක්කෝටි පනස් හත් ලක්ෂයක් පමණ වන බවත් එම මිලට බස් රථයක් මිලදී ගෙන සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නොමැති බවත් බස් අමතර කොටස් මිල, ලිහිසි තෙල් මිල, ඉන්ධන මිල, සේවා ගාස්තු සියලුම දේවල් ඉහළ යන බවත් විජේරත්න මහතා කීය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන බව ද විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය. (සෘජු උපුටාගැනීම: ලංකාදීප) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ…
තරංගාකාර වායුගෝලීය කැළඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනය වීමක් අද දින (14) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, මාතලේ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. යාපනය, වවුනියාව, කිලිනොච්චි, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. නැගෙනහිර, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 පමණ තද වැසි ඇතිවිය හැකියාව පවතිනවා.…
පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. පාසල්වල විදුහල්පතිවරුන්ට එම ඇණවුම් ඉදිරිපත් කළ හැකි බවද ඔහු සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි. (සෘජු උපුටාගැනීම: ලංකාදීප) දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
2024 අයවැය තෙවනවර කියවීම අද (13) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒ අනුව අයවැය තෙවන වර කියවීමට පක්ෂව ඡන්ද 122 ක් හා විපක්ෂව ඡන්ද 81 ක් හිමි වුණා. අයවැය තෙවන වර ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළිත් ජනවාරි 9 වන දින දක්වා කල් තැබුවා. 2024 වසරේ ජනවාරි 9 වනදා ඒ අනුව යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ගාසා තීරයට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හමුවේ, ඊශ්‍රායලයට හිමිවන ගෝලීය සහාය දිනෙන් දින අඩුවන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකා ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ, ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව අවධාරණය කිරීමේ ‘නොබැඳි’ යෝජනාව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත කර ගැනීමත් සමඟය. ‘නොබැඳි’ යෝජනාව සම්මත වූයේ රටවල් 153 ක් ඊට ඡන්දය ලබා දෙමිනි. යෝජනාවට රටවල් 23 ක් විරුද්ධ වූ අතර, ඇමෙරිකාව ද ඒ අතර සිටී. ඇමෙරිකාව කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දෙයි. ඒ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලයට අයිතියක් ඇතැයි පෙන්වා දෙමිනි. එසේ වුවත්, ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය බව, ඇමෙරිකාව දිගින් දිගටම අවධාරණය කර…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වහාම ලබා දීමට එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ඊයේ (12) ලබා දුන්නේය. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් දෙවැනි වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අත්කර ගෙන ඇති ප්‍රගතිය සොයා බැලීම සඳහා එම අරමුදලේ නිලධාරීන් සිදු කළ පළමු සමාලෝචනය ඊයේ (12) විධායක කමිටුවට ඉදිරිපත් විය. එහිදී ශ්‍රී ලංකාව ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් වන බවත් ඒ හේතුවෙන් දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමැතිය ලබා දෙන බවත් විධායක කමිටුව…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන…
2024 IPL තරගාවලිය සඳහා කණ්ඩායම් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333 දෙනෙකුගේ නම් ස්ථිර කර තිබෙනවා. එළඹෙන 19 වැනි දා ඩුබායි හිදි පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩකයින් 214ක් සහ විදෙස් ක්‍රීඩකයින් 119ක් ඇතුළත් වී තිබෙනවා. එම විදෙස් ක්‍රීඩකයින් අතරින් දෙදෙනෙක් (Paul Van Meekeren – නෙදර්ලන්තය, David Wiese – නැමීබියාව) ICC අර්ධ සාමාජික රටවලින් ඇතුළත් වී තිබීම විශේෂත්වයක්. එමෙන්ම මෙම ක්‍රීඩකයින් 333 අතුරින් 215ක් තවමත් ජාත්‍යන්තර වරම් නොලද ක්‍රීඩකයින් වීමත් විශේෂත්වයක්. මේ අතර ගිය වර Royal Challengers Bangalore කණ්ඩායම නියෝජනය කළ වනිඳු හසරංග සමඟ තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් හත් දෙනෙකුගේ නම් ද මෙවර වෙන්දේසියේ…
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර තිබෙනවා. ඒ අනුව අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බවයි X පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ. එමෙන්ම තමන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විගණකාධිපති වාර්තාව ගැන ඔවුන්ගේත් විමර්ශනයක් සිදු කරන ලෙසත් දැන්වූ බව එහි තව දුරටත් කියවෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අරමුණ සහිතව තමන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
උතුරු ඉතාලියේ, මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 17 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බව පැවැසෙයි. දුම්රිය අනතුර සිදු වී ඇත්තේ ෆෙන්සා නගරයට නුදුරිනි. අනතුරට ලක් වූයේ ශීඝ්‍රගාමී දුම්රියක් සහ අර්ධ ශීඝ්‍රගාමී දුම්රියකි. සංඥා දෝෂයක් අනතුරට හේතුව බව පැවැසෙයි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.