- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
- 2028 ඔලිම්පික් උළෙලේදී ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය මෙන්න
- ගම්පහ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
- සූර්ය පැනල විසන්ධි කිරීම ගැන නවතම නිවේදනයක්
Author: Buzzer Editor
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි සහ අවසන් තරඟයේ 4 වන දිනයේ දසුන් සජීවීව තරඟය නරඹන්න. සුප්‍රීම් නාලිකාව සිය Youtube ගිණුම හරහා එයට අද හසර සලසා දී ඇත.
ඉකුත් (9) ගාලුමෝදර දේශයේදී සහ අරලියගහ මන්දිරය අසල ඇති වූ අශ්ලීල ප්‍රචණ්ඩකාරී සිද්ධිය සහ එයට තුඩු දුන් හේතු සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය තුනක ප්‍රකාශයක් ලබාගෙන ඇත. පොලිස් ආරංචි මාර්ග පවසන පරිදි මෙම ප්‍රකාශ සටහන් කරගැනීම කොළඹ විශේෂ ස්ථානයකදී සිදුකර ඇති බවයි.
STF Corporate Advisory විසින් ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සමාගමක් වන BPPL Holdings PLC සඳහා ඇමරිකාවේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ එක්සත් ජනපද ෆෙඩරල් රජයේ නියෝජිතායතනය වන වොෂින්ටනය පදනම් වූ United States International Development Finance Corporation (USDFC) වෙතින් US$ මිලියන 15 ක ණයක් සාර්ථකව ලබාගෙන සුරක්ෂිත කරගෙන ඇත. BPPL Holdings PLC යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිසරික, සමාජීය සහ පාලන (ESG) අනුකූල සමාගමකි. BPPL විසින් අපද්‍රව්‍ය ප්ලාස්ටික් බෝතල් එකතු කරන අතර, එය එසේ වීමෙන් සාගර දූෂණය අවම කර ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොලියෙස්ටර් බවට පරිවර්තනය කරයි. එලෙස ප්‍රතිචක්‍රීකරණයට ලක්කළ පසු Nike සහ Decathlon වැනි ජාත්‍යන්තර ක්‍රීඩා සන්නාමයන් විසින් භාවිතා කරනු ලැබේ.…
හෙට දිනයේ (26) ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරයි. උග්‍ර ගෑස් හිඟය මධ්‍යයේ එම සංවිධානය විසින් බෙදාහැරීම අත්හිටවූයේ අඛණ්ඩව තෙවැනි දිනටය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක ආධාර මුදලක් අර්බුධයට ලක්ව ඇති සෞඛ්‍යය ක්ෂේත්‍රය සඳහා අදාළ අත්‍යාවශ්‍ය ඖෂධ මිලට ගැනීමට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. එම ඩොලර් මිලියන දෙකෙන් පළමු මිලියනය බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට සඳහා පරිත්‍යාග කර ඇත. අනෙක් ඩොලර් මිලියනය මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ගේ ප්‍රතිකාරයන්ට දැඩිව අවශ්‍යව ඇති ඖෂධ මිලට ගැනීම සඳහා එම රෝහලට පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.
දීපව්‍යාප්ත ඉන්ධන පිරවුම් ශාලා 40 ක් වසා දමා තිබෙන බව ඛනිජ බෙදාහරින්නන්ගේ සංගමය පවසනවා. සමහර පාරිභෝගිකයන් එම පිරවුම්හල් වල සේවය කරන්නන් බියවද්දා ඉන්ධන ලබාගැනීමට කටයුතු කිරීම නිසා එම පිරවුම් ශාලා වස දමා ඇති බවයි සංගමය වැඩි දුරටත් පවසා සිටියේ. ඒ අනුව අදාළ එම පිරවුම්හල් ඇනවුම් කල සියලුම ඉන්ධන තොග අවලංගු කරන්නට සිදුවූ බවයි ඔවුන් මෙහිදී සඳහන් කළේ.
අර්බුදකාරී සහ නොසන්සුන්කාරී තත්ත්වයකට මැදිව සිටින ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සිය කනස්සල්ල පළ කර සිටියි. ජූනි 7 වැනිදා සිට ජූලි 12 වැනිදා දක්වා විස්සයි20 තරග 3ක්, එක්දින තරග 5ක් සහ ටෙස්ට් තරග 2ක් මෙම තරගාවලිය සඳහා සැලසුම් කර ඇත. රට තුළ පවතින නොසන්සුන්තාවය නිරීක්ෂණය කිරීමෙන් පසු නිලධාරීන් සුභවාදී සංඥාවක් ලබා දී තිබියදීත්, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඉන්ධන හිඟය සහ හදිසි විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම තම නොසතුට පළකර ඇතිබව වාර්ථා වේ. හදිසි විදුලි කප්පාදුව මධ්‍යයේ වුවද වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ලබා ගැනීමේ අරමුණින් රාත්‍රී තරඟයන් ලෙස කොළඹ ආර්. පී.එස් පිටියේ විදුලි ආලෝකය යටතේ T20I තරඟ 3…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අනුව, එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර සඳහා වෙලාවක් වෙන්කරවා ගැනීම අවශ්‍යය බව සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර වෙලාවක් වෙන්කරවා ගන්නා ලෙස මීට පෙර ජනතාවට දැනුම් දී ඇති බවයි. කෙසේ වෙතත්, අදාළ සේවාවන් ලබා ගැනීම සඳහා පෙර හමුවීම් උපලේඛනගත නොකර සැලකිය යුතු පිරිසක් සහභාගී වන බව සටහන් වී ඇත. කනගාටුවෙන් උවද, මින් ඉදිරියට සේවා සපයනු ලබන්නේ එක්දින සහ සම්මත විදේශ ගමන් බලපත්‍ර සේවා සඳහා පෙර වෙලාවක් වෙන්කරවා ගත් අයදුම්කරුවන්ට පමණක් බව දෙපාර්තමේන්තුව විසින් පැහැදිලිව පහදා දිය යුතුය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ මහාධිකරණය මොහොමඩ් ඊබ්‍රහිම් සහ තවත් විත්තිකරුවකුට මෙසේ ඇප නියම කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම හේතුවෙන් මෙම සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඊබ්‍රහිම් ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේම පියෙකි. පාස්කු ප්‍රහාරය අතරතුර, තඹ වාත්තු කර්මාන්ත ශාලා හිමිකරුවෙකු වන 33 හැවිරිදි ඉන්ෂාෆ් ඊබ්‍රහිම්, ෂැංග්‍රි-ලා හෝටලයේ අසුරා තිබූ උදෑසන ආහාර බුෆේ ආපනශාලාව තුළ සිය පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හැරියේය. එදින පසුව පොලිසිය පවුලේ නිවස වටලන විට, ඔහුගේ බාල සොහොයුරා වන ඉල්හාම් ඊබ්‍රාහිම් බෝම්බයක් පිපිරවූ අතර එමඟින් ඔහු, ඔහුගේ බිරිඳ සහ යුවළගේ දරුවන් තිදෙනා මිය…
බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රථම වතාවට ඉන්ධන මිල සැකැස්මේ පැහැදිලි සටහනක් සිය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගත්තේය. එලෙස ඔහු ට්විටර් පණිවුඩයකින් කියා සිටියේ, “IOC භූමිතෙල් විකුණන්නේ නෑ, එමඟින් සෑහෙන්න පාඩුවක් සිදු වෙනවා. ඔවුන් ඉහළ මිළ ප්‍රමාණයක් ඇති අනෙකුත් නිෂ්පාදන ද අලෙවි කරනවා. CPC විසින් CEB, CTB, CGR සහ අනෙකුත් CPC වෙත මුදල් ගෙවිය යුතු රාජ්‍ය ආයතන වෙත සපයයි. කාර්ය මණ්ඩල සංඛ්‍යාව ද ඉතාමත් පුදුම සහගතයි. ” ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ දැනට දෛනික 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් අවශ්‍යතා වෙළඳපල කොටසෙන් 10% කටත් වඩා අඩු බවයි. මේ දෙකේම මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීම විසඳුමක් නොවන බව පෙන්වා…