- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
වසර 25ක දිගු කාල පරිච්ඡේදයක් පුරාවට ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය වෙනුවෙන් අසමසම කැපවීමක් සිදුකළ, Variosystems Sri Lanka ආයතනය සිය 03 වැනි නිෂ්පාදන මධ්‍යස්ථානය බඩල්ගම ප්‍රදේශයේදී විවෘත කරයි. මෙම සුවිශේෂී සංධිස්ථානය තුළින් නවෝත්පාදන කටයුතු වෙනුවෙන් සහ මෙහෙයුම් විශිෂ්ටත්වය මෙන්ම තිරසාරභාවය පිළිබඳ Variosystems Sri Lanka ආයතනය දක්වන නොසැලෙන කැපවීම මැනවින් පසක් වේ. මේ පිළිබඳ අදහස් බෙදාගනිමින් Variosystems ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) ස්ටෙෆන් සොන්ඩරෙගර් මහතා මෙසේ සඳහන් කළේය. “බඩල්ගම පිහිටි ස්ථානය අපගේ දැක්ම සාක්ෂාත් කරගැනීමට බලපාන කේන්ද්‍රීය අංගයක් ‘ප්රමුඛ පෙළේ නවෝත්පාදන සම නිර්මාණය කිරීම’ අපගේ ආදර්ශ පාඨය වන අතර අප ආයතනයේ මූලික ඉලක්කය වන්නේ, ගෝලීය තත්ත්ව ප්රමිතීන් අනුව තරඟකාරී මිල ගණන් යටතේ ජාත්‍යන්තර…
තරුණ ආධුනික ඡායාරූප ශිල්පීන් ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ සහ වේල්සයේ වාර්ෂිකව පැවැත්වෙන, රාජකීය සම්මාන උළෙලේ (RSPCA Young Photographer awards 2023) හොඳම ඡායාරූප ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූයේ අට හැවිරිදි දැරියක වන ජේමී ස්මාට්ය. ජේමී ස්මාට්, වේල්සයේ පදිංචිකාරියකි. අට හැවිිරිදි දැරියක රාජකීය සම්මාන උළෙලේ හොඳම ඡායාරූප ශිල්පියා වූ පළමු අවස්ථාව මෙයයි. පුංචි ජේමීගේ ඡායාරූපයෙන් දකින්න ලැබෙන්නේ, ඇගේ සුරතල් කළුකුමා ‘ෆෙඞ්රික්’ උගේ කූඩුවේ සිටිද්දී ගත් සමීප ඡායාරූපයකි. ඉහළින් ඇත්තේ එම ඡායාරූපයයි. (ටෙලිග්රෑෆ් ඇසුරිනි) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
මිලියන ගණනක ගෝලීය රසික ප්‍රජාවගේ ජනාදරයට පත් Youtube Vlog නිර්මාණකරුවෙකු වන නාස් ඩේලි (Nas Daily) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්මාණය කළ පළමු වීඩියෝව නිකුත් කර තිබෙනවා. එය “ලස්සනම දුම්රිය ගමන (The most beautiful train ride)”ලෙසින් නම් කර ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පසුගියදා ඔහු සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සමග ගිවිසුමකටද එළඹුනා. නාස් ඩේලි (Nas Daily) විසින් නිකුත් කල එම වීඩියෝව පහතින් නැරඹිය හැක. https://www.youtube.com/watch?v=UxdfZVVRbC0&t Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.
2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වනිඳු හසරංග Sunrisers Hyderabad කණ්ඩායම විසින් මිලදී ගත්තා. ඒ අනුව වනිඳු ඉදිරිපත් වූ ඉන්දීය රුපියල් කෝටි 1.5 කාණ්ඩයේ ඔහු ඉදිරිපත් වූ මූලික මිලටම අලෙවි වීම කැපී පෙනුණා. එමෙන්ම ක්‍රීඩක වෙන්දේසියේදී ඩිල්ෂාන් මදුෂංක Mumbai Indians කණ්ඩායම විසින්ද මිලදී ගත්තා. ඉන්දීය රුපියල් ලක්ෂ 50 කාණ්ඩයේ ඉදිරිපත් වූ ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 460 කට අලෙවි වීම විශේෂත්වයක්. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
පාකිස්තානයේ ලාහෝර් නුවරට කෘත්‍රිම වැසි ඇද හැලීමට සැලැස්වීමට නගර බලධාරීන් සහ කාලගුණ විද්‍යාඥයන් කටයුතු කර තිබේ. පාකිස්තාන කාලගුණ විද්‍යාඥයන්, එරට කෘත්‍රිම වැසි නිර්මාණය කළ පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා කර තිබේ. ලාහෝර් නගරයේ වාතය දරුණු ලෙස දූෂණයට ලක් වී ඇත. ඒ, නගර වැසියන්ගේ ජීවිතවලට තර්ජනයක් වෙමිනි. වළාකුළුවලට රසායනික ද්‍රව්‍ය එක් කර, කෘත්‍රිම වැසි නිර්මාණය කෙරුණේ වායු දූෂණය අවම කිරීමේ අරමුණින් යැයි පාකිස්තාන රජය පවසා ඇත. (අල් ජසීරා) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ශ්‍රී ලාංකීය අගාවුඩ් වැවිලි ක්ෂේත්රයේ පුරෝගාමියා වන පින්තැන්න සමූහ ව්‍යාපාරය තවත් ශක්තිමත් පියවරක් ඉදිරියට තබමින් පින්තැන්න වතුයායේ අභිනවයෙන් ඉදිකෙරුණු නවීන තාක්ෂණයෙන් සමන්විත බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම, පින්තැන්න නිල මුල් දින කවරය ජනගත සහ තම වටිනා ආයෝජකයන් හට සිය දෙවෙනි අගාවුඩ් ආයෝජන ප්රතිලාභ ලබා දිම පසුගියදා සිදුකරනු ලැබුවා. ගරු දේශබන්දු කුමාර් ධර්මසේන මහතාගේ උදාර සංකල්පයකින් ආරම්භ වූ පින්තැන්න ප්ලාන්ටේශන්ස් ආයතනය මඟින් සංවිධානය කරනු ලැබූ නවීන තාක්ෂණයෙන් සමන්විත උසස් ගුණාතමක බවින් හෙබි ඓතිහාසික වල්ලපට්ටා සංචිතයකින් යුත් පින්තැන්න කෞතුකාගාරය හා නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉදි වූ පින්තැන්න සිනමාශාලාව සහිත නව සිව්මහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම සහ පින්තැන්න නිල මුල් දින කවරය…
හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව මීට පෙර 2016 වසරේදී නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් මිල අහෝසි කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. මේ සඳහා මීට පෙර අයකළ උපරිම ගාස්තුව වූයේ රුපියල් 150 කි. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 84 හැවිරිදි වියේ පසු වුණා. මෙරට අතිශය ජනප්‍රිය කාටූන් නිර්මාණ ශිල්පියෙක් වූ එතුමන් විසින් නිර්මාණය කරන ලද ගජමෑන් අතිශය ජනාදරයට පත්වූ කාටූන් නිර්මාණයක් වූ අතර පසුව චිත්රපටයකටද පවා නැගුණා. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුන සඳහා නව නායකයන් පත්කිරීමට උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ටෙස්ට් නායකත්වය ධනංජය ද සිල්වාටත්, එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස්ටත් , විස්සයි විස්ස නායකත්වය වනිඳු හසරංගටත් ලබාදීමට තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇති බවයි සඳහන් වන්නේ. එසේම ටෙස්ට් කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල උප නායකත්වයට චරිත් අසලංක පත් කිරීමටනියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
ඉන්දියාවේ නව කොරෝනා වයිරස ප්‍රභේදයක් පැතිර යමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙම නව කොරෝනා වයිරස ප්‍රභේදය පැතිර යන්නේ, ඉන්දියාවේ කේරළ ප්රාන්තයේය. මෙම නව වයිරස ප්‍රභේදය සිංගප්පූරුවෙන් ද හමුවී ඇතැයි පැවැසෙයි. නව වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් කේරළ සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් පසුවෙයි. කේරළ ප්‍රාන්තයේ 230 දෙනකුට මෙම නව ප්‍රභේදය ආසාදනය වී ඇත. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.