- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
උඳුවප් පුර පසළොස්වක පොහොය අදට යෙදී ඇත. ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්ෂුණී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය නිසයි. ධර්මාශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව සම්බුද්ධ ශාසනය පොසොන් පොහෝ දින පිහිටු වූ සේක. ඒ අවස්ථාවේදී දහම් ඇසීමට පැමිණි අනුලා දේවිය ප්‍රධාන කාන්තාවන් 500 ක් දෙනා පැවිදිවීමට අවසර ඉල්ලා තිබේ. එම ඉල්ලීම ගැන මිහිඳු මාහිමියන් දෙවන පෑතිස් රජතුමාට අවවාද කරනු ලැබුවේ තමන්ට කාන්තාවන් පැවිදි කළ නොහැකි බවයි. තම සොහොයුරිය වූ සංඝමිත්තා මහරහත් මෙහෙණිය දඹදිව සිට වැඩමවාගැනීම වඩාත්ම උචිත බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ සමගම ජීවමාන බුදුන් හා සමානව සැළකෙන,…
ෆෙඩරල් විනිසුරුවරයෙකු සිකුරාදා කියා සිටියේ ට්විටර් සමාජ මාධ්‍ය සමාගම (දැන් X Corp ලෙස හඳුන්වන) එහි සේවකයින්ට පොරොන්දු වූ ඩොලර් මිලියන ගණනක දිරිගැන්වීම් නොසලකා හැරීමෙන් කොන්ත්‍රාත්තු කඩ කර ඇති බවයි. මැයි මාසයේදී එලොන් මස්ක්ගේ සමාගමෙන් ඉවත් වීමට පෙර, මාර්ක් ෂොබින්ගර් ට්විටර් හි ජ්‍යෙෂ්ඨ වැටුප් අධ්යක්ෂ ලෙස සේවය කළේය. ජුනි මාසයේදී ඔහු කොන්ත්‍රාත්තුවක් කඩ කළ බවට චෝදනා කරමින් සමාගමට එරෙහිව නඩුවක් ගොනු කළේය. Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.
රාජ්‍ය රහස් අනාවරණ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්, පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට ඇප නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. ඉම්රාන්ට දූෂණ වංචා චෝදනා රැසක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු ද නිකුත් කර තිබේ. කෙසේ නමුත්, මේ වනවිට වෙනත් දූෂණ චෝදනාවකට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින ඉම්රාන් ට, නිදහස හිමිවේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ මොහොතේ කිසිවක් නිශ්චිතව පැවැසිය නොහැකි බව ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ‘රාජ්‍ය රහස් අනාවරණය කළැයි’ ඉම්රාන්ට චෝදනා ගනු කර තිබුණේ ඇමෙරිකාවේ පාකිස්තාන තානාපතිවරයා සහ පාකිස්තන රජය අතරේ හුවමාරු වුණු රහස් කේබල් පණිවුඩයක් ප්‍රසිද්ධියට පත් කිරිමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.…
‘කොවිඞ් 19 ඔමික්‍රෝන්’ කොරෝනා වයිරසයේ උප ප්‍රභේදයක් ලෙස සැලකෙන ‘ජේ.එන්.1’ කොරෝනා වයිරසය ඉන්දියාවේ, සිංගප්පූරුවේ, ඇමෙරිකාවේ, මහා බ්‍රිතාන්‍යයේ සහ චීනයේ ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘ජේ.එන්.1’ වයිරසය සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇත්තේ, අවධානයෙන් පසුවිය යුතු ආකාරයේ ‘කොවිඞ් 19’ වයිරස ප්‍රභේදයක් ලෙසය. මුහුණු ආවරණ දිගටම පැලඳීම, කිවිසුම් යද්දී සහ කැස්ස ඇතිවිට නාසය සහ මුඛය ආවරණය කර ගැනීම, සැමවිටම දෑත් පිරිසුදුව තබා ගැනීම, ප්රතිශත්තිය දුර්වල අයකු නම් ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ. මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්රවෘත්ති අංශයට පිවිසෙන්න.
පසුගියදා පැවති TAGS Awards 2023 හිදී සම්මාන හතරකින් පිදුම් ලැබීමට DIMO සමත් විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී, ආයතනික වාර්තාකරණය වෙනුවෙන් දක්වන කැපවීම උදෙසා ඔවුන් මෙම සම්මානයන්ට පාත්‍ර විය. ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය උදෙසා වූ රන් සම්මානයේ සම-ජයග්‍රහණය දිනාගත් අතර Diversified Holdings – Group Turnover up to 50Bn කාණ්ඩයේද රන් සම්මානය දිනා ගැනීමට DIMO සමත් විය. තවද ඩිජිටල් යුගයේ ආයතනික වාර්තාකරණය වෙනුවෙන් සමාගමේ නව්‍ය ප්‍රවේශය උදෙසා Digitally Transformative Reporting අංශයේ රිදී සම්මානයේ සම-ජයග්‍රාහකයෙකු ලෙස DIMO පිදුම් ලැබූ අතර අවසාන වශයෙන්, Sustainability Reporting අංශයේ විශිෂ්ටත්වය උදෙසා දක්වන කැපවීම වෙනුවෙන් ලෝකඩ සම්මානයෙන් TAGS Awards 2023 හී…
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට නැවත දේශීය තරග ක්‍රීඩා කිරීම සඳහා ඔහුගේ ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය විසින් අවසර ලබාදී තිබෙනවා. විනය කමිටුව මගින් සිදු කළ පරීක්ෂණයකින් පසු ඔහුගේ තහනම ඉවත් කිරීමට තීරණය කළ බව ධනුෂ්ක නියෝජනය කරන සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) ක්‍රිකට් කමිටු සභාපති සමන්ත දොඩන්වෙල පැවසුවා. ඒ අනුව මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට ඔහු හෙට (23) සිට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. (එසැණ) Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
‘Fast and the Furious’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය, අංක එකේ හොලිවුඞ් නළුවකු ලෙස ද සැලකෙන වින් ඩීසල්ට (Vin Diesel) ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් කැලිෆෝනියා ආධිකරණයක නඩුවක් ද ගොනු කර තිබේ. වින් ඩීසල්ට (Vin Diesel) චා්දනා නගා ඇත්තේ ඔහුගේ සහායට සිටි ජොනාසන් නමැති තරුණියයි. ජොනාසන් පවසන අන්දමට, වින් ඩීසල් ඇයට ලිංගික හිරිහැර සිදු කර ඇත්තේ 2010 වසරේ දී ඇට්ලැන්ටා නුවරදීය. ඒ, වින් ඩීසල්, ‘Fast and the Furious’ චිත්‍රපට මාලාව පස්වැනි චිත්‍රපටය රූගත කළ කාලයේය. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න
සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ. දෙවියන් වහන්සේ සියලු දෙනා එක හා සමානව පිළිගන්නා බව පෙන්නුම් කිරීම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අරමුණ වී ඇතැයි ද පැවැසෙයි. පාප්තුමන්ගේ මෙම ක්‍රියාව, ලොව සමරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත්ම ඉදිරි පියවරක් යැයි වතිකානය පවසයි. එසේ වුවත්, සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් වීමට පූජකවරුන්ට සිදුවනු ඇතැයි ද වතිකානය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ලෝක රූපවාහිනී ක්ෂේත්රයේ දැවැන්තම සම්මාන උළෙලක් ලෙස සැලකෙන, එක්සත් ජනපදයේ එමී සම්මාන උලෙළේ දී (Emmy Awards) සම්මානයක් දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු වන ජේසන් රාජසිංහ සමත්වී තිබෙනවා. ඩිස්කවර් මීඩියා වර්ක්ස් සමාගම වෙනුවෙන් ඔහු නිර්මාණය කරන Uniquely Wisconsin නමැති වැඩසටහන් මාලාවේ “Farm to table pizzas: The little red barn” නමැති කතාංගය වෙනුවෙන් ඔහු මෙම සම්මානය දිනාගෙන ඇති බවයි සඳහන් වන්නේ. ජේසන් රාජසිංහ එම කතාංගය වෙනුවෙන් සම්මාන දිනා ගත්තේ, ඇමෙරිකාවේ පැවති 2023 චිකාගෝ මිඩ්වෙස්ට් එමී සම්මාන උලෙළේ දී වන අතර Outstanding Achievement for Lifestyle අංශයෙන් ඔහුට මෙම සම්මානය හිමි වුණා. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.
ඊශ්‍රායලය සමඟ නැවත වරක් සටන් විරාමයක් ආරම්භ කිරීමට කැමැත්තෙන්, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, ගාසා තීරයේ හමාස් සංවිධානයේ, දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හනියේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පමිණ සිටී. ගාසා තීරය පාලනය කරන්නේ හමාස් සංවිධානයයි. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කරගෙන සිටින්නේ, හමාස් සන්නද්ධ අංශයයි. ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවට ද මායිම් වෙයි. යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ආධාර ලබා දීම සිදුවන්නේ, ඊජිප්තු දේශසීමාව හරහාය. ඊශ්‍රායල රජයේ නියෝජිතයන් හමුවීමට පෙර, හමාස් නායක ඉස්මායිල් හනියේ සහ ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානීන් අතරේ සාකච්ඡාවක් පැවැත්විණි. ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී මැදහත්කරුවන් වී…