Author: Buzzer Editor

ලිට්‍රෝ ගෑස් නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත් කර තිබෙනවා. මෙම සමාගමේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ විජිත හේරත් එම තනතුරෙන් පසුගිය 10 වනදා ඉල්ලා අස්වීම සිදු විය.

Read More

අනුරාධපුර සාලිය මාවත ප්‍රදේශයේ ගෑස් නියෝජිතයකුට අයත් ගබඩාවක සඟවා තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 540ක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලා තිබේ. ගෘහස්ත ගෑස් සිලින්ඩර් තොගයට අමතරව හිස් ගෑස් සිලින්ඩර 54ක් ද සොයාගත් බවත් අදාළ ගෑස් නියෝජිතයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

බ්ලැක් ඇඩම් ගේ පැමිණීමත් සමඟ DCEU පුළුල් වෙමින් පවතී. WWE දැවැන්තයෙකු වන ඩ්වේන් “ද රොක්” ජොන්සන් දශකයක් තිස්සේ ව්‍යාපෘතියට අනුයුක්තව සිටීමත් සමඟ ඉදිරියට එන මෙම චිත්‍රපටයට බොහෝ කාලයක් බලා සිටීමට සිදුවිය. වසංගතය හේතුවෙන් ප්‍රමාද කිහිපයකින් පසුව, බ්ලැක් ඇඩම්ට අවසානයේ 2022 ඔක්තෝබර් මංගල දර්ශනය සිනමාහල්වල පමණක් ලබා දෙන ලදී. ජොන්සන්ට ඇමරිකාවේ ජස්ටිස් සොසයිටියේ (Justice Society of America) සාමාජිකයන් ලෙස Pierce Brosnan ගේ Doctor Fate, Noah Centineo ගේ Atom Smasher සහ Quintessa Swindell ගේ Cyclone ඇතුළත් තරු නළු නිළියන් බොහෝ දෙනෙක් එකතු වේ. රසිකයින් එහි අතිශයින් අපේක්‍ෂා කරන ලද නිකුතුව සඳහා බලා සිටින අතර, ජොන්සන් චිත්‍රපටයේ අලෙවිකරණයේ ප්‍රධාන අංගයක් වී ඇති අතර,…

Read More

මුළු රටේම දැනටත් වගා නොකර අත්හැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් ආහාර බෝග වගාකිරීම සඳහා වසර 05ක කාලයකට පවරා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර ඇතිබව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටිනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේදී මේ පිළිබදව සාකච්ජාවට ගත් බවයි එම අමාත්‍යාංශය සදහන් කර සිටියේ.

Read More

සෙනසුරාදා (11) රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක මැදිරියක එල්ලී තිබූ පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, දුම්රිය ධාවනය ආරම්භ කිරීමට පෙර රියදුරු සහයක විසින් සිදුකළ සාමාන්‍ය පරීක්ෂාවකදී අලුයම 4.40 ට පමණ දුම්රිය මැදිරිය තුළ තිබී මළ සිරුර හමුවූ බවයි. මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 60ක් පමණ වන අතර එම පුද්ගලයා සුදු සරමක් සහ රතු කළු මිශ්‍ර අත් දිග කමිසයක් ඇඳ සිට ඇත. නිශ්චිත අනන්‍යතාවය තවමත් නිශ්චය කර නොමැත. මියගිය පුද්ගලයා සන්තකයේ තිබී පොල්ගහවෙල සිට බණ්ඩාරවෙල දක්වා දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ද සොයාගත් බව පොලිසිය පවසයි.

Read More

අප සැමට පොදු දෙයක් තිබේ නම්, එය ජීවිතයේ සතුටින් හා තෘප්තිමත් වීමට ඇති දැවෙන ආශාවයි. අඬන ළදරුවෙකු, අනාරක්ෂිත යෞවනයෙකු හෝ වගකීම් සහිත පවුලක පුද්ගලයෙකු වේවා, අපි සියල්ලෝම අපව සනසවන දෙයක් සොයමු. නමුත් ප්‍රශ්නය නම්: අපි සතුට සොයන්නේ නියම ස්ථානයේද? ප්‍රවීණ භාවනා කරන්නෙකු සහ විශාරදයෙකු වන ට්‍රින්ලේ රින්පොචේ පැවසුවේ සතුටේ සැබෑ මූලාශ්‍රය පවතින්නේ සිතුවිලි හි පැහැදිලි බව තුළ බවයි. බාහිර සාධක වලින් සතුටු විය හැක්කේ අප ඇතුළතින් සතුටු වන තාක් පමණි. බුදුන් වහන්සේට අනුව, භාවනාව මගින් මනස පුහුණු කරන්නේ “අතීතයේ නොසිටීමට හෝ අනාගතය ගැන මෙනෙහි නොකිරීමට” ය. එය මනස “මේ මොහොත” තුළ තැන්පත් කර, වර්තමාන සුන්දරත්වය දැකීමට අපට ඉඩ සලසයි. භාවනාවේ…

Read More

දැනට හටගෙන ඇති ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඉහල යන ඉන්ධන ගාස්තු හේතුවෙන් රාජ්‍ය සේවකයින්ට කාර්යාලයට පැමිණීම සහ ආපසු යාමේදී අතිරේක වියදමක් දැරීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව කොවිඩ් කාලයේදී නිවසේ සිට වැඩ කිරිමේ පුහුණුවක් ලැබූ අතර එය අනුගමය කරමින් සිකුරාදා දිනයේ නිවාඩු ලබාදීමට කටයුතු කරන බවත් එහිදී කෘෂිකර්මික කටයුතුවල නිරතවීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක් අඩංගු නෞකාවේ ඇති ගෑස් තවමත් ගොඩබෑමට නොහැකි වී තිබෙනවා. මේ හේතුව නිසා තවදුරටත් ගෑස් පොලීම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5 තවමත් ගෙවීමට නොහැකිවී ඇති අතර ලිට්‍රෝ සමාගම ගැස් බෙදා හැරීම නවත්වා මේ වන විට දින 5 ක් ගතවනවා.

Read More

රට මුහුණ දී ඇති දැවැන්ත ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේ දී රුසියාවෙන් තෙල් ගැනීමට තීරණය කිරීම සිදුවන බවයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා සඳහන් කර තිබෙන්නේ. හටගෙන ඇති විදේශ විනිමය අර්බුදය හමුවේ පසුගිය දිනවලදී බොහෝ දෙනෙකු සඳහන් කළේ, අඩු මුදලකට රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

Read More

බ්‍රහස්පතින්දා (9) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණීමට දිනයක් නොමැතිව නුදුරේදීම ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවට භාරදීමට පෙර රාජපක්ෂගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ පසුගිය සතියේ ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබුණා. ඉල්ලා අස්වීමෙන් පසු මාධ්‍ය අමතමින් රාජපක්ෂ කියා සිටියේ තම පවුල – දරුවන් සහ මුණුබුරන් – එහි පදිංචිව සිටින බැවින් තමන් සහ ඔහුගේ බිරිඳ නිතර ඇමරිකාවට යන බවයි. රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ද්විත්ව පුරවැසියන්ය. කෙසේ වෙතත්, බලයේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) නිර්මාතෘ සහ ජාතික සංවිධායක ද වන හිටපු අමාත්‍යවරයා, පක්ෂය තවදුරටත් ගොඩනැගීමේ කටයුතුවල නිරත…

Read More