- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
දැනට හටගෙන ඇති ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් ගමනාගමනය බොහෝදුරට අත්හිටුවීමට සිදුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් අකර සිටිනවා. ඒවගේම කොළඹ කලාපය තුළ සියලුම පාසල්, බස්නාහිර පළාතේ තදාසන්න ප්‍රදේශ සහ අනෙකුත් පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ජූලි 10 දක්වා වසා තැබීමට නියමිතයි. එසේම අනෙකුත් ප්‍රදේශවල පාසල් විදුහල්පතිවරුන්ගේ සහ අධ්‍යාපන නිලධාරීන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ජූලි 10 දක්වා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව රජයේ ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. නගරයේ පාසල් ජූලි 10 දක්වා වසා තැබේ.
හෙට (27) දිනයේ සිට ජුලි මස 3 වනදා දක්වා දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 1 යි මිනිත්තු 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 මිනිත්තු 20 මෙලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. එසේම ජුලි මස 2 වනදා සහ 3වනදා දිනවල හැර අනෙක් දිනයන් හි කොළඹ නාගරික කලාපයේ පැය 2ක කාලයක් පෙරවරු 6.00 සිට පෙරවරු 8.00 දක්වා විදුලි කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන්…
මෙතෙක් ජීවත් වූ විශාලතම විලෝපිකයන්ගෙන් කෙනෙකු ලෙස, මෙගලෝඩන් මිනිසුන්ගේ පරිකල්පනය අල්ලා ගැනීමට සමත්ව ඇති අතර එයට හොඳ හේතුවක්ද ඇත. නමුත් මෙම අග්‍ර විලෝපිකයා හුදෙක් තහවුරු කෙරුණු මහා සුදු මෝරෙකු වූ අතර එය තවමත් සාගරයේ අඳුරු ගැඹුරේ සැඟවී සිටීද? “Natural History Museums” කෞතුකාගාරයේ ෆොසිල මත්ස්‍ය එකතුව (ෆොසිල මෝරුන් ඇතුළුව) සුරකින එමා බර්නාඩ් ප්‍රබන්ධ වලින් කරුණු වෙන් කිරීමට උපකාරී වේ. ලෝකයේ විශාලතම මෝරා පැරණිතම මෙගලෝඩන් ෆොසිල (Otodus megalodon, කලින් Carcharodon හෝ Carcharocles megalodon ලෙස හඳුන්වනු ලැබේ) වසර මිලියන 20 කට පෙර දිව යයි. ඊළඟ වසර මිලියන 13 තුළ මෙම දැවැන්ත මෝරා වසර මිලියන 3.6 කට පෙර වඳ වී යන තෙක්ම සාගරයේ ආධිපත්‍යය…
කොත්තු, රයිස් හා බත් පැකට්ටු ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල 10% කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා. ඉන්ධන මිල ඉහල යාමත් සමග සියලුම භාණ්ඩවල මිල වැඩිවීම හමුවේ මෙම තීරණය ගත් බවයි එසැණ කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CEYPETCO) සහ ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. පෙට්‍රල් 92 – රු.50 කින් (නව මිල රු.470)පෙට්‍රල් 95 – රු.100 කින් (නව මිල රු.550)ඔටෝ ඩීසල් – රු.60 කින් (නව මිල රු.460)සුපර් ඩීසල් – රු.75 කින් (නව මිල රු.520)
ලබන 29 වනදා ඕස්ට්‍රේලියාව සමඟ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත තරඟ 02කින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත් වනවා. අදාළ ටෙස්ට් සංචිතය පහතින්,
දැනට හටගෙන ඇති අර්බුධකාරී තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් විවෘත ගිණුම් හරහා ආනයනය කිරීමට රජය විසින් අවසර ලබාදී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව සහල්, සීනි, තිරිඟු පිටි සහ පරිප්පු ඇතුළු අතවශ්‍ය ආහාර වර්ග 10ක් ජූලි මස 01 වනදා සිට මෙලෙස ආනයනය කිරීමට අවසර හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. අද (24) කොළඹ ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදු විය. කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා නියෝජිත පිරිස සතියක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු ආර්ථික බලධාරීන් සහ විශේෂඥයින් සමඟ පැවති මූලික සාකච්ඡා වටය පිළිබඳව මෙන්ම වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ජනාධිපතිවරයා දැනුවත් කළහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ඔවුන්ගේ කැපවීම නියෝජිත පිරිස යළිත් තහවුරු කළහ.වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ ජනාධිපතිතුමා දුෂ්කර කාලවලදී ශ්‍රී…
මීට පෙර සතියේ දී වසා දමා තිබූ දිවයිනේ ප්‍රධාන නගරබද පාසල්, එළැඹෙන සතියේ දින තුනක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව එළැඹෙන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්,