- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
ඇමෙරිකාවේ නාසා ආයතනය වසර 50 කට පමණ පසු, සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක විය. නාසා ආයතනය ‘පෙරිග්‍රීන්’ යනුවෙන් නම් කළ, ලෑන්ඩර් වර්ගයේ එම රොබෝ ගවේෂණ යානය, ඊයේ (8) ‘යුනයිටඞ් ලොන්ච් අලයන්ස්’ නමැති නව රොකට්ටුවේ ආධාරයෙන් පෘථිවි කක්ෂයට යැවීය. රොකට්ටුවේ ආධාරයෙන්, ‘පෙරිග්‍රීන්’ රොබෝ යානය, සාර්ථක පෘථිවි කක්ෂයට ගොස් රොකට්ටුවෙන් වෙන්වී සඳ බලා යෑමට සැරසුණත්, එහි සූර්ය පැනල නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. සූර්ය පැනල ක්‍රියාකාරී නොවීම හේතුවෙන් යානයට බලය සැපැයීමක් සිදුනොවිණි. ඒ අනුව, ‘පෙරිග්‍රීන්’ චන්ද්‍ර යානයේ මෙහෙයුම අසාර්ථක බව නාසා ආයතනය නිවේදනය කළේය. නාසා ආයතනය සමඟ එක් වී ‘පෙරිග්‍රීන්’ රොබෝ යානය, නිපදවා තිබුණේ ‘ඇස්ට්‍රෝබෝටික්ස්’ නමැති…
Hemas පාරිභෝගික සන්නාමය යටතේ ඉමහත් ලාංකීය පාරිභෝගික ජනාදරය සහ විශ්වාසය දිනාගත් Fems සහ Clogard Fresh ඔවුන් දැක්වූ නව්‍ය ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග වෙනුවෙන් පසුගිය දා පැවැති SLIM Digis 2.3 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකරන ලද Fems විසින් ජාත්‍යන්තර දියණියන්ගේ දිනය සැමරීම හා සමගාමීව 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී එළිදක්වන ලද “දියණියගේ දිනය” ඩිජිටල් ව්‍යාපෘතිය මෙහිදී ඇගයුම් ලැබූ අතර ඒ වෙනුවෙන් SLIM Digis Merit සම්මානය හිමි විය. Fems හි මෙම නව්‍ය ඩිජිටල් ව්‍යාපෘතිය හරහා ඔසප් සෞඛ්‍ය පිළිබඳව සමාජයේ ඇති ඍණාත්මක මතවාද බිඳ දැමීමට කටයුතු කළ අතර දියණියන් සහ පියවරුන් අතර ඇති ආදරණීය බැදීම…
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් දින ගණනක් රෝහල්ගතව සිටි නමුත්, ඇමෙරිකන් ජනාධිපති හෝ රජයේ වෙන කිසිවකු ඒ පිළිබඳ දැන නොසිටි බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. 70 හැවිරිදි ආරක්ෂක ලේකම්වරයා රෝහල්ගත කෙරුණේ සැත්කමකින් පසු හටගත් ගැටලු තත්ත්වයක් හේතුවෙන් යැයි ද පැවැසෙයි. ධවල මන්දිරය ඒ පිළිබඳ දැනගෙන ඇත්තේ ලොයිඩ් ඔස්ටින් රෝහලෙන් පිටවීමට සූදානම් වෙද්දීය. තමන් රෝහල්ගතව සිටින බව දැනුම් නොදීම සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්ගෙන් කරුණු විමසා ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. (BBC) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
එක්සත් ජනපදයේ කෙටි විකුණුම්කරුවෙකු විසින් අදානි සමූහ ව්‍යාපාරය වෙත එල්ල කරන ලද චෝදනා සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට ප්‍රතිචාර දක්වමින්, අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකෝටිපති ගෞතම් අදානි මහතා , සත්‍යය ජයගෙන ඇති බවත්, තම සමූහ ව්‍යාපාරය ඉන්දියාවේ වර්ධන කටයුතු වෙනුවෙන් ඉදිරියටත් දායකත්වය ලබාදෙන බවත්” මෑතකදී ප්‍රකාශ කළේය. අදානි සමූහ ව්‍යාපාරයට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් SIT හෝ CBI විමර්ශන කිරීම සඳහා නියෝග කිරීම කිසිදු පදනමක් නොමැති බවත්, ඉන්දීය සුරැකුම්පත් සහ විනිමය මණ්ඩලය (SEBI) විසින් මාස තුනක් ඇතුළත එහි විමර්ශන කටයුතු අවසන් කළ යුතු බවත් පසුගිය බදාදා දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදී. ඒ අනුව ඉන්දියාවේ අගවිනිසුරු ඩී.වයි. චන්ද්‍රචුඩ් ප්‍රමුඛ…
මයික්‍රෝසොෆ්ට් සමාගම, ඔවුන්ගේ පරිගණක යතුරු පුරුවේ (කී බෝඩ්) වෙනසක් සිදු කර ඇත. ඒ, කෘත්‍රිම බුද්ධි හෙවත් AI KEY එකක් අලුතින් යතුරු පුවරුවට එක් කරමිණි. කෘත්‍රිම බුද්ධි මෘදුකාංග භාවිතයත් සමඟ මෙම AI KEY හඳුන්වා දීමට පියවර ගත් බව මයික්‍රෝසොෆ්ට් සමාගම පැහැදිලි කර ඇත. මෙම AI KEY හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ, මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් 11 භාවිතයට ගන්නා පරිශීලකයන් ස Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.
රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් සහ ඉන්පසු හටගත් අතුරු භූමි කම්පාවලින් පසු ජපානයේ පිහිටීම වෙනස් වී ඇතැයි එරට භූ විද්‍යාඥයෝ පවසති. භූ විද්‍යාඥයන්ට අනුව, ජපාන භූමියේ පිහිටීම මීටර් 4 කින් ඉහළට එසවී ඇති බවත්, මීටරයකින් බටහිර දෙසට තල්ලු වී ඇති බවත් පැවැසෙයි. ජපානය ප්‍රධාන දූපත්වලින් සහ කුඩා දූපත්වලින් සැදුම්ලත් දූපත් රාජ්‍යයකි. භූ විද්‍යාඥයන් මේ බව පැවැසුවේ, ඔවුන් ලබා ගත් දත්ත සහ චන්ද්‍රිකා ඡායාරූප පාදක කර ගනිමිණි. රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් පසු අතුරු භූමි කම්පා 155 ක් ජපානය කැලැඹූ බව එරට භූ විද්‍යාඥයෝ පවසති. ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු භූමි…
පසුගිය ඔක්තෝබර් මාසයේ වැඩිකළ අගයෙන් 50% ක ප්‍රමාණයකින් විදුලි බිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව ඊට අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ. 2023 වසරේ අපේක්ෂා කළ ප්‍රමාණයට වර්ෂාව ලැබීම හේතුවෙන් එහි ප්‍රතිලාභය මහජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (Online) හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් බදු අංකයක් සඳහා වන අයදුම්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. එසේම මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කරගෙන පිටපතක් මුද්‍රණය කරගත හැකි අතර, එම නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට අවශ්‍ය නොවන බවයි සඳහන් වන්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ බදු අංකය ලබාගැනීමේදී ඒ සඳහා වන ලියාපදිංචි අයදුම්පතක් සම්පූර්ණ කර දේශීය ආදායම්…
දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියුංග් පිහි ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලැබුවේය. විපක්ෂ නායකයා පිහි ප්‍රහාරයට ලක්වූයේ බුසාන් වරාය නගරයට ගිය අවස්ථාවේදීය. පිහි ප්‍රහාරය එල්ල වූයේ 59 හැවිරිදි ලී ජේ මියුංග් ගේ බෙල්ලටය. ලී ජේ මියුංග්, බූසාන් නගරයට ගියේ, නගරයේ ඉදිවන ගුවන්තොටුපොළක වැඩ කටයුතු නිරීක්ෂණයටය. මාධ්‍යවේදීන් පිරිසක් ද ඔහු වට කරගෙන සිටියේය. හිටිහැටියේ පිරිස අතර සිටි පුද්ගලයෙක් විපක්ෂ නායකයාගේ බෙල්ලට පිහි ප්‍රහාරය එල්ල කළේය. විපක්ෂ නායකවරයාගේ ආධාරකරුවන් වහා එම තැනැත්තා අල්ලා ගත්තේ බිම පෙරළා ගනිමිනි. විරෝධය දැක්වීමක් ලෙස පිහි ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි අනුමාන කෙරේ. ප්‍රහාරකයා පොලිස් අත්අඩංවෛ් පසුවෙයි. විපක්ෂ නායකයාට පිහි ප්‍රහාරය එල්ල වන අයුරු, තුවාල ලබා බිම වැටෙන…
ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත විය. ‘ඩී.එම්.ඩී.කේ.’ හෙවත් දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම් පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස ද සැලකෙන විජයකාන්ත්, මියගොස් ඇත්තේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති වුණු සංකූලතා හේතුවෙනි. මිය යන විට ඔහු 71 වැනි වියෙහි පසු විය. හමුදා නිලධාරීන්ගේ චරිත බොහොමයකට පණ පෙවීම හේතුවෙන්, විජයකාන්ත්ගේ රසික රසිකාවියන් ඔහු ‘කැප්ටන්’ යන නමින් හැඳුන්වයි. රංගනයෙන් ලැබූ ජනප්‍රියත්වයෙන් පසු, විජයකාන්ත්, ‘ඩී.එම්.කේ.’ පක්ෂය හරහා දේශපාලනයට පිවිසියේ, 2005 වසරේදීය. තමිල්නාඩුවේ, සෙසු දේශපාලන පක්ෂවලට අභියෝගයක් වූ විකල්ප දේශපාලන පක්ෂයක් ලෙස ‘ඩී.එම්.ඩී.කේ.’ පක්ෂය ප්‍රසිද්ධය. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.