පසුගිය ඔක්තෝබර් මාසයේ වැඩිකළ අගයෙන් 50% ක ප්‍රමාණයකින් විදුලි බිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඒ අනුව ඊට අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ.
2023 වසරේ අපේක්ෂා කළ ප්‍රමාණයට වර්ෂාව ලැබීම හේතුවෙන් එහි ප්‍රතිලාභය මහජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.