Author: Buzzer Editor

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) සහ චීනය සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උගන්ඩාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනිගේ (Yoweri Museveni) ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වීමට නියමිතයි. G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට…

Read More

රට හරහා ගමන් කරන බාහිර වායු ධාරා හේතුවෙන් ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මකභාවය පහත වැටී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. විශේෂයෙන්ම කොළඹ, යාපනය, මන්නාරම සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවය අඩුවී ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර සඳහන් කරන්නේ. දිවයින හරහා ගලායන සුළං ධාරා සමග පැමිණෙන නොයෙකුත් ආකාරයේ වායු දුෂණකාරක වාතයේ ගුණාත්මකභාවය අඩුවීමට බලපා ඇති බව ඔහු පවසා සිටිනවා. මෙම තත්ත්වය නිසා සෞඛ්‍ය අවදානම අවම බවත්, කෙසේ වුවත් පෙනහළු ආශ්‍රිතව රෝග තත්ත්වයන් ඇති සහ ඇදුම වැනි රෝග ඇති පුද්ගලයින් ප්‍රවේශම් විය යුතු බවත්, වායුගෝලයේ තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය…

Read More

අයිස්ලන්තයේ ගිනි කඳු විදාරණයක් (පිපිරීමක්) සිදුවිය. පිපිරීමෙන් නිකුත් වුණු ලාවා කුඩා නගරයට ගලා ගිය අතර, නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශ විය. අයිස්ලන්ත බලධාරීන් කියා සිටියේ නගරයේ යටිතල පහසුකම් සියල්ල ද විනාශ වූ බවය. අයිස්ලන්තය ගිනි කඳුවලින් බහුල දූපත් රාජ්‍යයකි. 3,76,000 ක ජනගහනයක් වෙසෙන අයිස්ලන්තය පිහිටා ඇත්තේ උතුරු ඇමෙරිකාවත්, යුරෝපයත් මායිම් වන ස්ථානයේ උතුරු අත්ලාන්තික් සාගරයේය. ලාවාවලින් විනාශ වූයේ රෙජවික් අගනුවර සිට කිලෝ මීටර් 70 ක් දුරින් පිහිටි ග්‍රිඩාවික් නමැති කුඩා ධීවර නගරයයි. නගරය අසල ගිනි කඳු විවරවලින් ලාවා මතුවීමට පටන් ගත්තේ පසුගිය නොවැම්බරයේය. ඒ අනුව, එදා සිට ග්‍රිඩාවික් නගරයෙන් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. එහෙයින්, ජීවිත හානි කිසිවක් සිදු…

Read More

ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ නොවැම්බරයේ පැවැත්වෙයි. වත්මන් ජනාධිපති ඩිමොක්‍රික් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අතර, ප්‍රතිවාදියා ලෙස රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරිපත් වෙයි. ඇමෙරිකන් මාධ්‍ය, ජනාධිපතිවරණය සම්බන්ධයෙන්, ජනමත සමීක්ෂණ පවත්වන අතර, එම සමීක්ෂණ අනුව, ජනාධිපතිවරණ අපේක්ෂකත්ව සටනින් ජෝ බයිඩන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 143 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සිකන්ඩර් රාසා (Sikandar Raza) ලකුණු 62 ක් හා ටිනාශේ කමුනුකම්වේ (Tinashe Kamunhukamwe) ලකුණු 26 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග කඩුලු 2 බැඟින් බිඳහෙළීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ…

Read More

චීන විරෝධී, පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින්, ඉදිරිපත් වූ ලායි චින්ග් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ලායි චින්ග් මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනූ අතර ඔහු වාර්තා අතරට එක්වී ඇත්තේ මිලියන 5 සීමාව පසු කළ පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසය. චීනයට වඩා ඇමෙරිකාව සමග සමීප සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන නායකයෙකු ලෙස ඔහු ප්‍රකටය. ලායි චින්ග් තායිවානයේ වත්මන් ජනාධිපති සාන් ඉන් වේන්ටත් වඩා, දැඩි චීන විරෝධී මතදාරියෙකු බව චීනයේ මතය යි. තවමත් චීනය සලකන්නේ, තායිවානය ඔවුන්ට අයත් කොටසක් කියාය. තායිවානය පිහිටා ඇත්තේ චීනයට ඔබ්බෙන් කුඩා දූපතක් ලෙසය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන පොසිලකරණයට පවා ලක්වුණු කුඩා සිරුරු දෙකක් පසුගිය වසරේ ඔක්තෝබරයේ ලොව කැලැඹීය. මෙම සිරුරු පේරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, පිටසක්වළ ජීවීන් ඇති බව ලොවට කිවේ පේරු මාධ්‍යවේදියෙකි. එය ලොව කැලැඹූ සිදුවීමක් විය. පිටසක්වළයන්ගේ යැයි සැක කළ එම සිරුරු, මේ වනවිට පූර්ණ විද්‍යාත්මක විශ්ලේෂණයකට ලක් කර ඇති අතර, ඒවා සත්ව අස්ථි යොදා ගනිමින් සකස් කළ බෝණික්කන් බව තහවුරු වී තිබේ. Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි කැසිනෝ සහ සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා. වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ජනවාරි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බවටයි එම අමාත්‍යංශය පවසා සිටින්නේ. ඒ අනුව අවමය ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් සදහා කැසිනෝ බලපත්‍ර ගාස්තුව රුපියල් බිලි‍යන 10ක් බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම තල් අරක්කු හැර ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් මිලියන 25ක් දක්වා ඉහළ දමා ඇති අතර, තල් අරක්කු ස්කාගාර බලපත්‍රය රුපියල් මිලියන 5ක් දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ. එසේම ඩොලර් මිලියන මිලියන 500ක අයෝජනයක් සදහා කැසිනෝ බලපත්‍ර ගාස්තුව රුපියල් බිලියන 5ක් බවයි…

Read More

යූ ටියුබ් ආයතනය (YouTube) සතු වටිනාකම ඩොලර් බිලියන 350-400 ක් බව නීඩ්හැම් සහ සමාගමේ ලෝරා මාටින් පවසයි. එය ඇය විසින් ප්‍රකාශකලේ “ලාස්ට් කෝල් (Last Call)” වැඩසටහනට ප්‍රකාශයක් ලබා දෙමිනි. Brian Sullivan විසින් සත්කාරකත්වය දරන, “Last Call” යනු මුදල්, සංස්කෘතිය සහ ප්‍රතිපත්තිවල ඡේදනය ගවේෂණය කරන වේගවත්, විනෝදාත්මක ව්‍යාපාරික වැඩසටහනකි. එම ප්‍රකාශය පහතින් නැරඹිය හැක. https://www.cnbc.com/video/2023/12/22/youtube-is-worth-350-400-billion-on-its-own-says-needhams-laura-martin.html Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු සහ එක්සත් රාජධානියේ හමුදා යේමනයේ හූති කැරළිකරුවන් එරෙහිව ප්‍රහාර දියත් කිරීමත් සමඟ මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4% කට ආසන්න මුදලකින් ඉහළ ගොස් ඩොලර් 80.44 ක් ලෙස දැක්වෙන අතර WTI බොර තෙල් බැරලයක මිලද 4% කින් ඉහළ ගොස් තිබෙනවා. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More