Author: Buzzer Editor

‘දේශපාලන බෙදීම් පසෙකලා එකට එක්වෙමු’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩිමොක්‍රටින් පක්ෂ අපෙක්ෂක ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. බයිඩන් මෙන්ම, ට්‍රම්ප් ද ඇමෙරිකානුවන්ගෙන් මෙසේ ඉල්ලා සිටියේ, ඉකුත් දා පෙන්සිල්වේනියාවේ මැතිවරණ රිපබ්ලිකන් පක්ෂ රැලියකදී, ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගනීමත් සමඟය. දේශපාලන බෙදීම් පසෙකලා එකමුතු වී කටයුතු කරමු යැයි ට්‍රම්ප් පැවැසුවේ, වෙඩි ප්‍රහාරයෙන් දකුණු කන් පෙත්ත තුවාල වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව යද්දීය. දේශපාලන බෙදීම් පසෙකලා එකමුතු වී කටයුතු කරමු යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ ට්‍රම්ප්ගේ වෙඩි තැබීම සම්බන්ධයෙන් ජාතිය අමතමිනි. ඒ, ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට මිනිත්තු…

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 1මගින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර මාන්ඩලික සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත. විශ්වාසය කඩ කර වංචා කර සාවද්‍ය පරිහරණය කිරීම සැකකරුට එරෙහිව ඇති චෝදනාවේ. දණ්ඩ නීති සංග්‍රහ පනත වගන්ති 386, 389, 400, 457 යටතේ සහ 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනතේ 5 (1)(2) වරදවල් බව පොලිසිය සඳහන් කරයි.අඩංගුවට ගත් සැකකාර මාන්ඩලික සැරයන්වරයා 39…

Read More

පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැළියක් අතරතුරේ, හිටපු ජනාධිපති ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ අසග තුවාල වුණු බවත් ආරක්ෂක අංශ සාමාජිකයන් වහා මැදිහත් වී ට්‍රම්ප් ආරක්ෂිතව එතැනින් ඉවත් කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. දහසකට වැඩි පිරිසක් එළිමහනේ පැවැති එම මැතිවරණ රැලියට පැමිණ සිටි අතර වෙඩි ප්‍රහාරය එම පිරිස අතරින් වේදිකාවේ සිටි ට්‍රම්ප් දෙසට එල්ල විය. වෙඩි ප්‍රහාරය එල්ල වුණු සැණින් සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් වහා ට්‍රම්ප් වටකරගෙන ඔහුට ආරක්ෂාව දෙද්දී, සෙසු හමුදා ආරක්ෂක නිලධාරීන්ගේ අවධානය වෙඩික්කරු යැයි සැක කළ පුද්ගලයා වෙත යොමු වූ බවත්, ආරක්ෂක අංශ නිලධාරීන් තත්පර…

Read More

‘කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය. තවමත් ලොව පුරා එක් සතියකට ‘කොව්ඩ්19’ ආසාදනය වීමෙන් 1,700 ක පිරිසක් මියයන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේය. රටවල් බොහොමයක ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ අඩු ප්‍රවණතාවක් දකින්න ලැබෙන බවත්, දිගටම වයිරසය අඩපණ කිරීමට නම්, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම අවශ්‍ය බවත් ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස්, මාධ්‍ය හමුවේ දී ලෝ වැසියන්ගෙන් ඉල්ලා සිටියේය. ‘කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට නිපදවූ ප්‍රධාන පෙළේ ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් වන්නේ ‘ෆයිසර්’ සහ ‘ඇස්ට්‍රාසෙනකා’ යන එන්නත්ය.…

Read More

ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ අද (12) පස්වරුවේ නීතිපති ධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඔහු මෙරට 49 වැනි නීතිපතිවරයා ලෙසයි මෙලෙස දිවුරුම් දෙන්නේ. පාරින්ද රණසිංහ නීතිපති ලෙස පත් කිරීමට ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමි වුණා. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

රුසියාවට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු, හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන්, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවිය. රුසියන් හිතවාදියකු වන හංගේරියානු අග්‍රාමාත්‍යවරයා, යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හමුවූයේ චීනයටත් රුසියාවටත් යෑමට පෙරය. තමන්ගේ අරමුණ, රුසියන් යුක්රේන යුද්ධයට සාමකාමී විසඳුමක් ලබා දීම යැයි හංගේරියානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. (AFP) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More

වසර 2030 වන විට තිරසර සහ පූර්ණ සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීම සඳහා වන පුළුල් ප්‍රතිපත්ති ඇතුළත් කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා. “Vision 2030” මඟින් මීළඟ වසර පහ තුළ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් කුමන දිශාවට ගමන් කළ යුතුද යන්න විග්‍රහ කර ඇති අතර ඒ වෙනුවෙන් සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුවිය යුතු ආකාරය මෙන්ම එමඟින් ආර්ථිකයට ලැබෙන ප්‍රතිලාභ පෙන්වා දී ඇති බවයි සඳහන් වෙන්නේ. දළ දේශීය නිෂ්පාදිතයේ 6.5% ක වර්ධන වේගයක් අත්කර ගැනීම, උද්ධමනය සහ විරැකියා අනුපාතය 5%ක් දක්වා අඩු කරලීම අරමුණු කර ගනිමින්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා දියුණු කිරීමත්,…

Read More

බ්‍රිතාන්‍යයේ නව ආරක්ෂක ලේකම් ජෝන් හීලි යුක්රේනයේ ඔඩේෂා නුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී හමුවිය. බ්‍රිතාන්‍යයේ නව රජය ද, පෙර පැවැති රජය සේම, යුක්රේනයට අවශ්‍ය සෑම විටම ආධාර ලබා දෙන බවට නව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය. ඔඩේෂා යනු යුක්රේනයේ වරාය නගරයයි. මෙම නගරයට රුසියන් හමුදා නිරන්තරයෙන් මිසයිල ප්‍රහාර එල්ල කරයි. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ධුරයට පත් වීමත් සමඟ ජෝන් හීලිගේ පළමු විදෙස් සංචාරය ලෙස මෙම යුක්රේන සංචාරය හැඳින්විය හැකිය. රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට අවි ආයුධ, පතුරම් සහ මිසයිල ලබා දෙන බව ද බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරයා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවෙමින් පැහැදිලි කර ඇත. (Reuters) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World…

Read More

ලොව ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩකයෙක් වන John Cena රෙස්ලිං පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. 16 වරක් ලෝක WWE ශූරතාව දිනූ ජෝන් සීනා මේ වන විට 47වැනි වියේ පසුවනවා. ඒ අනුව WrestleMania 2025 තරගාවලිය තමන් සහභාගී වන අවසන් රෙස්ලිං තරගය බවයි සිය සමුගැනීම නිවේදනය කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. ඔහු මේ වනවිට ජනප්‍රිය චිත්‍රපට හා රූපවාහිනී කතා මාලා කිහිපයකට සිය රංගනයෙන් දායක වී තිබෙනවා. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

ඉරාන ජනාධිපතිවරණයේ අවසන් දෙවැනි වටය ජයගත්, හෘද ශල්‍ය වෛද්‍යවරයකු වූ මසූද් පෙසෙෂ්කියන් ජයග්‍රහණය කළේය. ඉරාන ජනාධිපතිවරණය පැවැත්වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් මසූද් පෙසෙෂ්කියන් සහ සයීඩ් ජලිලි අතරේය. ඉරාන මාධ්‍ය අනුව, ජලිලි මිලියන 13.5 ක් ද මසූද් පෙසෙෂ්කියන් මිලියන16.3 ක් ද ඡන්ද ලබා ගෙන ඇත. ඉරානයේ කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත් වූයේ පසුගිය මැයි මාසයේ ඉරාන ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රහිම් රයිසි ගුවන් අනතුරකින් මියයෑම නිසාය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Read More