- රුසියානු – යුක්රේන යුද ගැටුමට පාස්කු සටන් විරාමයක්
- ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
- ලොව පුරා කිතුණු බැතිමතුන් අද පාස්කු දිනය සමරයි
- අද නුවර යන අයට විශේෂ දැනුම්දීමක්
- වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
- සිරි දළදා ප්‍රදර්ශනය නිසා මහනුවර පාසල් 37ක් වසා තැබේ
- අමෙරිකානු නව බදු ගැන රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්
- සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක්
Author: Buzzer Editor
උතුරු ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, හින්දු බැතිමතුන්ගේ පුදබිම ලෙස සැලකෙන, අයෝධ්‍යා නගරයේ, ඉදි කෙරෙමින් පවතින ‘රාම් මන්දිර්’ හින්දු දේවස්ථානයේ බිම් මහළ, දහවල් 12.20 ට විවෘත කෙරුණි. ‘රාම් මන්දිර්’ බිම් මහල විවෘත කිරීම සිදුවූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් පැවැත් වූ ‘ප්‍රාන් ප්‍රතිෂ්ඨ’ පූජොත්සවය සමඟය. සමාරම්භක උත්සවය පැවැත්වූයේ විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක් යටතේය. ඉන්දීය මධ්‍යම රජයේ විශේෂ ආරාධනාවකට අනුව, උත්සවයට රාජ්‍ය නායකයන්, නියෝජිතයන් ඇතුළු ලොව පුරා ප්‍රභූවරුන් සහ ආරාධිතයන් 7,000 ක් සහභාගී වූහ. මහල් තුනකින් සමන්විත ‘රාම් මන්දිර්’ දේවස්ථානයේ ඉදිකිරීම් තවමත් කර නැති අතර, ඉදි කිරීම් අවසන් කර ඇත්තේ බිම් මහලේ පමණි. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත…
ඇමෙරිකාවේ ජනපද කීපයකට ප්‍රචණ්ඩ හිම කුණාටුවක බලපෑම් එල්ල වී ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 90 ක් වාර්තා වෙයි. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ටෙනිසී ජනපදයෙනි. හිම කුණාටු හේතුවෙන් බලපෑමට ලක්වුණු ජනපදවල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ගුවන් ගමන් ඇතුළු සෙසු ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී තිබේ. දස දහස් ගණනක් විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බව ද වාර්තා වේ. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
කොළඹ ප්‍රදේශයේ රථවාහන වැරදි සිදුකරන රියැදුරන් CCTV කැමරා ඔස්සේ හඳුනාගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් අද (22) සිට ආරම්භ කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව අද සිට එළඹෙන 31 වනදා දක්වා එය නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ. ජනවාරි 31 වනදායින් පසුව දඩ පත්‍රිකා නිකුත් කිරීම ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
බ්‍රිතානයේ තෙවැනි චාල්ස් රජු ට සැත්කමක් කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. සැත්කම සිදුවන්නේ, චාල්ස් රජුගේ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහාය. 75 හැවිරිදි චාල්ස් රජුට සැත්කමින් පසු දින කීපයක් විවේකීයව සිටීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරුන් උපුටා දක්වමින් බකිංහැම් මාලිගය වැඩි දුරටත් පැහැදිලි කර ඇත. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවලදී රථවාහන පරීක්‍ෂා කිරීමටත්, නැවැත්වීමටත් කටයුතු නොකරන ලෙසට නව උපදෙස් මාලාවක් පොලිසියට නිකුත් කර තිබෙනවා. මෙම උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. පසුගියදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා දුන් බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
ස්ත්‍රී දූෂණ චෝදනා සම්බන්ධයෙන් ෆෙඩරල් අධිකරණයට පැමිණ සිටි, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හට, විනිසුරුවරිය තරවටු කළාය. ඒ, නීතීඥවරුන් පිරිවරාගෙන අධිකරණයට පැමිණ සිටි ට්‍රම්ප් අධිකරණ ශාලාවේ උස් හඬින් කතා කරමින් පැමිණිලිකරුවන්ට අපහාස කිරීම හේතුවෙනි. ට්‍රම්ප් තමන්ට ලිංගික හිරිහැර කළේ යැයි පැමිණිලි කරමින්, ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක වන්දියක් ඉල්ලන්නේ මාධ්‍යවේදිනියක ද වූ ජීන් කැරොල් නමැත්තියයි. 80 හැවිරිදි ජීන් කැරොල්, ට්‍රම්ප් අතින් ලිංගික හිරිහැරවලට ලක් වුණු බව පැවැසෙන්නේ 1995 වසරේදීය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
ජපානය විසින් සඳ වෙත යැවූ ‘මූන් ස්නයිපර්’ නම් අභ්‍යවකාශ යානය සඳ මතට සාර්ථකව ගොඩ බස්වා ඇති බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) පවසනවා. ඒ අනුව, සාර්ථකව සඳ මත අභ්‍යවකාශ යානයක් ගොඩ බස්වන ලද පස්වන රට බවට ජපානය පත් වූ අතර, මීට පෙර අමෙරිකාව, සෝවියට් සංගමය (පෙර), චීනය සහ ඉන්දියාව යන රටවල් සාර්ථකව චන්ද්‍ර යානා ගොඩ බස්වා තිබුණා. කෙසේ නමුත්, ගොඩ බැස්වීමේදී සිදුවූ යානාවේ බල සැපයුමේ ගැටලුවක් හේතුවෙන් තවමත් එහි තත්ත්වය පරීක්ෂා කරමින් පවතින බවයි ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය කියා සිටියේ. Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබාගැනීම එළඹෙන ජුනි මාසය තුළ සිදුකිරීමට නියමිත බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇති බවයි එහි කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී සඳහන් කළේ. ඒ අනුව ජූනි මාසය ඇතුළත පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සළකුණු සහ මුහුණු හඳුනාගැනීම (Facial recognition) වලට අදාළ දත්ත එකතු කිරීමට කටයුතු කරන බවත්, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ කටයුතු ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ. දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.
බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර කලාපයේ, දියේගෝ ගාසියා දූපතේ දූපත නීතිවිරෝධී සංක්‍රමණිකයන් රඳවා තැබීමට සුදුසු තැනක් නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකන් හමුදා එක් වී, පවත්වාගෙන යන කඳවුරක් දියේගෝ ගාසියා දූපතේ ඇත. ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් බොහෝ දෙනකු වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙම කඳවුරේ රඳවනු ලැබ සිටිති. එක්සත් ජාතීන්ගේ සරණගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් එම දූපතේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණු අතර, ඔවුන් තීරණය කර ඇත්තේ, දූපත නීතිවිරෝධී සංක්‍රමණිකයන් රඳවා තැබීමට සුදුසු තැනක් නොවන බවය. තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ, සිංගප්පූරු කැබිනට් අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්දීය සම්භවයක් ඇති 61 හැවිරිදි සුබ්‍රමනියම් ඊශ්වරන්, 2021 සිට මේ දක්වා සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඊශ්වරන්ට චෝදනා 27 ක් එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන්, විමර්ශන ආරම්භ වූයේ පසුගිය 2023 ජූලි මාසයේය. පාර්ලිමේන්තු නියෝජිතයකු ලෙස ඊශ්වරන්ට මාසිකව සිංගප්පූරු ඩොලර් 15,000 කට වැඩි මුදලක් හිමිවිය. සිංගප්පූරුවේ ප්‍රකට දේපොල ව්‍යාපාරියකු වන ඔන්ග් බෙන් සෙන්ග්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරමින්, ගුවන් ගමන් යෑම, සුඛෝපබෝගී හෝටලවල නවාතැන් ගැනීම, ‘ෆෝමියුලා 1’ මෝටර් රථ ධාවන තරග සඳහා ටිකට් පත් තෑගි ලෙස ලබා ගැනීම ආදී චෝදනා රැසක් සුබ්‍රමනියම් ඊශ්වරන්ට එල්ල වී…