නව විද්යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබාගැනීම එළඹෙන ජුනි මාසය තුළ සිදුකිරීමට නියමිත බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
නව විද්යුත් හැඳුනුම්පත ක්රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇති බවයි එහි කොමසාරිස් ජනරාල් ප්රදීප් සපුතන්ත්රී සඳහන් කළේ.
ඒ අනුව ජූනි මාසය ඇතුළත පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සළකුණු සහ මුහුණු හඳුනාගැනීම (Facial recognition) වලට අදාළ දත්ත එකතු කිරීමට කටයුතු කරන බවත්, සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ කටයුතු ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.