Author: Buzzer Editor

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31, 51 හා 52 හැවිරිදි පිටබැද්දර හා කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් බවයි සඳහන් වන්නේ. අයුතු අවහිරය, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම, සාපරාධී බලහත්කාරය පෑම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Read More

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවට ණය දී ඇති සියලු රටවල් එක්වීම වැදගත් බව ජපානය පවසනවා. ඒ සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සම්බන්ධීකරණය කිරීම ජපානය සිදුකරන බවයි ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි සඳහන් කළේ.

Read More

ඉරාකයේ විරෝධතාකරුවන් පිරිසක් එරට ජනාධිපති මන්දිරයේ ආරක්ෂක දොරගුළු බිඳ දමමින් එයට ඇතුළු වී, එහි ඇති සුවිසල් නාන තටාකයේ පිහිනමින් ප්‍රීති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විරෝධතාකරුවන් මෙලෙස මන්දිරයට කඩා වැදීමෙන් පසු බැග්ඩෑඩ් නගරයට ඇඳිරි නීතිය පැනවීමටද ඉරාක අගමැතිවරයා නියෝග කර ඇති බව වාර්තා වනවා. තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ඉරාකයේ ෂියා පූජක මුක්ටාඩා අල්-සදාර් පූජකවරයා ප්‍රකාශ කිරීමෙන් පසුවයි මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී තිබෙන්නේ.

Read More

2022 වර්ෂයේ අයවැය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (30) සිදු කිරීමට නියමිතයි. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කතාව සිදු කිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම,සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

සහනාධාර අවශ්‍ය අයට දෙන්නත් අනවශ්‍ය අයට නොදෙන්නත් දේශපාලඥයින්ට කොන්දක් තිබිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු අයගෙන 50% ක පමණ පිරිසකට එය නොලැබෙන බවද, මේ වන විට සමෘද්ධි සහනාධාරය ලැබෙන පිරිසගෙන් 40% ක ප්‍රමාණයක් එය ලැබීමට සුදුසුකම් නැති බවද ඔහු පෙන්වා දෙනවා. දේශපාලඥයින් විසින් ඡන්ද ලබා ගැනීම සඳහා සමෘද්ධි සහනාධාරය පුද්ගලයින්ට ලබාදෙන බවද, එය වැරදි ක්‍රියාවක් බවද අද (29) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළා.

Read More

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශේන්හං (Qi Zhenhong) මහතා පැවසුවේ වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීනය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවයි. ශ්‍රී ලංකාවට එක රැයකින් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවත් එහෙත් පවතින අර්බුදය දීර්ඝ කාලයක් පවතිනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මල්වතු සහ අස්ගිරි මහා විහාරය වෙත ගොස් මහනුවරදී මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුවය. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව තුළ විවිධ වෙනස්කම් සිදු වුවද ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වයේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බවත් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් මට්ටමින් අඛණ්ඩව පවත්වාගෙන යන…

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥවරයෙකු වන ප්‍රියලාල් සිරිසේන විසින් මෙම පෙත්සම ගොනුකර ඇති බවයි වාර්තා වන්නේ. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

Read More

ජනශක්ති සමූහයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයෙකු වන Orient Finance PLC සිය 41 වන සංවත්සරය මූලික කර ගනිමින් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ විශාලතම ඔන්ලයින් රථවාහන උපාංග වෙළඳ පොළ ලෙස නම් දරා ඇති Greasemonkey.lk හා හවුල්කාරිත්වයකට එළඹෙමින්, පාරිභෝගිකයින් සඳහා විශේෂ දීමනා සහ ප්‍රවර්ධන යටතේ සිය රථවාහන උපාංග මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීමට Orient Finance PLC මේ හරහා ක්‍රියා කරයි. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා, Orient Finance පාරිභෝගිකයන් වෙත විශේෂ දීමනා වලට යටත්ව, රථවාහන අමතර කොටස් සහ උපාංග, වාහන ආරක්ෂණ නිෂ්පාදන, එන්ජින් ඔයිල් සහ ලිහිසි තෙල්, වාහන තත්ත්‍ව වාර්තා ලබාගැනීම් ආශ්‍රිත සේවා ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන සහ සේවා මිලදී ගැනීමේ…

Read More

ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉල්ලා සිටිනවා. අද (29) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම පත්කරන කමිටුවේ සභාපති ධූරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට භාරගන්නා ලෙසයි. මෙයට ප්‍රතිචාර දක්වමින් රජයේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කමිටුවක් අවශ්‍ය නොවන බවත් මුදල් කාරක සභාවට ඒ සම්බන්ධයෙන් බලතල ඇති බවයි.

Read More