Author: Buzzer Editor

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී බංග්ලාදේශය පරදා කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 7 ක් දැවී ලකුණු 127 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී මොහමඩ් නයීම් ලකුණු 6 කටත්, අනමුල් හක් ලකුණු 5 කටත්, නායක ශකිබ් අල් හසාන් ලකුණු 11 කටත් දවා ගැනීමට මුජිබ් උර් රහ්මාන් සමත් වූ අතර මුෂ්ෆිකර් රහීම් එක් ලකුණකට දැවී ගිය අතර, අෆිෆ් හොසේන් ලකුණු 12 කට දැවී ගියා. මොසඩැක් හොසේන් පන්දු 31 කින් නොදැවී…

Read More

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවත් පහළ වායුගෝලීය කැළඹීලි සහගත තත්ත්වයක් ශ්‍රී ලංකාව ආසන්නයේ පවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එබැවින් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවතෙන සාකච්ඡා යහපත් වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවල පළමු කඩයිම වන කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට කඩිනමින් එළැඹීමට හැකිවෙතැයි ඔහු බලාපොරොත්තු වන බවයි. එම එකඟතාව ඇති වන විට පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශ්වසනීය වැඩසටහනක් ශ්‍රී ලංකාව සතු වන බවත් ඉදිරි වසර තුන හතරක කාලය තුළ ක්‍රියාත්මක කිරීමට වැදගත් මෙන්ම අහිතකර ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සඳහා එහිදී එකඟවීමට සිදුවන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ඉන්ධන බෙදා හැරීමේ අඩුපාඩු නිවැරදි කර ඇති බවත්, පසුගිය දින 4 තුළ අමතර තොග නිකුත් ක​ර ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය මඟින් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් බෙදා හරින බවද ඔහු සඳහන් කරනවා. බස් රථ සහ පාසල් සේවා සඳහා ඉන්ධන අවශ්‍යතා සපුරා ඇති බවද, තවත් පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 35,000ක් අද රාත්‍රියේ ගොඩබෑමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Read More

අර්බුදයෙන් ගොඩ ඒමට ස්ථාවරත්වයක් ගොඩනගා ගත හැකි සහ ණය අපේක්ෂිත රටකට සුදුසු ම අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ අනුව දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවුණත් වඩාත් දූරදර්ශී අයවැයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ භාණ්ඩාගාර ලේකම්වරයාට ස්තූති කළ යුතු බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. කොළඹ නාවික ඇකඩමිය විසින් සංවිධාන කරනු ලැබූ “රාජ්‍ය ආර්ථිකය සම්බන්ධව සත්‍ය දැනගනිමු” තේමාවෙන් පැවැත් වුණු සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැයෙන් මූලික පදනමක් ඉදිරිපත් කර ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංවිධාන කිරීම, බදු ඉහළ නැංවීම,…

Read More

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥවරයෙකු වන විජිත් කුමාර විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත නම් කර තිබෙනවා.

Read More

අතුරු අයවැය පිළිබඳ සෑහීමකට පත් වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටදී මාධ්‍යට ප්‍රකාශයක් කරමින් කීය. ශ්‍රී ලංකාවේ අසරණ භාවයට පත්ව සිටින පවුල් පිළිබඳ යුනිසෙෆ් සංවිධාන සංඛ්‍යා ලේඛන සහ අයවැය සංඛ්‍යා ලේඛන අතර පරස්පරතාවක් තිබෙන බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.

Read More

රජය සතු වාණිජ ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වෙනමම ඒකකයක් පිහිටුවීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වෙන්කිරීමටද අතුරු අයවැය මඟින් යෝජනා කර තිබෙනවා. ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් ඉහළම රාජ්‍ය මූල්‍ය අවදානම් තත්ත්වයකට පත්ව තිබීම හේතුවෙන් රජය විසින් මෙම නව ඒකකය පිහිටුවීමට පියවර ගෙන ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ක්‍රිප්ටෝ වෙළෙඳපොළ ප්‍රමුඛයෙකු (Block Chain) වන Binance Charity සංවිධානය, දේශීය ‘Binance Angel’ හා අත්වැල් බැඳගනිමින්, වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වී සිටින, මහනුවර දිස්ත්‍රික්කයේ නගර 3 ක ගම්මාන 30 ක පවුල් 1000 කට අධික සංඛ්‍යාවකට සහල්, සීනි, කරවල, පරිප්පු සහ නූඩ්ල්ස් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කටයුතු කළ අතර, එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වටිනාකම ඇමරිකානු ඩොලර් ස්ථායී කොයින් (BUSD) 20,000 කි. මෙහි දී Binance සංවිධානයේ විධායක නියෝජ්‍ය සභාපතිනිය / Binance පුණ්‍යායතනයේ ප්‍රධානී හෙලන් හයි මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ “ශ්‍රී ලංකාවේ ජනතාව කොවිඩ් වසංගත තත්ත්වය, සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම සහ වර්තමාන ආර්ථික අර්බුදය යනා දී ගැටලුකාරී අවස්ථා සමඟ දුෂ්කර…

Read More

ශ්‍රී ලංකා – අමෙරිකා ව්‍යාපාර අතර තවදුරටත් සහයෝගීතාව දියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අමෙරිකා-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ සාකච්ඡා කළ බව අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් පවසනවා. මේ වනවිටත් ශ්‍රී ලංකා ශ්‍රමිකයින් 180,000කට පමණ අමෙරිකා-ශ්‍රී ලංකා ද්විපාර්ශවික වෙළෙඳාම නිසා උපකාර ලැබෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් තානාපතිනිය සඳහන් කරන්නේ. අමෙරිකාවට භාණ්ඩ අපනයනය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනක දායකත්වයක් ලැබෙන බවත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍යාධාර සැපයීම, ගොවීන්ට බීජ වර්ග, පොහොර ලබාදීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පුහුණුව සැපයීම සහ අධ්‍යාපනික හුවමාරු වැනි වැඩසටහන් සඳහා සහාය දෙගුණ කිරීමට අමෙරිකාවට හැකියාව ඇති බවයි ඇය සඳහන් කළේ. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකෙරෙන…

Read More