Author: Buzzer Editor

බඩ ඉරිඟු ගොවීන්ට රුපියල් 15,000 බැගින් පොහොර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ගොවි ජනතාවගේ ඉල්ලීම වන්නේ වෙලාවට පොහොර සහ ඉන්ධන ලබාදීම සහ අස්වැන්නට හොඳ මිලක් ලබාදීම බවත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම රජයට ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ගොවීන්ට බිම් සකස් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමටද උපරිම උත්සහාකරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

අනාගතයෙහි උපදින අල්පාෂුෂ මිනිසුන්ගේ බුද්ධිය ගැන සැලකූ එම සෘෂින්වහන්සේලා ආයුර්වේදය ක්‍රම අටකට බෙදා වෙන්කර ක්‍රම හා විධියේ සෙසු වෙද බුද්ධි ප්‍රභාවය දියුණුමට්ටමකට පමුණුවා ග්‍රන්ථාරූඪ කළ පොත් හා ග්‍රන්ථ වෙදකරණයේ දී අතිශයෝක්තියෙන් මුදවා වෙදහෙදකම් සඳහාම යෙදවූ බවක් එතැන් පටන් මේ දක්වා පාරම්පරිකව එම වෙදකම් පරම්පරානුගතව වෙද දුරන් වෙත පැවතගෙන එන බවක්ද පැහැදිලි වේ. රාවණාරාජ සමය ලංකා දේශීය වෙදකමේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකියි. ජගත් පුජ්‍ය වෛද්‍ය පරම්පරාවක ආදි කර්තෘවර පුලස්තිපුර අග්‍රරාජධානිය කොට රාජ්‍යානුශාසනය කළා වූද මහර්ෂි පුලස්තිතුමාගේ මුණුබුරුවූ වෛද්‍ය ශිරෝමනී ශ්‍රී ලංකාධිපති රාවණා අධිරාජයා ලොව විසූ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයන් අතුරෙන් ප්‍රමුඛස්ථානයේ වැජඹුණ මෙතුමා ජීවත් වූයේ වික්‍රම සංවත්සරයෙන් 1207කට පෙරයයි සඳහන් බුද්ධ වර්ෂයෙන්…

Read More

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා. මේ වනවිට (11) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හා සමන්තා පවර් අතර නිල සාකච්ඡා සිදුවෙමින් තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙම සාකච්ඡාව සඳහා අමෙරිකානු තානාපති ජූලි චන්ග් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ මාණ්ඩලික ප්‍රධානී සොනාලි කෝර්ඩේ එක්ව සිටිනවා.

Read More

ගොවි ජනතාව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා අමතර අමෙරිකානු ඩොලර් මිලියන 40 ක ආධාර මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් පවසනවා. ජා ඇල, ඒකල ප්‍රදේශයේ ගොවි ජනතාව මුණ ගැසී සිදුකළ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කර තිබෙනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් ගොවි ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටලු සහ ඒ සඳහා අමෙරිකාවේ සහාය ලබාදිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම අමෙරිකානු නියෝජිතවරියගේ සංචාරයේ අරමුණ බවයි සඳහන් වන්නේ.

Read More

පෙරේදා (09) කොවිඩ් ආසාදිත මරණ 02 ක් වාර්තා වී ඇති අතර ඊයේ (10)කොවිඩ් ආසාදිතයින් 32 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670408 ක් වන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව 16725 ක් වනවා.

Read More

බ්‍රිතාන්‍යයේ ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති උත්සවයකදී චාල්ස් කුමරුන්, තුන්වන චාල්ස් රජු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇති බව වාර්තා වනවා. එලිසබෙත් රැජිනගේ මරණයත් සමඟම චාල්ස් කුමරුන් රාජ්‍ය ධූරයට පත්වූවත්, මෙම උත්සවය හරහා ඔහුව නිල වශයෙන්ම රජු ලෙස ප්‍රකාශයට පත් කර ඇති තිබෙනවා.

Read More

වර්තමානයේ රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටිනවා. ඒ අනුව අභිනවයෙන් පත් වූ රාජ්‍ය අමාත්‍යවරුන්ට පහසුකම් සැලැසීමේ දී රාජ්‍ය වියදම් කළමනාකරණයට යටත්ව එම පහසුකම් සැලැසීමටත් තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින්,

Read More

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ (USAID) ප්‍රධාන නිලධාරී සමන්තා පවර් අද (10) දිවයිනට පැමිණ තිබෙනවා. අද උදෑසන 09.00ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දූත පිරිස මෙරටට පැමිණ තිබෙනවා. සමන්තා පවර් ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

Read More

ශ්‍රී ලාංකිකයින් 1125 දෙනෙකු කඩිනමින් දකුණු කොරියාවට යැවීමට වීසා සුදානම් බවත් සතියකට ශ්‍රමිකයින් 250ක් කොරියාවට යවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඊයේ ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොරියානු රැකියා අපේක්ෂකයින් පිරිසක් සමඟ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති හමුවකදීය. කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ද ඊට සහභාගි වූහ. කොරියානු රැකියා අපේක්ෂකයින් සඳහා වීසා අයදුම් කිරීමේ ප්‍රමාදය වැළැක්වීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බවත් ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට ඉලක්ක සහ දිරිගැන්වීම් ලබාදීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. කොරියානු විභාග පැවැත්වීම සඳහා වැඩි පහසුකම් සහිත නව මධ්…

Read More

ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව විශේෂාංග දෙකක් එක් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එම විශේෂාංග දෙක පහතින්. වාහන නොවන අවශ්‍යතා සඳහා QR ජනක යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ වැනි මෝටර් නොවන කාණ්ඩ සඳහා QR හරහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව. ඒ සඳහා ලියාපදිංචි වීමේ ක්‍රමය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මඟින් කඩිනමින් දැනුම් දෙනු ඇති. ගනුදෙනුව අවසන් වූ පසු ලැබෙන SMS පණිවිඩයේ පිරවුම් හලේ කේත අංකය ඉන්ධන ලබාගත් පසු පාරිභෝගිකයාට ලැබෙන කෙටි පණිවුඩයේ පිරවුම්හල් කේතය අන්තර්ගත කර ඇත.

Read More