Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඉපැරැණි හෙළ වෙදකම
Blog 30 Views

ඉපැරැණි හෙළ වෙදකම

Buzzer EditorBy Buzzer EditorSeptember 11, 2022No Comments4 Mins Read30 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අනාගතයෙහි උපදින අල්පාෂුෂ මිනිසුන්ගේ බුද්ධිය ගැන සැලකූ එම සෘෂින්වහන්සේලා ආයුර්වේදය ක්‍රම අටකට බෙදා වෙන්කර ක්‍රම හා විධියේ සෙසු වෙද බුද්ධි ප්‍රභාවය දියුණුමට්ටමකට පමුණුවා ග්‍රන්ථාරූඪ කළ පොත් හා ග්‍රන්ථ වෙදකරණයේ දී අතිශයෝක්තියෙන් මුදවා වෙදහෙදකම් සඳහාම යෙදවූ බවක් එතැන් පටන් මේ දක්වා පාරම්පරිකව එම වෙදකම් පරම්පරානුගතව වෙද දුරන් වෙත පැවතගෙන එන බවක්ද පැහැදිලි වේ.

රාවණාරාජ සමය ලංකා දේශීය වෙදකමේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකියි. ජගත් පුජ්‍ය වෛද්‍ය පරම්පරාවක ආදි කර්තෘවර පුලස්තිපුර අග්‍රරාජධානිය කොට රාජ්‍යානුශාසනය කළා වූද මහර්ෂි පුලස්තිතුමාගේ මුණුබුරුවූ වෛද්‍ය ශිරෝමනී ශ්‍රී ලංකාධිපති රාවණා අධිරාජයා ලොව විසූ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයන් අතුරෙන් ප්‍රමුඛස්ථානයේ වැජඹුණ මෙතුමා ජීවත් වූයේ වික්‍රම සංවත්සරයෙන් 1207කට පෙරයයි සඳහන් බුද්ධ වර්ෂයෙන් 1844 කට පෙර දඹදිව දශ දේශයක් යටත් කළ නිසා ඒ දශ දෙස කිරුළු පලන් දසිස් යයි විරුදාවලි ලද මෙතුමා අවුරුදු හාරදහසකට පෙර ජීවත්වූ බවක් මහාවංශය සඳහන් කරයි.

දක්ෂ රසායන වෛද්‍යවරයෙක් මෙන්ම අග්නිසර නාගසර අවිනිපදවා රාමරාවණ යුද්ධයේ දී ඇඳුම් කාර්මික රටකට ගැළපෙන සේ සකස්කර භාවිත කරමින් මහා බ්‍රහ්මයාගේ වෙදකම් ඉගෙන ගෙන ක්ෂණික ආබාධවලින් තුවාල සුව කිරීමේ ක්‍රමවේද රහස් ඖෂධ පවා දැන ඉගෙන මියගිය උන් පණ ගැන් වූ ඖෂධ සොයා ඔවුන් සුවපත් කළ බවක් ද යුදාදි ක්‍රමවලදී වලාකුළු තුළ සැඟවී පහර දීම අදෘෂ්‍යමානව සිට පහර දීම ආදී ඒ පිළිබඳ කතාවලින් පැහැදිලි ය. මේ අනුව රාවණා රාජතෙමේ විෂ්මිත වික්‍රමයන් කළ මහානුභාව සම්පන්න ශාක්‍ය සම්පන්න රාජෝත්තමයෙකි, ආයුර්වේදයේ සම්භවය ලෙස හිමාල පර්වත ප්‍රාන්තයේ සිට විවේක සුවයෙන් ගත කළ සෘෂින් වහන්සේලා මනුෂ්‍යත්වය ඉක්මවා ගිය ස්වකීය බුද්ධිබලය මෙහෙයවා හිමාල අඩවියේ සිට මහා සාගර පතුල දක්වා අධීක්ෂණය කළ සෑම ද්‍රව්‍යයකම විද්‍යාමානවන රසගුණ ඕජා පිරික්සමින් තමන්වෙත පැමිණි කීකරු ශිෂ්‍ය වෙදපරපුර වෙත උගන්වා ආයුර්වේදය අර්ථකථනය කළබවද සත්‍යයකි.

අනාගතයෙහි උපදින අල්පායුෂ මිනිසුන්ගේ බුද්ධිය ගැන සැලකූ එම සෘෂින්වහන්සේලා ආයුර්වේදය ක්‍රම අටකට බෙදා වෙන්කර ක්‍රම හා සෙසු වෙද බුද්ධි ප්‍රභාවය දියුණුමට්ටමකට පමුණුවා ග්‍රන්ථාරූඪ කළ පොත් හා ග්‍රන්ථ වෙද කරණයේ දී අතිශයෝක්තියෙන් මුදවා වෙදහෙදකම් සඳහාම යෙදවූ බවක් එතැන් පටන් මේ දක්වා පාරම්පරිකව එම වෙදකම් පරම්පරානුගතව වෙද දුරන් වෙත පැවතගෙන එන බවක්ද පැහැදිලි වේ.

මේ තාක් සොයාගෙන නැති සෙල් ලිපි රාශියක් හෙළ වෙදකමේ අරුණෝදය ලේඛනගතවී ඇත. හෙළ අපේ පැරණි වෛද්‍යකර්ම පිළිබඳ පැහැදිලි වාර්තාවක් ලංකාවාසීන් ඉදිරියට පැමිණෙනු ඇත. ඒ අස්ථානගත වී ඇති මෙම සෙල්ලිපි සොයාගත් විටයි. පස්වැනි කාශ්‍යප රජුගේ සෙල්ලිපිය මිහින්තලා කන්ද පාමුල පිහිටි දොරටුපාල ශිලා ලිපිය අභයගිරි විහාරයේ සිව්වැනි මිහිඳු රජුගේ ශිලා ලිපිය එතුමාගෙම මිහින්තලා ශිලා ලිපිය මහා පැරකුම් රාජ සමයේ සුළුවේදනා නම්දැරූ වෛද්‍යතුමාවිසින් මල්වතුඔය අසල කොටන ලද ශිලා ලිපිය මෙම සාක්ෂි එකල ලංකාපුරය තුළ පැවැති වෛද්‍යසේවය පිළිබඳ සියලු තතු පැහැදිලි කරයි. භික්ෂූන් වහන්සේලා විසූ සංඝාරාමවලට යාබදව උන්වහන්සේලාගේ සුවකර්මය සඳහා ආරෝග්‍යශාලා තිබුණ බවක්ද එහි සේවය සඳහා උපස්ථායක පැවැදිතුමෝ උවටැන් සඳහා යෙදවූ බවක් ද මහාවංශය සඳහන් කරයි. එසේම ප්‍රධාන නගරයන්හි අනුරාධපුර, පොළොන්නරු, මිහින්තලා වැනි නියම්ගම් ආශි‍්‍රතව රෝහල් ඉදිවී එහි සේවය සඳහා උපස්ථායකවරුන් යෙදවූ බවත් ඔවුනගේ නඩත්තුව සඳහා සැදැහැවතුන්ගෙන් ලැබුණ පරිත්‍යාගවලින් පිදුම් ලැබූ බවක් ද සඳහන් වේ. භික්ෂූන් වෙනුවෙන් වෙනම ඔසුසල් තනා ඒවා රජයේ වියදමින් පාලනය වූ බවක් ද සඳහන් වේ.

මේ කරුණු අනුව බලන කල සුතිකාගාර සන්ථාගාර පශුවෛද්‍යාගාර ඇතුළු මහා රෝග්‍යශාලාවන්ගෙන් යුත් ජාතික සංස්කෘතිය දේශීය සභ්‍යත්වයත් ආගමික පරිසරයත් සුරැකෙන පරිදි ගොඩනැගුණ සකලාංග සම්පූර්ණ වෛද්‍ය සේවයක් ලක්වැසි ජනතාව සතුව පැවැති බවක් සාක්ෂි සහිතව පැහැදිලි කර හැක. ඒ කාලයේ ලියන ලද පැරණි වෙදපොත් ලෙස කුමාර තන්ත්‍රය බාලරෝග චිකිත්සා සඳහා ද අර්කප්‍රකාශය බුද්ධවෙදහරය භෛසජ්‍යමංජුසා ශ්‍රී නරේන්ද්‍රසිංහ වීරපරාක්‍රම රජුගේ අත්වෙද පොත රජගෙයි ඇස්වෙදකම වරයෝගසාරය යෝගමාලව එකල වෛද්‍ය ග්‍රන්ථ ලෙසින් භාවිතයට ගන්නා පැරණි වෛද්‍ය ග්‍රන්ථවලින් කිහිපයකි. පැරණි දේශීය වෙදකමේ පරම්පරා වශයෙන් එන හස්තසාර ඖෂධ යෝගයෝ අද ද හෙළ වෛද්‍යවරයෝ භාවිත කරති. පැරණි දේශීය වෙදකම හෙළයේ වෛද්‍යවරුන් අවුරුදු දහස් ගණනක් පැරණිවුවද ඈත අතීතයේ සිටම මේ දක්වා නොකැඩී නොනැසී පවතී.

විදේශීය ආක්‍රමණ බලපෑම් වෙනත් නොයෙක් සමාජ කරුණු නිසා එම ඖෂධ මෙකල ඊටත්වඩා වෙනස්නම්වලින් වර්ගීකරණය කළත් පැරණියේ හෙළ වෛද්‍යයෝ රාජාඖෂධම පැරණි වෙද උතුමන්ගේ වෛද්‍යකරණයට අනුගත වී ඇත. යාපුර දඩින්නරු සුළුබුරුදු යහවපු කිරිබේරිය නවැඟිලි තිලද ආදී පැරණි ශාස්ත්‍රීය වචන මෙන්ම වෑග්‍ර බාහාර බකුල කට්ටායම් කළුපනික්කිල කැලෙන් කැපූ පොත්ත අලිසෙරප්පායි ආදී අශාස්ත්‍රීය වචනද වර්තමාන වෛද්‍ය නාමකරණයෙන් සැඟවී ගොසිනි ඒවා යොදා කරන වෙදකම්ද අස්ථානගතව ඇති සෙයක් පෙන්නුම් කෙරේ.

පාරම්පරික වෛද්‍ය බී.ඊ.ඇම්. විජයසුන්දර මහතාගේ සටහනක් ඇසුරිනි

blog featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleසමන්තා පවර් ජනපති රනිල් මුණ ගැසේ
Next Article බඩ ඉරිඟු ගොවීන්ට මහින්ද අමරවීරගෙන් පොරොන්දුවක්
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20267 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202607 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.