Author: Buzzer Editor

පෙරේදා (17) කොවිඩ් මරණ 03 ක් වාර්තාවී ඇති අතර ඊයේ (18) කොවිඩ් ආසාදිතයින් 13 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,596 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,747 ක් වනවා.

Read More

එළැඹෙන විස්සයි – විස්ස ලෝක කුසලානයේ දී වනිඳු හසරංග පිතිකරුවන්ට දැඩි අභියෝගාත්මක පන්දු යවන්නෙකු වන ඇති බව ලෝක පූජිත දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. වනිඳු යනු විශිෂ්ඨ පන්දු යවන්නෙකු බව පෙන්වා දෙන මුරලි කියා සිටියේ පසුගිය වසර 2-3 තුළ වනිඳු හොඳින් ක්‍රීඩා කර ඇති බවයි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තණතීරුවල දී සාමාන්‍ය දඟ පන්දු යවන්නන්ට වඩා පාදඟ පන්දු යවන්නන් හට වැඩි වාසියක් පවතින බවත්, ඒ නිසා පිතිකරුවන්ට වනිඳු හසරංගට මුහුණ දීම අභියෝගයක් වනු ඇති බවත් මුරලි වැඩිදුරටත් පවසා සිටියා.

Read More

ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ඒ අනුව කුකුළු මස්, බිත්තර, එළවළු හා පළතුරු මිල සැලකිය යුතු ඉහළ ගොස් ඇති බවයි ව්‍යාපාරිකයින් හා පාරිභෝගිකයින් සඳහන් කරන්නේ. වෙළඳුන් සඳහන් කරන්නේ කුකුළු මස් කිලෝවක් 1400 ත් 1500 ත් අතර මුදලකට අලෙවි කරන බවත් පාරිභෝගිකයින්ට වෙනදා මෙන් මිලදී ගැනීමට නොහැකි බවද ඔවුන් පවසනවා.

Read More

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර කාලසීමාව තුළදී ඔහු යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකිම් පවරා තිබෙනවා. ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩබලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ, වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් හා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම පත්කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ ට්විටර් සටහන සහ මාධ්‍ය නිවේදනය පහතින්,

Read More

සැපවත් ජීවිතයක් ගත කිරීමට සුදුසු පරිසරය පවතින වාසස්ථානය වාස්තුව වශයෙන් හැඳින්වේ. එසේනම් එම සුදුසු පරිසරය කුමක්ද? එය සකස් විය යුත්තේ කෙසේද? එම පරිසරයේ අඩංගුවිය යුත්තේ මොනවාද? මේ ආදී ප්‍රශ්න වැලකට ඔබ සියලු දෙනා මැදිවේ. එනිසා මෙහි සැබෑ තත්ත්වය සොයා බලමු. විශේෂයෙන් මෙහිදී ඉහත කී ප්‍රශ්න යටතේ එම වාසස්ථානය සකස් විය යුත්තේ කෙසේද? යන්න සොයා බැලිය යුතුය. කෙසේ නමුත් සමාජයේ ඕනෑම අයකුට යහතින් ජීවත්වීමට සුදුසු පරිදි වාසස්ථානය සකස් කිරීමට පළමුව ඒ අවට සුදුසු පරිසරයක් තිබීම නම් අනිවාර්ය දෙයකි. එය වාස්තුවේ සැබෑ තත්වයේ කොටසක් වන්නේය. ඊළඟ කොටස සුදුසු භූමි ප්‍රදේශයයි. නිවසක් ඉදිකරන භූමි ප්‍රදේශයේ අවට පරිසරය සම්බන්ධව බොහෝ විට නිවස හිමියාගේ සිතට…

Read More

බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (17) මධ්‍යහනයේ ලන්ඩන් නුවරට ළඟාවී තිබෙනවා. හෙට (19) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහි දී පැවැත්වෙන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවන ජනාධිපතිවරයා ලබන බදාදා (21) අළුයම නැවත දිවයිනට පැමිණීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

Read More

අද දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණ වනවා. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකියි.

Read More

පෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව සහ මාලදිවයින වැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකරන පුද්ගලයින්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යාමට උනන්දුවක් දැක්වීම හේතුවෙන් අදාළ රටවල රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල දැන්වීම් පළකරමින් මුදල් ලබාගන්නා වංචාකරුවන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි එම කාර්යංශය සඳහන් කරන්නේ. විදේශ රැකියාවක් සඳහා යාමට කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට විදේශ ගමන් බලපත්‍රය හෝ මුදල් ලබාදීමට පෙර එම ආයතනය කාර්යාංශයේ බලපත්‍රයක් හිමි නීත්‍යානුකූල ආයතනයක්ද යන්න සොයාබලන ලෙසයි විදේශ සේවා නියුක්ති…

Read More

පාසල් සිසුවෙකුට ලබාදීමට සැලසුම් කර ඇති ආහාර ප්‍රමාණය වැඩි කළ යුතු බව තමා පිළිගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් සිදුවන බවත් එය වැඩිකළ යුතු නම් අනිවාර්යෙන් වැඩිකළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එසේම ත්‍රිපෝෂවල ගැටලුවක්ද තිබූ බවත් කෙසේ නමුත් එය විසඳා ගැනීම සඳහා පෞද්ගලික අංශයෙන් විශාල දායකත්වයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

රුසියානු හමුදා විසින් යටත් කරගෙන සිටි යුක්‍රේනයේ හාකිව් කලාපය යළිත් යුක්‍රේන හමුදාවන් විසින් අත්පත් කරගත් අතර එහිදී ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනෙකු මුදවා ගත් බව යුක්‍රේන ජනාධිපති වොල්ඩ්මියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියානු හමුදාවන් විසින් ගොඩනැගිල්ලක සිරකර සිටියදී මෙම සිසුන් පිරිස මුදවා ගත් බවත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කළ බවත් ජනාධිපතිවරයා පවසා සිටියා. එම ප්‍රදේශයේ වැඩිදුර සෝදිසි කිරීම් ක්‍රියාත්මක බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Read More