රුසියානු හමුදා විසින් යටත් කරගෙන සිටි යුක්‍රේනයේ හාකිව් කලාපය යළිත් යුක්‍රේන හමුදාවන් විසින් අත්පත් කරගත් අතර එහිදී ශ්‍රී ලාංකික සිසුන් 07 දෙනෙකු මුදවා ගත් බව යුක්‍රේන ජනාධිපති වොල්ඩ්මියර් සෙලෙන්ස්කි පවසනවා.
රුසියානු හමුදාවන් විසින් ගොඩනැගිල්ලක සිරකර සිටියදී මෙම සිසුන් පිරිස මුදවා ගත් බවත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කළ බවත් ජනාධිපතිවරයා පවසා සිටියා.
එම ප්‍රදේශයේ වැඩිදුර සෝදිසි කිරීම් ක්‍රියාත්මක බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.


