Author: Buzzer Editor

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය 70.2% ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනව‍ා. එසේම මෙරට ආහාර උද්ධමනය අගෝස්තු මාසයේදී 84.6% ක් දක්වා ඉහළගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටති සඳහන් කරන්නේ.

Read More

සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා. අද (21) පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

Read More

ප්‍රබල භූමි කම්පාවකින් මෙක්සිකෝව කැලඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි මෙක්සිකෝ සිටී අගනුවරට ද දැනෙන්න විය. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් බව ද පැවැසෙයි. මෙක්සිකෝ මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. කෙසේ නමුත් එම ගණන තවත් ඉහළ යා හැකි බව ද පැවැසෙයි. (රොයිටර්ස්)

Read More

රට තුළ හමුදා කණ්ඩායම් සූදානම්ව තබන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබෙනවා. හමුදා අත්දැකීම් සහිත ස්වේච්ඡා භටයින් 300,000ක් නැවත හමුදා සේවයට කැඳවා හමුදා බලඇණි ශක්තිමත් කිරීමට තීරණය කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම තීරණයත් සමගම ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් මිල 2% කින් ඉහළගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

Read More

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩනයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් සිදුව තිබෙනවා. පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි විසින් චර්ච් හවුස් හි දී සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වී ඇති අතර හි දී ලෝක නායකයන් සමඟ සුහද සාකච්ඡාවක ද නිරතවී තිබෙනවා.

Read More

ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යුද හමුදාවේ මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර තිබෙනවා. යුද්ධ හමුදාව නියෝජන කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ඊයේ (20) යුද හමුදා මූලස්ථානයේ සංවිධාන කර තිබූ උත්සවයකදී මෙම උසස්වීම ලබාදී තිබෙනවා.

Read More

පෙරේදා (19) කොවිඩ් මරණ වාර්තාවී නොමැති අතර ඊයේ (20) කොවිඩ් ආසාදිතයින් 24 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,641 ක් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,748 ක් වනවා.

Read More

අද (21) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

ඉන්දියාව මෙරට බලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු වටයේ සාකච්ඡා සැප්තැම්බර් 16 වනදා පැවැත්වූ බව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඒ අනුව එම සාකච්ඡා සුහදශීලීව පැවත්වූ බවයි මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබෙන්නේ. ආර්ථික අර්බුදයෙන් පීඩාවිඳින අසල්වැසියාට දිගුකාලීන ආයෝජන හරහා සහාය ලබාදීමට සූදානම් බවයි එහිදී ඉන්දියාව සඳහන් කර ඇත්තේ.

Read More

ප්‍රාදේශීය වශයෙන් මෙරට ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ ලෝක ආහාර වැඩසටහන සිදුකළ සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ වාර්තාවට අනුව මෙරට නිවාසවලින් 79% ක් පෝෂණය නොසලකා මිල අඩු ආහාර පරිභෝජනයට පෙළඹී ඇති බව සඳහන් වනවා. එසේම 49% ක් ගනු ලබන ආහාර ප්‍රමාණය අඩුකර ඇති අතර 39% ක් ආහාර වේල් සංඛ්‍යාව අඩුකර තිබෙන අතර මෙරට ජනගහනයෙන් 37% ක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලෙන බවද අදාළ වාර්තා මඟින් පෙන්වා දී තිබෙනවා. සෑම නිවාස 10 කින් 4 ක් ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොගන්නා බවද ලෝක ආහාර වැඩසටහන සිදුකළ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

Read More