- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
ඔක්තෝබර් මාසයේ 09 වනදා සිට රුසියානු ගුවන් සේවය වන එරෝෆ්ලොට් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව යළිත් මොස්කව් සහ කටුනායක අතර ගුවන් ගමන් වාර ආරම්භ වීමට නියමිතයි. එරෝෆ්ලොට් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පැනවූ නඩුවක් හේතුවෙන් දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවූ අතර එහිදී මොස්කව් සහ කටුනායක අතර ගුවන් ගමන් වාර අත්හිටුවීමට රුසියාව කටයුතු කළා.
කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය පිලිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ විශාල ප්‍රදේශයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් බලයක් නොමැති බවයි. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (23) කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකම මෙම වසර අවසානය වන විට අනුමත වනු ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ඊයේ (23) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විසින් ආයෝජකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවන් අතරතුරදී මේ පිළිබඳව සඳහන් කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.
චීනය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කළ අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය රැගත් විශේෂ ගුවන් යානය ඊයේ (23) රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. මෙරට තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණය අවශ්‍යතාවයට පිළියමක් ලෙස චීනය විසින් මෙම පරිත්‍යාගය සිදුකර තිබෙනවා.
20 වතාවක් ලෝක ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ටෙනිස් ශූරතාවය හිමි කරගත් ටෙනිස් ශූර රොජර් ෆෙඩ්‍රර් ලෝක ටෙනිස් පිටියෙන් විශ්‍රාම ගෙන තිබෙනවා. ඔහු සහභාගී වූ අවසන් තරගය අද (24) පැවති අතර එහිදී රොජර්ගේ ප්‍රබල ප්‍රතිවාදියෙකු වූ රෆායල් නඩාල් සමඟ යුගල තරගයකට සහභාගී වුණා. කෙසේ වෙතත් රොජර්ට සහ රෆායල් හට අමෙරිකානු ක්‍රීඩකයන් දෙදෙනා හමුවේ පරාජයට පත්වීමට සිදුවුණා. සිය අවසන් තරගයට ක්‍රීඩා කරන රොජර් හට සුබ පැතීම සඳහා ටෙනිස් ශූරයන් රැසක් සහභාගී වී සිටි අතර එහිදී රෆායල් සහ රොජර් සංවේදී වූ අවස්ථාව බොහෝ දෙනාගේ අවධානයට යොමුවී තිබුණා.
මී පැණිවල ගිල්වූ සුදුලූනු වලින් බික් එක බැගින් උදෑසන හිස් බඩ ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් පාලනයට විශාල උපකාරයක් ලැබෙනවා. මී පැණි වල ගිල්වපු සුදුලූනු එහෙමත් නැත්නම් “ගාලික් හනි” කියන්නේ අපේ රටේ වැඩිය ජනප්‍රිය නැති වුණත් සමහර රටවල් වල නම් ඉතාම ජනප්‍රිය කෑමක්. මී පැණි වල ගිල්වපු සුදුලූනු කියන්නේ කෑමකට අමතරව ලෙඩ රෝග ගණනාවකට ප්‍රතිකර්මයක් වන ඖෂධයක්. සුදුලූනු කියන්නේ අපි ආහාරයට ගන්න දේවල් අතරින් වැඩිම ගුණ සහිත ආහාරයක් (කුළුබඩුවක්, රසකාරකයක්) විදිහට හඳුන්වන්න පුළුවන්. සුදුලූනු අයිති වෙන්නේ බී ලූනු අයත් වෙන ශාක කුලයටමයි. සුදුලූනු කියන්නේ ආහාර රසගන්වන්න භාවිත කරන ස්වාභාවික රසකාරකයක් විතරක් නෙවෙයි. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරමින් අපේ…
අද (24) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (24) දිනයේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලය ඇමතීමට නියමිතව ඇති බව වාර්තා වනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය පසුගිය 19 වනදා ආරම්භ වූ අතර එහි ඉහළ මට්ටමේ සාකච්ඡාවන් සැප්තැම්බර් 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
රුසියානු හමුදාවේ පාලනය යටතේ පැවතෙන කර්සන් පළාත, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ඩොන්බාස් ජනරජවල සහ රුසියාවේ හමුදා පාලනය යටතේ පවතින සැපරොෂ් පළාතේ කොටස් රුසියාවට එකතු වීම සඳහා ජනමත විචාරණයක් අද (23) ආරම්භ කළේය. පුරා දින 5 ක් මෙම ජනමත විචාරණය පැවැත්වෙන අතර එහිදී රුසියානු භූමියක් ලෙස එකතු වීමට ගත් තීරණය සම්බන්ධයෙන් කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කිරීමට එම ප්‍රදේශ වල ජනතාවට අවස්ථාව ලැබෙන බව පැවසෙයි. ලබන අඟහරුවාදා දින අවසන් වන ජනමත විචාරණයේ මූලික වටයේ ප්‍රථිපල බදාදා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ඩොන්බාස් ජනරජ 2014 වසරේදී යුක්රේනයෙන් වෙන් වූ අතර ඉකුත් පෙබරවාරි මාසයේ රුසියාව, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ස්වාධීන රාජ්‍ය ලෙස…
එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකකය අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකා රුපියල ලොව තෙවන ස්ථානයට පත්ව තිබෙනවා. අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය Steve Hanke විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් කර තිබෙනවා. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79%කින් අවප්‍රමාණයවී ඇති බවයි ඔහු සිය වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ. එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ලොව පළමු සහ දෙවැනි ස්ථානවල සිම්බාබ්වේ සහ කියුබාව පිළිවෙලින් පවතිනවා.