Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, July 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සුදු ලූනු මී පැණියේ ගිල්වා තබා කෑමට ගැනීමේ වාසි
Blog 9 Views

සුදු ලූනු මී පැණියේ ගිල්වා තබා කෑමට ගැනීමේ වාසි

Buzzer EditorBy Buzzer EditorSeptember 24, 2022Updated:September 24, 2022No Comments3 Mins Read9 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මී පැණිවල ගිල්වූ සුදුලූනු වලින් බික් එක බැගින් උදෑසන හිස් බඩ ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් පාලනයට විශාල උපකාරයක් ලැබෙනවා.

මී පැණි වල ගිල්වපු සුදුලූනු එහෙමත් නැත්නම් “ගාලික් හනි” කියන්නේ අපේ රටේ වැඩිය ජනප්‍රිය නැති වුණත් සමහර රටවල් වල නම් ඉතාම ජනප්‍රිය කෑමක්. මී පැණි වල ගිල්වපු සුදුලූනු කියන්නේ කෑමකට අමතරව ලෙඩ රෝග ගණනාවකට ප්‍රතිකර්මයක් වන ඖෂධයක්.

සුදුලූනු කියන්නේ අපි ආහාරයට ගන්න දේවල් අතරින් වැඩිම ගුණ සහිත ආහාරයක් (කුළුබඩුවක්, රසකාරකයක්) විදිහට හඳුන්වන්න පුළුවන්. සුදුලූනු අයිති වෙන්නේ බී ලූනු අයත් වෙන ශාක කුලයටමයි. සුදුලූනු කියන්නේ ආහාර රසගන්වන්න භාවිත කරන ස්වාභාවික රසකාරකයක් විතරක් නෙවෙයි. ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරමින් අපේ ශරීරය විෂබීජ වලින් ආරක්ෂා කරන්න, ප්‍රතිඔක්සීකාරක වර්ධනය කිරීම, රුධිර සංසරණය විධිමත් කිරීම වගේ ප්‍රතිලාභ රාශියක් සුදුලූනු වලින් ලබාගන්න පුළුවන්. ශරීරය හොඳීන් ක්‍රියාශීලී කිරීමට අවශ්‍ය වන සල්ෆර් මේවායේ අඩංගු වෙනවා. ශරීරයේ ප්‍රතිදේහ නිපදවීමටත් විශාල උදව්වක් සුදුලූනු වලින් ලබාගන්න පුළුවන්. ඒ වගේම නිතර සුදුලූනු ආහාරයට ගැනීමෙන් පිළිකා අවදානම අඩු කරගන්නත් හැකියාව ලැබෙනවා. රුධිර පීඩනය, රුධිරයේ සීනි වගේ ලෙඩ රෝග ගණනාවක් පාලනය කරන ඖෂධයක් විදිහට සුදුලූනු හඳුන්වන්න පුළුවන්.

මී පැණි වලත් තිබෙන්නේ අසීමිත ගුණ ප්‍රමාණයක්. මෙහි ගුණ කොච්චරද කියනවා නම් දිනපතා උදෑසන අවදි වීමෙන් පසු මී පැණි තේ හැන්දක් පානය කිරීමෙන් දීර්ඝායුෂ ලැබීම හා ලෙඩ රෝග වලින් වැළකී සිටීමට හැකියාව ලැබෙනවා. හදවත හොඳීන් ක්‍රියාකාරී වීම, ශරීරයේ අනවශ්‍ය බර අඩු වීම, මතකය හොඳීන් අවදිවීම, සුවපහසු නින්දක් ලැබීමට හැකිවීම, මානසික සෞඛ්‍ය නිරෝගී වීම වගේ සෞඛ්‍ය ප්‍රතිලාභ ඒ තුළින් ලබාගන්න පුළුවන්. සුව කිරීමට නොහැකි වූ තුවාල සුව කිරීම සඳහාද මී පැණි පැරැන්ණන් භාවිත කළ බව පොතපතෙහි සඳහන් වෙනවා. විටමින්, යකඩ, කැල්සියම්, සින්ක්, පොටෑසියම් වගේ පෝෂ්‍ය පදාර්ථ ගණනාවකින් පරිපූර්ණ වන මී පැණි ප්‍රබල ප්‍රති ඔක්සීකාරකයක්. ඒ වගේම මී පැණි වලට අපේ ශරීරයේ ඕනෑම නාලයක් තුළින් ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. මේ නිසා තමයි සමහර ඖෂධ මී පැණි සමග මිශ්‍ර කර ලබා දෙන්න කටයුතු කරන්නේ.

මී පැණි වල ගිල්වූ සුදුලූනු වලින් බික් එක බැගින් උදෑසන හිස් බඩ ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් පාලනයට විශාල උපකාරයක් ලැබෙනවා. ඊට අමතරව ඇස් වල පෙනීම වැඩි කරන්නත්, මළබද්ධය වගේ තත්ත්වයන් වළකාගන්නත්, තරබාරු පුද්ගලයන්ගේ ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගන්නත් ප්‍රතිලාභ රැසක්ම එයින් ලබාගන්න පුළුවන්.

නිවසේදීම මී පැණිවල ගිල්වපු සුදුලූනු බඳුනක් හදා ගනිමු

මුලින්ම සුදුලූනු ගෙඩි කිහිපයක් අරගෙන එහි පොතු ඉවත් කරගන්න. ඊට පස්සේ කට ලොකු වීදුරු බෝතලයක් අරගෙන ඊට මී පැණි දාගන්න. බෝතලයෙන් බාගයක් පමණ වෙන්න මී පැණි දාගත්තට පස්සේ හොඳීන් සුද්ද කරගත් සුදුලූනු බික් එම මී පැණි බෝතලයට දාන්න. සියල්ල එකවර නොදා . හෙමින් එකින් එක දානවා නම් මී පැණි මට්ටම උඩට එන විදිහ අනුව සුදුලූනු බික් දාන්න පුළුවන්.

ලෙඩරෝග ගණනාවකට දිව ඔසුවක් වන මේ සරල ආහාරය දැන් ඔබ සකසාගෙන අවසන්. හැබැයි හදපු ගමන්ම නම් මේවා ආහාරයට ගන්න බෑ. අවම වශයෙන් හදලා සති දෙකක් තුනක්වත් තියන්න ඕනේ. සති දෙකකට හෝ තුනකට පස්සේ බලනකොට මී පැණි වල උකු ගතිය නැති වෙලා දියර ගතිය වැඩි වෙලා තිබෙනවා දැකගන්නට පුළුවන්. එතකොට තමයි මී පැණි වල ගිල්වපු සුදුලූනු ආහාරයට ගන්න ඉතාමත්ම සුදුසු වෙන්නේ. හැම උදෑසනකම අවදිවුණාට පස්සේ හිස් බඩ මෙයින් සුදුලූනු බික් එකක් ආහාරයට ගන්න පුළුවන් නම් ඉතාම හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

කීර්ති එස් කුමාරගේ සටහනක් ඇසුරිණි

blog featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදවසේ කාලගුණ අනාවැකිය (සැප්තැම්බර් 24)
Next Article සුපිරි ක්‍රීඩක රොජර් ෆෙඩරර් ටෙනිස් පිටියෙන් සමුගනී
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.