Author: Buzzer Editor

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති තරඟයෙන් ලකුණු 79 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායස කඩුලු 8 ක් දැවී ලකුණු 152 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 74 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් Karthik Maiyappan කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර කඩුලු ත්‍රිත්වය ලෙස භානුක රාජපක්ෂ, චරිත් අසලංක හා දසුන් ශානක දැවී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ…

Read More

ශෙහාන් කරුණාතිලක විසින් රචනා කරන ලද “The Seven moons of Maali Almeida” නම් නවකතාව මෙවර බුකර් සම්මානය දිනාගෙන තිබෙනවා. බුකර් සම්මානය ග්‍රන්ථකරණයේ යෙදෙන්නන් හට හිමිවන නොබෙල් ත්‍යාගයට සමාන අගය කිරීමක් ලෙස හැඳින්වෙන අතර ශ්‍රී ලාංකිකයෙක්ට මෙම සම්මානය හිමිවන්නේ ප්‍රථම වතාවටයි. ඔහුගේ පලමු ග්‍රන්ථය වූ Chinaman කෘතිය ද ඉමහත් පාඨක ප්‍රසාදය දිනාගත්තා. ” වංචාව, දූෂණය, ජාතිවාදය අපට කිසිවක් ලබාදී නැහැ. මේ මතවාද කරපින්නාගෙන අපට වැඩි දුරක් යාමට නොහැකි බව නුදුරේදීම ශ්‍රී ලංකාව වටහා ගනු ඇති ” සම්මානය හිමිකරගැනීමෙන් අනතුරුව පැවැත්වූ කතාවේදී ශෙහාන් කරුණාතිලක පවසා සිටියා. Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකයෙක් ලෙස නම් කර සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පත් කර ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

Read More

අහුංගල්ල නගරයේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ වෙඩි තැබීම සිදු කිරීමට T56 ගිනිඅවිය ලබාදුන් පුද්ගලයා වන අතර ඔහු 41ක් හැවිරිදි කමාන්ඩෝ මාණ්ඩලික සැරයන්වරයෙක් බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ (16) එම සැකකරු රාජකාරී යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

යෙදවුම් සඳහා මුරපද වෙනුවට ශක්තිමත් සත්‍යාපනය ලබා ගැනීමට කාලය එළඹ තිබේ. ආරක්ෂක විශේසඥයන් වසර ගණනාවක් තිස්සේ මුරපදවල අනරක්ෂිත බව ගැන පුරෝකථනය කර ඇත. පසුගිය වසරේදී බ්‍රව්සර් නිෂ්පාදකයින් වන ගූගල්, මයික්‍රොසොෆ්ට් සහ මොසිල්ලා වැනි ආයතන සිය පළමු අනුවාදය නිකුත් කිරීම සඳහා යූබිකෝ, ඩුඕ සිකියුරිටි සහ නොක් නොක් ලැබ්ස් ඇතුළු සත්‍යාපන ආයතන සමඟ අත්වැල් බැඳ ගත්හ. මෙම ප්‍රමිතිය මාර්ගගත සේවාවන් සමඟ දැඩි ලෙස ආරක්ෂාකාරී වන අතර විවිධ මුරපද රහිත තාක්ෂණයන් කිහිපයක් භාවිතා කිරීමට එහිදී ඉඩලබාදෙයි. කෙසේවෙතත්, මෙම උත්සාහය සඳහා තවත් සංවර්ධකයින් අවශ්‍ය වේ. සත්‍යාපනය සඳහා මුරපද වලින් ඉදිරියට යාම පිළිබඳව සංවර්ධකයින් දැනගත යුතු ප්‍රධාන කරුණු සැලකීමේදී ව්‍යාපාරවලට මුරපද රහිත සත්‍යාපනය අවශ්‍ය වේ.…

Read More

ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉන්දීය රජය මෙම තීරණය ගෙන ඇත්තේ දේශීය තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසා ඇත. පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් තිරිඟු අස්වැන්න එරට තුළ පහළ ගොස් තිබීම තිරිගු පිටි මිල ඉහළ යෑමට එක් ප්‍රධාන හේතුවක් බව පැවැසෙයි. මේ වනවිට ණයවර ලිපි විවෘත කර ඇති සහ ආහාර සුරක්ෂිත අවශ්‍යතා සපුරාලීම සඳහා ඉල්ලුම් කර ඇති රටවල් සඳහා පමණක් තිරිඟු පිටි අපනයනයට අවසර ලබාදී ඇති බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දී තිබේ. මෙය තහනම තාවකාලික බව ද ඉන්දිය බලධාරීන් ප්‍රකාශ කර ඇත. අපනයන…

Read More

පසුගිය මාස 6 කට සාපේක්ෂව කරවල මිල 35%ත් 40%ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බව කරවල ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව දේශීය සහ විදේශීය කරවල තොග නිසි පරිදි ලැබීම හොඳ අස්වැන්නක් ලැබීම හේතුවෙන් සැළකිය මට්ටමකින් කරවල මිල අඩුවී ඇති බවයි එම සංගමයේ උප සභාපති ආර්.ජී. විල්සන් සඳහන් කළේ. පසුගිය කාලයේ පැවති ඩොලර් හා ඉන්ධන ගැටලුව හේතුවෙන් දේශීය ධීවර කර්මාන්තයට බලපෑම් එල්ල වූ බවත් කෙසේ නමුත් මේ වන විට දේශීය වශයෙන් හොඳ අස්වැන්නක් පැමිණෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

නාවලපිටිය නගරයේ විරෝධතාවක නිරත වී පොලිස් අත්අඩංගුවට පත්වූ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා ඇතුළු පහළොස් දෙනා ඇපමත මුදාහරින්නැයි නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා නියෝග කළේය. එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිමින් මහෙස්ත්‍රාත්වරයා නියම කරනු ලැබුවේ මොවුන් යළි දෙසැම්බර් මස 13 දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් නාවලපිටිය නගරයේ පැවති අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වීමට එරෙහිව මෙම විරෝධතාව නාවලපිටිය නගරයේ දී පැවැත්විය. (ලංකාදීප)

Read More

තේවලට, තේ පානයට අපේ රට කොචච්ර ප්‍රසිද්ධ වෙලා තිබුණත් තේ සම්බන්ධයෙන් කොයි කවුරුත් දැන සිටිය යුතුම අප්‍රසිද්ධ කාරණා කීපයක් ගැනයි මේ ලිපියෙන් කියන්න යන්නේ. තේවල මේ ජනප්‍රියත්වයට හේතුවෙලා තිබෙන්නේ තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය හා තේ පානයෙන් සිරුරට ලැබෙන උත්තේජන ගුණය නිසයි. තේ කුඩු භාවිතයට වඩා Green Tea භාවිතයෙන් තේ බොනඑක වාසියි ද? සාමාන්‍ය තේ කුඩුවලට වඩා ටී බෑග් එකක තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළයි. ටී බෑග් එකේ තිබෙන තේ කොළ අවශ්‍ය පමණට උණු වතුරට ස්පර්ශ වීමත් ඊටත් එක් හේතුවක්. ටී බෑග් එකක් මඟින් තේ එකක් හදාගැනීම පහසුයි. තේ කුඩු තේ හැන්දක් තරම්ම තේ කුඩු Tea Bag එකක තිබුණත් නිවසට පැමිණෙන අමුත්තකුට…

Read More

පවතින අයහපත් කාලගුණයත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු ව්‍යාප්තියේ අවදානමක් දක්නට ලැබෙන බවයි එහි ප්‍රජා වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ඉන්දික වීරසිංහ සඳහන් කළේ. ඉකුත් මාස 9 තුළ 60,000 ඉක්මවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙන බවයි සඳහන් වන්නේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සදහා සිය පරිශ්‍ර පිරිසිදු කරන ලෙසයි වෛද්‍ය ඉන්දික වීරසිංහ වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

Read More